Friday, December 10, 2010

3

EXE වලට මුර පදයක් දාමු..

  • Friday, December 10, 2010
  • Damith Marathunga
  • EXE file වලට මුර පදයක් දාන විධිය තමා අද මම කියන්න යන්නේ. මෙම මෘදුකාංය භාවිත කරල පුලුවන් EXE එකකට මුරපදයක් දාල ආරක්ෂා කරගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම මෙම මෘදුකාංගය බාගන්න. ඒ සදහා පහත යොමුව භාවිත කරන්න. ඉන් පසුව මෘදුකාංගය විවෘත කර රතු පාටින් රවුම් තර ඇති බටනය මත ක්ලික් කර ඔබට මුර පදය දැමිය යුතු EXE එක file එක තෝරන්න. ඉන් පසුව password යන text box එක මත ඔබට අවශ්‍ය මුර පදය යොදන්න. ඉන් පසුව cypt exe යන ස්ථානයේ ක්ලික් කරන්න. දැන් ඔබ තෝරා ගත් EXE file එක protect වී ඇත. විවෘත කර බලන්න. එවිට මුර පදය ඉල්ලනු ඇත. නිවරදි මුර පදය ‍යෙදූ පසු අදාල වැඩසටහන විවෘත වනු ඇත.


    read more

    Thursday, December 9, 2010

    3

    Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය

  • Thursday, December 9, 2010
  • Damith Marathunga
  • Microsoft සමාගම වෙතින් home users ලට ඒ කියන්නේ ගෙවල් වල පරිග‍ණක භාවිත කරන අලුතින් Anti virus මෘදුකාංගයක් හදුන්වල දීල. එහි නම තමා Microsoft Security Essentials. මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන මෘදුකාංගයක්.
    ඒත් Microsoft සමාගම කියන ආකාරයට මෙය භාවිත කරන්න පුලුවන්Windows Genuine copy ඒ කියන්නේ windows license ගත්ත අයට විතරයි. මෙය Virus, Spy ware ‍ඇතුලුව අනෙකුත් පරිගණකයට හානිකර මෘදුකාංග වලින් ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වෙනවා. වැඩිවිස්තර හා බාගැනීමට මෙතන කොටන්න.
    read more

    Thursday, December 2, 2010

    0

    COM Port එක වැඩද බලන්න හොද ක්‍රමයක්

  • Thursday, December 2, 2010
  • Damith Marathunga
  • Pic Programming, PLC Programming සහ තවත් නොයෙකුත් කාර්යන් වලට COM Port එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් COM Port එක ගොඩත් පරිගණක වල ඉක්මනට ක්‍රියා විරහිත වෙනවා. ‍ඒ වෙලාවට අනිත් Port ‍ව‍ගේ ඉක්මනින් මෙය වැඩකරන්නේ නැහැ කියල හොයා ගන්නත් අමාරැයි. ඉතින් ඒ වගේ වෙලාවට COM Port එක හරියටම වැඩද නැද්ද යන්න බලා ගන්න පුලුවන් විදියක් මම හොය හොය තමයි හිටියේ. මෙහෙ‍ම ඉන්නකොට තමා මට මේ වැඩේ කරන්න ලැබුනේ. මේක නම් හරිම සාර්ථක වුනා. හරියටම check කරගන්න පුලුවන්. ඔයාලටත් අවශ්‍ය වුනොත් කරල බලන්නකෝ. මෙන්න මෙහෙමයි කරන්නේ.

    මුලින්ම මෙයට අවශ්‍ය වෙනවා
    • COM Port male socket එකක්
    • විදුලි පාහනයක්
    • ඊයම්
    • කුඩා වයර් කැබැල්ලක්
    මුලින්ම COM Port male socket එක අරගෙන පහත රෑපයේ පරිදි විදුලි පාහනය ආධාරයෙන් පාස්සා ගන්න. මෙහිදී කරන්නෙ COM Port එකට loopback එකක් දැමීම. එවිට කුඩා මෘදුකාංගයන් බාවිතයෙන් මෙය test කරගන්න පුලුවන්.
    ඉන් පසු ‍socket එකේ cap එකට ඇණ එහෙම දාලා හදාගන්නකෝ. දැන් ඉතින් තියෙන්නේ ඉතුරැ ටික කරන්න කලින් මෙන්න මේ මෘදුකාංගය බාගන්න. දැන් COM Port socket එක COM Port එකට plug කරන්න. දැන් බා ගත්ත මෘදුකාංගය extract කරගෙන් එය පරිගණකයේ ස්ථාපිත කරගෙන එය විවෘත කරන්න.
















    මෘදුකාංගය විවෘත කිරීමෙන් පසු ඔබට test කිරිමද අවශ්‍ය COM Port එකෙහි අංකය ‍ලබා දෙන්න. ඉන් පසු ලැබෙන තිරයෙන් COM Port හි setting ලබා දෙන්න. එය තිබෙන් අයුරින්ම ඉදිරියට යන්න. දැන් F1, F2 ලෙස function key press කරන්න. එවිට ඔබ ලබාදෙන ක්මාන්ඩ් එක දෙවන කොටුවේද ලැබේ නම් COM Port එකෙ ක්‍රියාකාරී තත්වයේ පවතී. නැතහොත් COM Port එකෙ අක්‍රීය වී ඇත.

    ‍ක්මාන්ඩ් ආපසු ලැබෙන අයුරැ
















    read more

    Sunday, November 28, 2010

    1

    windows Media Player එකට Dolby Surround plug-in එකක්

  • Sunday, November 28, 2010
  • Damith Marathunga
  • windows Media Player එකට මෙම plug-in එක ස්ථාපිත කිරීම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා

    windows Media Player 10 or Later version
    Microsoft Windows 98SE/ME/2000/XP
    500 MHz CPU (600 MHz recommended)
    128 MB RAM
    1.3 MB Free drive space
    Multichannel sound card (except Turtle Beach)
    A minimum of 4 speakers


    මුලින්ම මෙම මෘදුකාංග බාගන්නකෝ
    දැන් මුලින්ම windows Media Player 10 ස්ථාපිත කරන්න. ඉන් පසුව Windows Media Player Dolby Surround II Plugin v1.4.2.0 තුල වූ csii_wmp_plugin_1_4_2_0 file මත් දෙවරක් ක්ලික් කර එය ස්ථාපිත කරන්න. දැන් windows Media Player එක විවෘත කරන්න. Instruções & Serial තුල වූ
    Username හා Serial එක enter කරන්න. ඒ සදහා CSII_Plugin_Manual(Ingles).pdf ‍තුල වූ විස්තර කිරීම භාවිත කරන්න. සියලු විස්තර මෙම manual එකෙහි අන්තරගත කර ඇත. මෙය මම බොහෝ කාලයක සිට භාව්ත කරන හොද මෘදුකාංගයකි.

    read more

    Friday, November 26, 2010

    2

    Pen Drive එකට මුර පදයක් දාමුද? USB.Secure.v1.5.0

  • Friday, November 26, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ Pen Drive එකට Password දාලා protect කරගන්න ක්‍රමයක් ගැන. මුලින්ම මෙන්න මේ මෘදුකාංගය බාගන්න මෙතන ඔබන්නකෝ. දැන් Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. ඉන් පසුව මෘදුකාංගය run කරන්න. දැන් අදාල මෘදුකාංගය Pen Drive එක තුල ස්ථාපිත වෙනු ඇත. දැන් Pen Drive එකය මත දෙවරක් ක්ලික් කර විට මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන් පසු ලැබෙන තිරයේ register ස්ථානයට text file එක තුල ඇති Serial Key හා Registration number එක ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය මුර පදයක් යොදා Pen Drive එක protect කරගන්න. උත්සහ කරල බලන්න. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් ප්‍රයොජනවත්.
    read more

    Thursday, November 25, 2010

    1

    Ubuntu වල Dongle එක Disconnect වෙනවද

  • Thursday, November 25, 2010
  • Damith Marathunga
  • Ubuntu වල සමහර වෙලාවට USB Dongle ‍එක Disconnect වෙනවා. ඒ වෙලාවට අයෙ Dongle ‍එක connect කරන්නත් බැහැ. සමහර වෙලාවට ඔගොල්ලොත් මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියෙන්නත් පුලුවන්. මට නම් මේක මහ වදයක් වුනා. ඉතින් නෙට් එකේ හොයල හොයල අන්තිමට ලැබුනා උත්‍තරය. කාට හරි උවමනා වෙයි කියල හිතල තමා post එක දාන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. වැඩිය පැහැදිලි කිරීම් නැතුව දාන්නම්කො..

    • මුලින්ම terminal එක open කරගන්න. root ගිනුමට log වෙන්න.
    • දැන් ls ගහලා බලන්න usb dongle එක අරගෙන ති‍යනවද කියලා. අරගෙන නැත්තම් අයෙත් ගලවල ගහල බලන්න. icon එක desktop එකට එන්න ඕන.






    • ඊ‍ට පස්සේ usb_modeswitch කියල මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕන. මම නම් මේක ස්ථාපනය කලේ dongle එකෙන් අන්තර්ජාලය ‍වැඩ කරන වෙලාවක. මේ සදහා පහත පරිදි කේතනය කරන්න. sudo apt-get install usb-modeswitch
    • ඉන් පසුව එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න. මෙම ගොනුව ලබා ගැනිම සදහා පහත පරිදි කේතනය කරන්න. එවිට ලැබෙන තිරයේ වෙනස්කම් සිදුකිරීම සදහා insert බටනය ඔබන්න.
    vim /etc/usb_modeswitch.conf

    ------------------ start of /etc/usb_modeswitch.conf -------------------------

    DefaultVendor= 0x12d1
    DefaultProduct= 0x1446

    TargetVendor = 0x12d1
    TargetProduct= 0x1001

    MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
    MessageEndpoint=0x01
    CheckSuccess=5
    ------------------ end of /etc/usb_modeswitch.conf --------------------------

    • ඉන් පසුව wvdial මෘදුකාංගය ස්ථාපනය කරගන්න
    apt-get install wvdial

    • එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න
    vim /etc/wvdial.conf

    ------------------ start of /etc/wvdial.conf -------------------------
    [Dialer Defaults]
    Init1 = ATZ
    Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
    Modem Type = USB Modem
    Baud = 460800
    New PPPD = yes
    Modem = /dev/ttyUSB0
    ISDN = 0
    Phone = *99#
    Password = ****
    Username = ****
    stupid mode = 1
    ------------------ end of /etc/wvdial.conf -------------------------

    මෙහි **** යන තැනට ඔබට username හා password එකක් ඇත්තම් පමනක් යොදන්න. නැතිනම් හිස්ව තබන්න.
    • දැන් ඔබ usb_modeswitch‍ ලෙස කේතනය කරන්න. තත්පර කිහිපයකට පසුව wvdial ලෙස කේතනය කරන්න. දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වනු ඇත.
    • සම්බන්ධතාවය විසන්ධි කීරිම සදහා Ctrl + C ඔබන්න.
    • මම මෙය සාර්ථකව අත්හදා බැලුව. ඔබටත් මේ ගැටලුව ඇත්නම් මෙය උත්සහ කරල බලන්න. ප්‍රශ්නයක් ති‍යනවනම් ඒ ගැන කියන්න.
    read more

    Friday, October 22, 2010

    9

    මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත

  • Friday, October 22, 2010
  • Damith Marathunga
  • ‍මේක $48.97 කියලා තමා දාලා ති‍බුනේ. මේකෙ ති‍යනවනෙ make offer කියලා. මම $35 කට offer කලා. seller $41 කට offer කලා. ඊට පස්සෙ මම ආයෙත් $38 කට දැම්මා. ඒ පාර මිනිහා offer accept කලා. ඒ ගමන මම මොඩම් එක ගත්තා.

    මොඩම් එකේ විස්තර පහතින් බලන්නකෝ

    Main Features

    HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
    HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
    UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
    EDGE packet data service with a maximum
    downlink transmission rate of 236.8kbps
    SMS service
    Auto installation, convenient for use

    Microsoft Windows requirements:

    • Standard USB interface
    • Microsoft Windows 2000, XP or Vista
    • Microsoft Internet Explorer 5.5 or higher
    • At least 50MB free disk space and 128MB RAM

    Apple Mac requirements:

    • Standard USB interface
    • Optimised for Power PC based Macs and Intel based Macs
    • Mac OS X Panther 10.3.9 or higher

    Auto switch frequency :YES










    read more

    Wednesday, September 29, 2010

    5

    අන්තර්ජාලයෙන් කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද?

  • Wednesday, September 29, 2010
  • Damith Marathunga
  • මමත් එක එක ptc සයිට් වලින් මුදල් හොයන්න පුලුවන්ද කියල උත්සහ කරල බැලුව. ඒත් ඒ සයිට් වල කියනව තරම් නම් ප්‍රතිපල ගන්න අමාරැයි. සමහර සයිට් වල සල්ලි‍ දෙන්නෙත් නැහැ. අපරාදෙ මහන්සිය. ඒවට මහන්සි වෙන වෙලාවෙ කෙහෙල් ගහක් හිටෙව්ව නම් කෙහෙල් කැන වත් විකුන ගන්න ති‍බුන කියල මට හිතෙනව.

    Google ad sense නම් හොදයි. ඒත් මගෙ ad sense account එක active වෙන්නෙ නැහැ.

    එක සයිට් එකක් නම් හම්බ වුනා ඒකෙන් නම් paypal වලට මුදල් එවනවා. මම ඒකත් කියන්නම්කො. ඒ සයිට් එක තමා www.paidtoclick.co.in. එත් මේකෙ දවසට ads 4යි click කරන්න පුලුවන්. ඒකෙන් ලැබෙන්නෙ $0.10 යි.‍ ඔයාලටත් ඕන නම් try කරල බලන්න පහත යොමුවෙන්.




    ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමා internet එකෙන් ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද කියන එක. මේ ගැන දන්න අය ඉන්නව නම් ඒ ගැන මටත් කියල දෙන්න. මම හිතනව මෙම ලිපියට යහපත් ප්‍රතිචාර ලැබෙයි කියලා. සල්ලි හොයන්න පුලුවන් විස්වාසවන්ත සයිට් තියෙනව නම් ඒ ගැනත් කියන්න.

    අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද? comment එකක් දාලම යන්න.
    read more

    Monday, September 20, 2010

    1

    ලිනක්ස් Terminal Command වලින් Back up Disks - clone hard disk

  • Monday, September 20, 2010
  • Damith Marathunga
  • මෙම කේතනය භාවිත කරල Hard Disk එකේ Data Back up කර ගැනීම හා Disk එකේ Copy එකක් ගැනීම කරන්න පුලුවන්. මට මෙය ලැබුනේ English Blog අඩවියක තිබිල.

    Clone a Hard disk before making changes to it is a great way to be sure you can go back to the previous state.

    I usually do that before a major Linux upgrade on my servers, if something brokes during the update I can easily go back.

    And the command is as easy as:

    dd if=/dev/hda of=/dev/hdb

    Where if is the input media and of is the output media, be sure to avoid mistakes, as you can ruin your hard disk.

    Backup to an image

    If you prefer you can also save to an image, instead of using a whole disk as the target.

    dd if=/dev/sda of=~/backup-disk-YY-MM-DD.img

    If you want to store it on a CD or DVD, just follow this way.

    First compress it

    gzip ~/backup-disk-YY-MM-DD.img

    Burn the image on the CD/DVD

    cdrecord -v speed=8 dev=0,0,0 name_of_iso_file.iso

    Restore backups

    To restore the images, just exchange the if and of targets.

    Example:

    dd if=~/backup-disk-YY-MM-DD.img of=/dev/sda

    Note:

    Be sure to, not mess with

    /dev/sda, /dev/hda, /dev/sda1.. etc... you can check the mounted points using the command df. It may have an output like this:

    Filesystem           1K-blocks      Used Available Use% Mounted on
    /dev/hda3 74786624 57024748 13962908 81% /
    /dev/hda1 101086 36808 59059 39% /boot
    none 513256 0 513256 0% /dev/shm

    Or maybe like this:

    /dev/disk/by-uuid/fc8f5296-7bd8-463a-87af-87c6d2215ff9
    42034200 15579204 24319972 40% /
    read more

    Sunday, September 5, 2010

    0

    USB Port එකට ‍Firewall එකක්

  • Sunday, September 5, 2010
  • Damith Marathunga
  • USB pen එකේ තියෙන autorun.inf file එක pen එක ඇතුලේ hidden වෙලා තියෙන්නෙ. මේ නිසා අපට pen එක විවෘත කරල බලනකොට මෙය පේ‍නනේ නැහැ. අපි pen එක double click කරනකොට වෛරස් exe run වෙනවා. ඊට පස්සෙ ඉතින් වෛරස් එක අයින් කරන්න දගලන්න ඕනනෙ. මේ මෘදුකාංගයෙන් pen එකේ autorun.inf file එක තිබුනොත් ඒක පෙන්න‍නවා. එම autorun.inf file එක සමග run වන වෛරස් exe එකත් පෙන්වනවා. එවා delete කරන්නත් පුලුවන්. ඉතින් ‍USB pen පරිගණකයට plug කරනකොට මෙයත් යම් තාක් දුරට වෛරස් ඒම වලක්වා ගන්න පුලුවන් මෘදුකාංගයක් වේවි. මෙයින් සමහර වෛරස් නම් පෙන්වන්නේ නැහැ. මමත් මේක භාවිත කරනවා. autorun.inf file හදුනාගන්න ඒවා delete කරන්න නම් මේ මෘදුකාංගය ගොඩක් හොදයි. බා ගෙන බලන්නකො.

    Download Usb Firewall
    read more

    Thursday, September 2, 2010

    5

    4G තක්ෂණය කරලියට පැමිණේ.

  • Thursday, September 2, 2010
  • Damith Marathunga
  • ලෝකය පුර‍ා ජංගම දුරකථන සදහා 2G (GSM) තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනු ලබනවා. නමුත් 2G (GSM) තාක්ෂණයේ තිබෙන ලොකුම බාධාව තමා දත්ත සම්ප්‍රේෂණ වේගය සිමා සහිත වීම. මෙය ‍2G (GSM) තාක්ෂණය සතු දුර්වලතාවයක්. මෙම දුර්වලතාවය වි‍ඩියෝ සංවාද විඩියෝ, file බා ගැනීම වැනි ක්‍රියාවලින්ට ලොකුම බාධාවක් ව පවතිනවා. මෙම දුර්වලතාවය නිවරදි කිරීම සදහා එනම් GSM network එක තුල Data transfer speed එක වැඩි දියුණු කිරීම සදහා විවිද අලුත් තාක්ෂණයන් කරලියට එමින් තිබෙනවා. ඉන් පලමු වැන්න තමා 2.5G GPRS තාක්ෂණය. මෙය GSM තාක්ෂණයට වඩා දත්ත සම්ප්‍රේෂණය කාර්යක්ෂමව සිදු කල නමුත් එය ප්‍රමාණවත් වේගයක් වුනේ නැහැ. මැතකදී හදුන්වා දුන් 3G (WCDMA/UMTS) technology එක තුලින් දත්ත සම්ප්‍රේෂණ ක්‍රියාවලිය තුල පැහැදිලි වෙනසක් ඇති කලා. මෙහි උපරිම දත්ත සම්ප්‍රේෂණ වේගය වන්නේ 2Mbps.

    ‍දැන් මේ වේගයත් අභිභවා යන තාක්ෂණයක් ඇවිත්. ඒ තමා 4G technology එක. මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 100Mbps සිට 1Gbps දක්වා යන්න පුලුවන්. මෙහි 100Mbps යනු outdoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වන අතර 1Gbps indoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වේ.

    මෙම තාක්ෂණය වේගවත් විඩියෝ සංවාද සේවා රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් සදහා උපකාරී වන බව සදහන් වේ. මෙහි bandwidth එක 100 MHz තරම් පුලුල් අගයක් ගනී. ඒ වගේම මෙහි දත්ත සම්ප්‍රේෂණ පිරිවැයද ස‍ාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම තවත් පහසුවක් ලෙස හැදින්විය හැකිය. තවද මෙහි IP networks නෙට්වරක් එක IPv6 මත පදනම් වු එකකි. ‍ඒනිසා ඉතා පුලුල් සම්බන්ධතාවයක් පවත්වා ගත හැකිවනු ඇත. ඒ වගේම වැඩි දියුනු කල ආරක්ෂක උපක්‍රමද මෙහි අන්තර්ගත කොට ඇති බව වාර්ත වේ.

    මෙහි ඇති පහසුකම් නම් මුලු ජාලයම packet switched (IP based) තාක්ෂණය මත ක්‍රියාත්මක ‍වේ. ඉහල bandwidth එකක් ලාබදායි ලෙස සම්ප්‍රේෂණය කල හැකි වීම හැදින්විය හැකිය.

    නුදුරැ අනාගතයේම අපටත් 4G තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලබෙනු ඇත.

    read more

    Wednesday, September 1, 2010

    0

    USB Pen Drive එක encrypt කර password එකක් දාමු.

  • Wednesday, September 1, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ ඔ‍බගේ usb pen drive එකට ආරක්ෂාවක් සලසා දෙන මෘදුකාංගයක් ගැන. Storagecrypt v4.0.0 මෙම මෘදුකාංගය භාවිතයෙන් usb pen drive එක password එකක් යොදා encrypt කර ගත හැකිය. මෙම මෘදුකාංගය portable මෘදුකාංගයක් ලෙස භාවිත කල හැකි නිසා පහසුවෙන් භාවිත කල හැකිය. දැන් මම කියන්නම් කොහොමද මෙම මෘදුකාංගය භාවිතයෙන් usb pen drive එක protect කර ගන්නේ කියලා.
    • මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කර එය run කරන්න.
    • Choose Disk Drive කොටසේ ඇති Drive වලින්pen drive එක තෝරන්න.
    • Portable Use‍ කොටසේ ඇති full තෝරන්න.
    • ඔබට අවශ්‍ය password එකක්‍ ‍තෝරාගෙන එය enter password තුල වු text box වලට දී encrypt මත මවුස් ක්ලික් කරන්න
    • දැන් pen drive එක විවෘත කර බලන්න. එහි file සියල්ලම නොපෙනී යන අතර මෙම මෘදුකංගය pen drive එකට copy වී ඇති බව ඔබට දැක ගන්නට පුලුවන.
    • දැන් ඔබට අවශ්‍ය විට windows run වන ඕනම පරිගණකයක මෙම මෘදුකාංය භාවිත කර pen drive Decrypt කර භාවිතයට ගත හැකිය.
    මෙම මෘදුකාංගය භාවිතයෙන් ඔබගේ දත්ත ආරක්ෂාකාරී ලෙස ගබඩා කර තබා ගත හැකි වනු ඇත. මෙම මෘදුකංගය පහත යොමුවෙන් බා ගන්න.

    Download Storagecrypt v4.0.0
    read more

    Tuesday, August 31, 2010

    0

    USB Pen එක Write Protect කරන්න දන්නවද?

  • Tuesday, August 31, 2010
  • Damith Marathunga
  • USB Pen එක Write Protect කරන්න පුලුවන් මෘදුකංගයක් මට ලැබුන. ඒ ගැන තමා මම මේ කියන්න යන්නේ. මේ මෘදුකංගය භාවිත කරල USB Pen එක Write Protect කරගන්න පුලුවන්. එවිට USB Pen එක තුල කිසිම folder‍ සැදිය නොහැකි අතර file කොපි කිරීමට ද නොහැකිය.
    පහත යොමුව තුලින මෘදුකාංගය බාගන්න. ඉන් පසුව එහි ඇති ‍files ඔබගේ USB Pen එක තුලට ‍කොපි කරන්න. ඉන් පසු UsbWriteProtect.exe එක run කර usb write protection on/off විකල්ප දෙකෙන් ඔබට අවශ්‍ය කරන විකල්පය තෝරා close විධානය click කරන්න. දැන් ඔබේ USB Pen එක පරිගණකයෙන් ගලවා නැවත සම්බන්ධ කර බලන්න. එය තුල folder‍ හෝ file කොපි කිරීමට ද නොහැකිය. මෙම ක්‍රමය උපයෝගී කර ඔ‍බගේ Pen එක වෛරස් වලින් ආරක්ෂා කර ගත හැකිය.
    මෘදුකාංගය බා ගන්න.

    ‍Pen එක encrypt හා decrypt කරගන්නා ආකාරය පිළිබද ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

    මේ ලිපිය කියවල ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න. මොකද ලිපියකට comment එකක් ලැබුනාම පොඩි ගැම්මක් තියනවනෙ.
    read more

    Monday, August 30, 2010

    4

    ඔක්කොම ලට පට ටික එකම තැටියක (All in One)

  • Monday, August 30, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් CD එකක් ගැන. මේ CD එක ගැන මම දැන ගත්තේ මීට අවුරැදු 4කට විතර කලින්. ඒ මම computer course එකක් කරන කාලෙක. එදා ඉදන් අද දක්වා මේ CD එකෙන් මම ගොඩක් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මට CD එක ලැබුන කාලෙ වෙනකොට මෙහි 5වන සංස්කරණය තමා ඇව්ත් තිබුනේ. ඒත් අද වන විට මෙහි 11 වන සංස්කරණයත් ඇවිත් තියෙන්නෙ.

    මේ CD එක තමා Hiren's BootCD. මෙම CD එකේ අපට අවශ්‍ය වන මෘදුකාංග රාශියක්ම අන්තර්ගත කරල තියෙනවා. ඒ නිසයි ගොඩක් වැදගත් වෙන්නේ. මෙහි අන්තර්ගත මෘදුකාංග අතර Antivirus tool, hard disk partition tool, recovery software, hard disk repair tool, disk clone tool, mini windows, password reset tool, diagnostics tool අදී මෘදුකාංග එකතුවක් දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වයක් නම් මෙය bootable මෙන්ම windows run වන විට වුවද මෘදුකාංග ක්‍රියකරවිය හැකි වීමය. මෙම CD එක ඔබගේ usb pen එකටද install කර ගත හැකිය. එය සිදු කරන ආකාරය ඊලග ලිපියෙන් කියන්නම්. usb pen එකට install කර ගත් පසුව භාවිතය සදහා වඩාත් පහසුය. එවිට වඩාත් පහසුවෙන් ගෙන යා හැකි නිස ඕනම අවස්ථාවක පරිගණකය usb එකෙන් පණගන්වා මෙම මෘදුකාංග හා වැඩ කල හැකිය. මෙම CD එක ඔබ සැමට ප්‍රයෝජනවත් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

    නොමිලේ බාගැනීම සදහා පහත යොමු වලට යන්න.
    මෙම CD අන්තර්ගත මෘදුකාංග වල විස්තරයක් පහත සදහන් කර ඇත.

    Backup Tools
    CopyWipe 1.
    COPYR.DMA Build013
    Double Driver 3.0
    DriveImage XML 2.14
    DriverBackup! 1.0.3
    Drive SnapShot 1.40
    FastCopy 2.01
    G4L Ghost 4 Linux 0.34a
    GImageX 2.0.17
    InfraRecorder 0.50
    Partition Image - PartImage 0.6.9
    Partition Saving 3.80
    RegBak 1.0
    Raw Copy 1.2
    ShadowCopy 1.00
    SelfImage 1.2.1.92
    Smart Driver Backup 2.12
    WhitSoft File Splitter 4.5a
    XXClone 0.58.0

    BIOS / CMOS Tools
    Award DMI Configuration Utility 2.43
    !BIOS 3.20
    BIOS Cracker 5.0
    BIOS Utility 1.35.0
    CMOS 0.93
    DISKMAN4
    Kill CMOS
    UniFlash 1.40

    ඉතුරැ ටික මෙතනින් ගන්න>>

    read more

    Friday, August 27, 2010

    4

    Domain User Account එකක් Auto Logon කරන්නේ කොහොමද?

  • Friday, August 27, 2010
  • Damith Marathunga
  • ඔන්න ලගදි මට ප්‍රශ්නයක් ආව. ප්‍රශ්නෙ මේකයි. computer එකක් තියෙනවා. ඒක Domain එකට ඇඩ් කරන්නත් ඕන. එහෙම වුනත් ඒ computer එක Automatically log on‍ වෙන්නත් ඕන. මොකද ඒ computer එකේ දුවන්නේ online meal ordering system එකක්. ඒ computer එක automation. computer එක operate කරන්න කවුරැත් නැහැ. switch on කරන්න විතරක් එතන ඉන්න එක්කෙනෙක් ඉන්නවා. එයා දන්නෙ ඉතින් switch on කරන්න විතරයි. මොකද එයා guard room එකේ ඉන්න security. මට කියන්න බැහැ එයාට ‍user name password ගහලා computer එකේ log on වෙන්න කියලා. මොකද ඕක කිවුවොත් මිනිහ වැඩේ නානවා. ඉතින් මේකට විසදුමක් මටම හොයන්න වුනා. මම මේක කලින් නම් දැනගෙන හි‍ටියෙ නැහැ. මේක කාට හරි ඕන වෙයි කියල හිතලයි බ්ලොග් ‍එකේ දාන්නෙ. Domain එකට computer එක ඇඩ් කලාම user name password එක්කනේ log වෙන්න ඕන. ඉතින් මෙතන user name password ගහන්න කවුරැත් නැති නිසා online meal ordering system එක දුවන්නෙ නැහැ.
    ඉතින් මම මේක internet ගොඩක් හෙවුවා. අන්තිමට මට උත්තරයක් ලැබුනා. ඉතින් මම ඒ වැඩේ සාර්ථකව කලා. කරපු විදිය මෙන්න.

    • මුලින් computer එක Domain එකට ඇඩ් කරන්න.
    • ඊලගට admin account එකට ලොග් වෙන්න.
    • start -> run -> regedit ගහලා enter කරන්න.
    • ඊට පස්සේ මේ පාත් එ‍කට යන්න HKEY_LOCAL_MACHINE ->> SOFTWARE ->> Microsoft ->> Windows NT ->> Current Version ->> Winlogon
    • ඉන් පසු දකුණු පසට එන තිරයේ "DefaultDomainName" එක right click කරලා modify click කරලා Domain Name type කරන්න.














    • ඉන් පසුව "DefaultUserName" double click කර logon වීමට අවශ්‍ය username එක කේතනය කරන්න.















    • ඉන් පසුව mouse right click ->> New ->> String Value click කර පසුව එන සංවාද කො‍ටුවට DefaultPassword ලෙස නව String Value එකක් ඇඩ් කරන්න.















    • දැන් අවසාන අදියර ලෙස දකුණුපස ඇති තිර‍යේ වු AutoAdminLogon මත right click කර modify click කර එහි 0 ලෙස ඇති අගය 1 ලෙස වෙනස් කර ok කර එම තිරයෙන් ඉවත් වන්න.
    • දැන් පරිගණකය නැවත පණගන්වන්න. එය automatically log on වනු ඇත.
    read more

    Tuesday, August 24, 2010

    1

    ඇසට නොපෙනෙන Mouse

  • Tuesday, August 24, 2010
  • Damith Marathunga
  • පරිගණකය ගැන කතා කරන විට Mouse එක විශේෂ තැනක් ගන්නවා. Mouse එක දිනෙන් දින අලුත් අලුත් වෙනස්කම් වලට පත් වුනා. අතී‍තයේ පැමිණි Mouse එක ඔබට මතක ඇති. serial port එකට plug කර වැඩ කල හැකිව තිබුනා. ඉන් පසුව Optical mouse, wireless mouse පැමිණියා. දැන් අලුත්ම හදුන්වා දීම තමා ඇසට නොපෙනෙන මවුස්. මෙය අධොරක්ත කි‍රණයක් මගින් ක්‍රියාකරන අලුත්ම Mouse එකක්. මෙයට හදුන්වන්නේ mouseless යන නමින්ය. මෙය හදුන්වා දී ඇත්තේ Pranav Mistry, Patti Maes and Liyan Chang යන අයයි. මේ සදහා මෘදුකංගය ලියා ඇත්තේද මෙම පිරිසයි.

    මෙම තාක්ෂණයට අනුව පරිගණකයට අධොරක්ත උපකරණයක් සවිකල යුතු අතර එහි කිරණ රැසක් විහිදේ. මෙයින් විහිදෙන කිරණ හදුනා ගන්න‍ට කැමරාවක්ද ඇත.

    සාමාන්‍යයෙන් Mouse තිබේ යැයි සලකා එම ස්ථානයේ අත තබා ගත යුතුය. ‍අධොරක්ත කිරණ රැසක් එතනට වැටී පවතී. අපි දබර ඇගිල්ලෙන් Mouse ක්ලික් කල විට වෙනස් වන අධොරක්ත කිරණ ධාරාව කැමරාව විසින් හදුනා ගනී. ඉන් පසු සිදු වු‍ වෙනස්කම් පරිගණකය වෙත දන්වයි. ඇගිල්ල එහා මෙහා ගෙන යන විට මවුස් පොයින්ටර එක ඊට අදාලව වෙනස් වේ.

    මෙහි ව‍ටිනාකම ඇමරිකානු ඩොලර 20 වෙන බව www.gadgetvenue.com වෙබ් අඩවියේ දැක්වේ. (රැ 2000ක්). පහත වි‍ඩියෝ දර්ශනය මගින් එහි ක්‍රියාකාරිත්වය දැක්වේ. උ‍පුටා ගැනීම www.gadgetvenue.com වෙබ් අඩවියෙනි.

    read more

    Sunday, August 22, 2010

    4

    Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

  • Sunday, August 22, 2010
  • Damith Marathunga
  • ම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. ‍ email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔ‍බ‍ගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන.
    • පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
    • ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
    • එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
    • ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
    • Add forwarding Address මත මව්ස් ඔබන්න.
    • ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk











    • ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.





    • දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.




    • මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
    read more

    Saturday, August 21, 2010

    6

    ලංකාවේ කොම්පියුටර් හදන ‍හොරැ...

  • Saturday, August 21, 2010
  • Damith Marathunga
  • ඔන්න මේ ලගදි දවසක ම‍ගේ යාලුවෙක් මට කිවුවා මචං මගේ කොම්පියුටර් එක කැඩිල දැන් මාස ගාණක්. එක තැනකට දුන්න හදන්න එතනින් කිව්වා මදර්බෝඩ් එක දාන්න ඕන කියල. පොඩ්ඩක් බලල දෙන්න මොනවද දාන්න ඔනේ කියලා. ඉතින් මමත් ගියා යාලුව එක්ක බෝඩිමට කොම්පියු‍ටර් එක බලන්න. මම ඉතින් කොකටත් කියල ram එකකුත් අරගෙන ගියා. ගිහින් බලනකොට මුල්ලකට දාල තියෙනවා කොම්පියු‍ටර් එක. ඒ ගමන ඇදල අරගෙන මකුලු දැල් ටික එහෙම කඩල on කලා. කිසිම සද්දයක් නැහැ. fan එක වැඩ කරනව විතරයි. ඊට පස්සෙ මම ram එක ගලවල මම ‍අරන් ගිය ram එක ගහල ආයෙත් on කලා. එත් කිසිම ප්‍රගතියක් නැහැ. මම ඉතින් දන්න සෙල්ලම් දැම්ම. BIOS reset කලා කරන්න තියෙන් හැම දේම කරල බලල බැරි තැන හිතුව මදර්බෝඩ් එක පිච්චිලා කියලා. මම යාලුවටත් කිව්ව මේකෙ නම් මදර්බෝඩ් එක පිච්චිලා වගේ කියලා. මේ අතරේ මට හිතුන processor එකත් ගලවල බලන්න. ඉතින මම Cooling fan එක ගැලෙව්වා. අප්පස සිරි.... processor නැනෙ. මම ඇහුව කෝ මේකේ processor එක කියල. යාලුව කිව්ව මම නම් දන්නේ නැහැ එදා හදන්න අරං ගිහින් ගෙනවට පස්සේ අද තමා on කලේ කියලා. හදන්න අරං ගිය තැනින් processor එක ගලවගෙන තමා කොම්පියුටර් එක යාලුවට දීල තියෙන්නේ. මාස 06කට විතර කලින් තමා හදන්න දීල තියෙන්නෙ. ඉතින් ඒ වෙනකොට පරක්කු වැඩියි මිහිහව අල්ල ගන්න. අන්තිමට ‍processor එකකට ආයෙත් වියදම් කරල දාන්න තමා වුනේ.

    මම මේ කතාව කිව්වේ ඔගොල්ලොත් කොම්පියුටර් එක හදන්න දෙනව නම් විස්වාසවන්ත තැනකට දෙන්න. නැත්තම් නැති ලෙඩ ඇති කරල අතේ තියන ගානකට තට්ටු කරන්න තමා හදන්නේ. කොම්පියුටර් එක හදන්න දෙනව නම් හොද කල්පනාවෙන්...
    read more
    2

    New Folder.exe වෛරස් එක පරිගණකයෙන් ඉවත් කරන ආකාරය

  • Damith Marathunga
  • New Folder.exe වෛරස් එක හැමෝම වගේ දන්නවා ඇතිනේ. පුදුම වදයක් තමා මේ වෛරස් එක ආවොත්. හැම Folder එකක් ඇතුලෙම වෛරස් එකක් හදනවා. අපි Folder එකක් විවෘත කලොත් අපි විවෘත කල Folder එකේ නමින්ම තව Folder එකක් හදනවා. මේක තමා මේ වෛරස් එක හදුනා ගන්න පුලුවන් ක්‍රමය. හොදට බලන්න ඒක ‍Folder එකක් ව‍ගේ පෙනුනට ඇත්තටම ඒක Folder එකක් නෙමේ. ඒ Folder එක උඩ දකුණු මවුස් බොත්තම ඔබල Properties ගිහින් බලන්න පෙන්නනෙ Application කියල.
    ඉතින මේ වෛරස් එක කොහොමද අපි ඉවත් කර ගන්නෙ. ක්‍රම කිහිපයක්ම තියෙනවා. මම හදන්නේ මේ වැඩේ මෘදුකාංගයක් භාවිත කරල කරන්න. මේකේ නම තමා SDFix.exe.

    • ඉස්සෙල්ලම මේ මෘදුකාංගය බා ගන්න මෙතන ඔබන්නකෝ.
    • ඊලගට මෘදුකාංගය විවෘත කරන්න.
    • එවිට එහි ඇති සියලු ගොනු C දෘඩ තැටිය තුල SDFix නමින් නව ගොනුවක් සෑදී එයට ඇතුලු වනු ඇත.
    • ඉන් පසු පරිගණකය නැවත පණ ගන්වන්න.
    • පරිගණකය නැවත පණ ගැන්වීමේදී F8 යතුර එබූ විට ලැබෙන තිරයෙන් Safe Mode තෝරා‍ ගන්න.
    • පරිගණකය desktop එකට පැමිණි පසු start -> run Click කර මෙම විධානය කේතනය කරන්න C:\SDFix\RunThis.bat පසුව OK විධානය දීමෙන් පසු දිස් වන තිරය‍ට y කේතනය කර ඉදි‍රියට යන්න.
    • දැන් පරිගණකය Scan වීමට පටන් ගනී. මේ සදහා ටික වේලාවක් ගත වනු ඇත.
    • පසුව පරිගණකය නැවත පණගැන්වීමට අවසර ඉල්ලයි. ඉන් පසුව Scan වී අවසන් බව දර්ශනය ‍වනු ඇත.
    • ඉන් පසු පරිගණකයේ ඇති වෛරස් ඉවත් වනු ඇත.
    මම නම් මේ වැ‍ඩේ සාර්ථකව කලා. මේ ප්‍රශ්නෙ ආවොත් කරල බලන්නකෝ....
    read more
    3

    Autorun.inf වෛරස් එක සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් Delete කරන්නෙ කොහොමද?

  • Damith Marathunga
  • මෙම වෛරස් එක ඉවත් කරන්න ක්‍රම කිහිපයක් ම තියනවා‍‍.
    01 ක්‍රමය

    command promt (CMD) එක විවෘත කර පහත පරිදි type කරන්න.

    del /a:rhs [driveletter]:autorun.inf
    මෙහි [driveletter] සමග ඔබ යොදන Hard disk partition Latter එක යොදන්න. එවිට විධානය මෙසේ දිස්විය යුතුය .

    del /a:rhs D:autorun.inf

    ඒ ආකාරයටම වෛරස් ඇති සියලුම partition වලට මෙම විධානය දෙන්න. මෙම විධානය දුන් පසුව පරිගණකය Reboot කරන්න.

    01 ක්‍රමය

    මෙම ක්‍රමය මෘදුකාංගයක් භාවිත කරමින් ‍මෙම වෛරස් එක ඉවත් කිරීමයි. මෙහිදී ඔබගේ USB Pen එක Plug කර මෙම මෘදුකාංගය ක්‍රියාතමක කල විට එහි ඇති වෛරස් සියල්ල ඉවත් වෙනු ඇත. ඉන් පසුව පරිගණකය Reboot කරන්න.

    මෘදුකාගය භා ගැනීමට මෙතන ඔබන්න.

    read more
    2

    Subnet Calculate ලේසි ක්‍රමයකින් කරන්න

  • Damith Marathunga
  • මම අද කියන්න යන්නේ තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි. මේක ගැන දැනටමත් දන්න අයත් ඇති නොදන්න‍ කෙනෙක් හි‍ටියොත් ප්‍රයොජනවත් වෙයිනේ. අපි නෙට්වරක් Field එකේ ඉන්න අපට නිතරම. IP Subnet Calculate කරන්න වෙනව. ඒ‍ වෙලාවට ඉතින් කොල වල ලිය ලියා ඕක කරන්න බැහැනේ. එක්කො හිතින් හදා ගන්න ඕන. නැත්තම් ලේසි මෘදුකාංගයක් භාවිත කරන්න ඔන. මම මේ කියන්න යන්නේ ඒ වගේ ලේසියෙන් Subnet Calculate කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන. මේක "Boson Subnet Calcutater". මේ මෘදුකාංගයෙන් පුලුවන් IP එකක් දුන්නාම host ලා ගණන subnet ගණන broadcast address , wildcard mask ඇතුලු විස්තර ගොඩක් ඉක්මනින් Calculate කරන්න පුලුවන්.

    මට නම් මේ මෘදුකංගය ගොඩක් ප්‍රයෝජනවත් වුනා. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් බා ගෙන බලන්න.

    මෙන්න මෙතනින් බා ගන්න.
    read more

    Friday, August 20, 2010

    0

    පරිගණකයේ Pen Drive Disable කරන්නේ කොහොමද?

  • Friday, August 20, 2010
  • Damith Marathunga
  • අදත් මම කියන්න යන්නේ පුංචි මෘදුකාංගයක් ගැන මේක "IntelliAdmin Usb Disabler". පරිගණක වලට වෛරස් බෙදාහරින්නේ අපි එදිනෙදා file රැගෙන යන්න භාවිත කරන Pen Drive එක කිව්වොත් නිවැරදියි. එහෙම වුනත් Pen Drive කියන්නේ මටනම අත්‍යාවශ දෙයක්. කොහොම වුනත් යම් අවස්ථාවක ඔබට ‍Pen Drive පරිගණකයට Plug කරන එක වදයක් වුනොත් USB Port එක Disable කරන්න සිද්ධ වෙනවා. ඒත් ඉතින් usb printer එකක් එහෙම ගහල තියෙනව නම් කොහොමද USB Port එක Disable කරන්නේ. එතකොට printerඑක වැඩ කරන්නෙ කොහොමද? මේ‍ වගේ ප්‍රශ්න වැඩියෙන් එන්නෙ office වල තමා. ඔක්කොගේම pen ගෙනල්ලා ගහනවා. වෛරස් ගියම ඉතින් අපි නාන්න ඔනේ. ඒකට හොද විසදුමක් තියෙනවා.

    USB Port එකට Plug කරන Pen Drive විතරක් block කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමටය අනුව USB Port එකට Plug කරන අනිත් Device වැඩ කරනවා. මේ ක්‍ර‍මය මෙහෙයුම් පද්ධතියේ රෙජිස්‍ටරි එක edit කරලත් කරන්න පුලුවන්. නැත්තම් ලේසිම ක්‍රමය තමා මම ‍ඉහතින් රෑපයේ දක්වා තිබෙන මෘදුකාංගය මගින් තත්පර ගාණකදි කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය run කරල "Disable USB Drives" tic එක දාලා apply විධාන බොත්තම එබුව නම් ඉතින් පෙන් ගහනව බොරැ. බොරැ නම් කරල බලන්නකෝ!!

    මෙන්න මෙතනින් බා ගන්න
    read more

    Thursday, August 19, 2010

    3

    එක ගලෙන් කු‍රැල්ලො 8 දෙනෙක් (Remove Restrictions Tool)

  • Thursday, August 19, 2010
  • Damith Marathunga
  • "එක ගලෙන් කු‍රැල්ලො 8 දෙනෙක්" කිවුවාම ඔගොල්ලො බලනව ඇති මොකක්ද මේ කතාව කියලා මම කියන්නම් පරිගණකයත් එක්ක වැඩ කරන අපිට තියන ලොකුම බාධාවක් තමා වෛරස් වෛරස් නිසා අපට නොයකුත් ප්‍රශ්න මතු වෙනවා. සමහර වෛරස් නිසා පරිගණකයේ දත්ත පවා විනාශ වෙනවා ඒ ගැන නෙමෙයි මම කියන්න යන්නෙ. ඔබ දන්නවා ඇති වෛරස් එකක් තියනවා පරිගණකයේ Folder Options, Run, Registry Editor, Firewall, Task Manager, Task Bar, Hidden Files වගේ පහසුකම් අක්‍රීය කරනවා. ඒ කියන්නේ වෛරස් එක ක්‍රියාත්මක වෙලා පරිගණකයේ රෙජිස්‍ටරි එක වෙනස් කරනවා. ඒ නිසා තමා මෙම පහසුකම් අක්‍රිය වෙන‍්නෙ. මේ වගේ වෙලාවට එම පහසුකම් නැවත යථා තත්වයට පත් කරන්න වෛරස් ගාඩ් එකට හැකියාවක් නැති අවස්ථා ඕන තරම් තියනවා. ලංකාව තුල තවම මුදල් වැය කර වෛරස් ගාඩ් ස්ථාපිත කිරීම අඩුවෙන් සිදුවන නිසා වෛරස් හේතුවෙන් සිදුවන අපහසුතා ඔබ කවුරැත් මුහුණ දීල ඇති.
    ඉතින් වෛරස් එකක් නිසා ඔබගේ පරිගණකයේ folder options නැති වුනොත් එය යථා තත්වයට පත් කර ගන්න ඔබට රෙජිස්‍ට්‍රිය edit කරන්න වෙනවා. එය පරිගණකයේ ගොනු සැලසුම පිළිබද මනා අවබෝධයක් ඇතිව කරන්න ඕන. එහෙම අවබෝධයක් නැති කෙනෙකුට මෙම කාර්්‍යය ‍ඉතා පහසුවෙන් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන කියන්නයි මේ හදන්නේ. ඉහතින් රෑපයේ දක්වා ඇති අන්දමට ඔබට යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම තෝරා ගැනීමෙන් පසුව GO ‍යන විධානය දීමෙන් පසුව ඔබ තෝරා ගත් පහසුකම යථා තත්වයට පත් වනු ඇත.

    වෛරස් නිසා ඇති වන අපහසුතා වලට මේ වගේ මදුකාංග ලග තියාගෙන ඉන්න එක ඉතාම වැදගත්.

    ‍මෙම මෘදුකාංගය බා ගැනීම සදහා මෙතන ඔබන්න


    read more

    Wednesday, August 18, 2010

    5

    Firefox අලුත්ම සංස්කරණය එළි වුනා

  • Wednesday, August 18, 2010
  • Damith Marathunga

  • ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ වෙබ් බ්‍රවුසරයක් ලෙස සැලකිය හැකිය. Firefox සංස්කරණය රාශියක් එළි දැක්වූ නමුත් ඒවායේ යම් යම් ගැටලු දක්නට ලැබුනි. ‍මොසිල්ලා පදනම මෙවර මහජන පැමිණිලි ද සැලකිල්ලට ගෙන Firefox අලුත්ම සංස්කරණය ලෙස Firefox4 Beta සංස්කරණය පසුගිය ජුලි මස 06 අත්හදා බැලීමේ සංස්කරණය එළි දක්වන ලදී.

    ‍අලුත් සංස්කරණයේ වෙනස්කම් රාශියක් දැක ගන්න පුලුවන්

    මෙහි දක්නට ලැ‍බෙන අලුත් පහසුකම් නම්
    • මල්ටිටච් පහසුකම - එනම් ටච් ස්ක්‍රීන් සහිත පරිගණයක මෙම බ්‍රවුසරයක් ක්‍රියාත්මක කල හැකි සේ සකසා තිබීමය.
    • ‍වෙබ් ජීඑල් පහසුකම - ත්‍රීඩී ගැපික්ස් සහිත වෙබ් ‍අඩවි අමතර ප්ලගින් ස්ථාපිත නොකොට බලාගන්නට හැකි වීම.
    • ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමේ පහසුව - එනම් භාවිත කරන්නාගේ අවශ්‍යතාවය අනුව අමතර ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමට ඇති හැකියාවයි මෙහිදී ඇඩ් ඔන් කළමණාකරණය සදහා වෙනම ‍ටැබ් එකක් ඇත.
    • ‍මෙනු බටන් අන්තර් ගත කොට තිබීම - මෙහිදී නිතර භාවිතා කරන ප්‍රධාන විධාන සදහා බටන් එකතු කර තිබීම.
    • HTML 5 සහ CSS සදහා සහය දැක්වීම - මෙය HTML 5 ලැන්වේජ වලට ගැලපෙන සේ නිර්මණය කර තිබීම.
    මේ වන විට ලොකයේ බොහෝ දෙනෙක් Firefox මෘදුකාංගය භාවිතයට යොමු වී ඇත Firefox අලුත්ම සංස්කරණය පහතින් බා ගන්න.

    Firefox අලුත්ම සංස්කරණය බා ගන්න මෙතන ඔබන්න.


    lankablogger
    read more

    Monday, August 16, 2010

    0

    Format Factory 1.70 ගැන...

  • Monday, August 16, 2010
  • Damith Marathunga
  • විඩියෝ /ඔඩියෝ ෆයිල් Convert කරන විට අපට සදහා tool එකක් භාවිතා කරන්න වෙනව. සදහා tool සොයන විට අපට ලෑබෙන ගොඩක් ඒව trail version. ඒ නිසා අපට අවශය කාර්යය නිවෑරදිව කරගන්න ලෑබෙන්නෙ නෑහෑ. ‍බොහොමයක් වල විනාඩියක් වගේ පොඩි කාලයක් තමා Convert කරන්න දෙන්නෙ. සමහර විට අපි ලග තියන විඩියෝ එක එකට tool කරන්නෙ support නෑති වෙන්නත් පුලුවන්. ඉතින් මේ ප්‍රශ්නයට උත්තරයක් විදියට හොද tool එකක් ගැන කියන්නයි මම හදන්නෙ.

    මේ tool එකේ නම තමා "format factory". මේ tool එක භාවිත කරල ඔබට පුලුවන් ඕනම Video එකක් ඕනම format එකකට convert කර ගන්න. Audio Video මේ ඕනම ගොනුවක් ඕනම format එකකට convert කර ගන්න මේ tool එකට පුලුවන්.

    ඔබටත් මේ එක බා ගන්න ඔනෙ නම් පහත link එක click කරන්න

    http://isohunt.com/torrent_details/193157421/avi+to+swf?tab=summary

    read more

    Receive Free Updates

    Subscribe