Thursday, November 25, 2010

1

Ubuntu වල Dongle එක Disconnect වෙනවද

  • Thursday, November 25, 2010
  • Damith Marathunga
  • Share
  • Ubuntu වල සමහර වෙලාවට USB Dongle ‍එක Disconnect වෙනවා. ඒ වෙලාවට අයෙ Dongle ‍එක connect කරන්නත් බැහැ. සමහර වෙලාවට ඔගොල්ලොත් මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියෙන්නත් පුලුවන්. මට නම් මේක මහ වදයක් වුනා. ඉතින් නෙට් එකේ හොයල හොයල අන්තිමට ලැබුනා උත්‍තරය. කාට හරි උවමනා වෙයි කියල හිතල තමා post එක දාන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. වැඩිය පැහැදිලි කිරීම් නැතුව දාන්නම්කො..

    • මුලින්ම terminal එක open කරගන්න. root ගිනුමට log වෙන්න.
    • දැන් ls ගහලා බලන්න usb dongle එක අරගෙන ති‍යනවද කියලා. අරගෙන නැත්තම් අයෙත් ගලවල ගහල බලන්න. icon එක desktop එකට එන්න ඕන.






    • ඊ‍ට පස්සේ usb_modeswitch කියල මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕන. මම නම් මේක ස්ථාපනය කලේ dongle එකෙන් අන්තර්ජාලය ‍වැඩ කරන වෙලාවක. මේ සදහා පහත පරිදි කේතනය කරන්න. sudo apt-get install usb-modeswitch
    • ඉන් පසුව එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න. මෙම ගොනුව ලබා ගැනිම සදහා පහත පරිදි කේතනය කරන්න. එවිට ලැබෙන තිරයේ වෙනස්කම් සිදුකිරීම සදහා insert බටනය ඔබන්න.
    vim /etc/usb_modeswitch.conf

    ------------------ start of /etc/usb_modeswitch.conf -------------------------

    DefaultVendor= 0x12d1
    DefaultProduct= 0x1446

    TargetVendor = 0x12d1
    TargetProduct= 0x1001

    MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
    MessageEndpoint=0x01
    CheckSuccess=5
    ------------------ end of /etc/usb_modeswitch.conf --------------------------

    • ඉන් පසුව wvdial මෘදුකාංගය ස්ථාපනය කරගන්න
    apt-get install wvdial

    • එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න
    vim /etc/wvdial.conf

    ------------------ start of /etc/wvdial.conf -------------------------
    [Dialer Defaults]
    Init1 = ATZ
    Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
    Modem Type = USB Modem
    Baud = 460800
    New PPPD = yes
    Modem = /dev/ttyUSB0
    ISDN = 0
    Phone = *99#
    Password = ****
    Username = ****
    stupid mode = 1
    ------------------ end of /etc/wvdial.conf -------------------------

    මෙහි **** යන තැනට ඔබට username හා password එකක් ඇත්තම් පමනක් යොදන්න. නැතිනම් හිස්ව තබන්න.
    • දැන් ඔබ usb_modeswitch‍ ලෙස කේතනය කරන්න. තත්පර කිහිපයකට පසුව wvdial ලෙස කේතනය කරන්න. දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වනු ඇත.
    • සම්බන්ධතාවය විසන්ධි කීරිම සදහා Ctrl + C ඔබන්න.
    • මම මෙය සාර්ථකව අත්හදා බැලුව. ඔබටත් මේ ගැටලුව ඇත්නම් මෙය උත්සහ කරල බලන්න. ප්‍රශ්නයක් ති‍යනවනම් ඒ ගැන කියන්න.

    1 Responses to “Ubuntu වල Dongle එක Disconnect වෙනවද”

    Roshan said...
    December 9, 2010 at 3:22 PM

    බොහොම ස්තූතියි. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනව.Ubuntu පාවිච්චිය නවත්වන්නත් ඕක හේතුවක් උනා. මමත් මේකට විසදුම් හෙව්වත් හරිගියේ නෑ.බලමු මේක කරල....


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe