Sunday, October 30, 2011

3

Send Blaster මෘදුකාංගය ගැන දන්නවද?

  • Sunday, October 30, 2011
  • Damith Marathunga
  • මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්.

    email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩක් පහසුකම් තියනවා. විස්තර ටික පහලින් බලන්නකෝ.








    Create impact e-mail

    • Using our free templates
    • Creating it with the embedded editor
    • Creating it with an external HTML editor
    • Asking your Web designer to create a professional custom template

    Build your permission based list

    • Create customizable forms for your web site.

    Analyze results of your mailings

    • An effective email marketing requires to analyze data. SendBlaster & Google Analytics let you know if after reading emails your customers purchase your products, subscribe your website or finalize goals you setted in your Google Analytics.
    මෙන්න ටොරන්ට් එකක් තියනව බාගෙන බලන්නකෝ. මීට වඩා හොද මෘදුකාංගයක් ගැන දන්නවනම් එකක් share කරන්න.
    මේ විඩියෝ එකත් බලන්න.

    read more

    Wednesday, October 5, 2011

    4

    මෙන්න ගෙනාව Repair Incompletely Downloaded ZIP Files

  • Wednesday, October 5, 2011
  • Damith Marathunga
  • ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ කාලෙකින්. අද ගෙනාව තවත් මෘදුකාංගයක්. මම ඒ ගැන කියන්නම් දැන්.

    ඉන්ටනෙට් එකෙන් files බානකොට සමහර ZIP Files open වෙන්නෙ නැති වෙනවනෙ. මෙන්න මේ මෘදුකාංගය මගින් පුලුවන් ඒ files repair කරගන්න.
    වැඩි කතා ඔනේ නැහැ.  මෙන්න මෙතනින් බාගන්නකෝ.
    read more

    Monday, July 18, 2011

    1

    සටනක නිමාව

  • Monday, July 18, 2011
  • Damith Marathunga
  • ටික කාලෙකින් තමා ලිපියක් ලියන්නේ. හේතුව කලින් කිව්වනේ. මගේ ලින්ක් එක ගෙදරට වැඩ කරන්නේ නැති වුනා. කොහොම හරි ඉතින් Dialog එක්ක මාසයකට වැඩි කාලයක් මරා ගත්ත. මේල් ගැහුව. complain දැම්ම. කොහොම හරි මාස එක හමාරක් විතර කට්ටක් කාල අද පරිගණකය ඔන් කරල සුපුරැදු පරිදි ලින්ක් එක connect කරල google.com ගියා. මෙන්න බොලේ කඩාගෙන බිදගෙන ගියෙ නැතෑ google එකට. මටත් හිතා ගන්න බෑ. බැලුව mobile partner එක. download 1.4 mbps විතර පෙන්නුව. බලන්නත් ආසයි. ඔන්න අද නම් මාරම හැපී. පහුගිය දවස් වල හිටියෙ එපාම වෙලා. office එකේදි ඉතින් අපේ වැඩක් කරගන්න වෙලාවක් කොහොද. ඔන්න ඔහොමයි ඒ ප්‍රශ්නෙ කෙලවර වුනේ. දැන් ඉතින් ආයෙත් බ්ලොග් ලියන්න පුලුවන්.
    read more

    Friday, June 24, 2011

    6

    Facebook comments Box එකක් Blog එකට දාන්න

  • Friday, June 24, 2011
  • Damith Marathunga
  • Facebook comments Box එකක් Blog එකට දාගන්න කැමති අය ඉන්නව නම් මෙන්න අවස්ථාව තියනවා. මෙමගින් post කරන comment කෙලිනම මුහුණු පොතේ පෙන්නුම් කරනවා. ඒ වගේම මෙය Hotmail, AOL, Yahoo සමගත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.







    මුලින්ම මේ ලින්ක් එක  හෝ පහත දෙවනි ලින්ක් එක සොයන්න.






    ඉන් පසුව ඉහත code එකට පසුව පහත සදහන් code එක paste කරන්න.



    මෙහි dark scheme මාරැ කරන්න අවශ්‍ය නම් light කියන එක මකල dark කියල type කරන්න.
    Comments box එකේ ප්‍රමාණය වෙනස් කරන්න අවශ්‍ය නම් width='520' වෙනස් කරන්න.
    footer credits size එක change කරන්න නම් width:510px වෙනස් කරන්න.
    දැන් Save your template කරන්න.

    ඔන්න දැන් වැඩේ හරි. දැන් බ්ලොග් එකට ගිහින් බලන්න. comment එකක් දාලම යන්න. ඔන්න මම ගියා....
    read more

    Tuesday, June 21, 2011

    6

    Anti Virus වැඩසටහන් වෛරස් අල්ලන ක්‍රම

  • Tuesday, June 21, 2011
  • Damith Marathunga
  • අපි පරිගණකය භාවිත කරනකොට තියෙන්න ඕන අනිවාර්්‍ය මෘදුකාංගය තමයි වෛරස් ගාඩ් එක. ඒක නැත්තම් ඉතින් විදින්න වෙන කරදරය අපි ඔක්කොම හොදටම දන්නවනේ. වෛරස් ගාඩ් එක කොහොමද මේ Virus,Worm,Trojan අල්ල ග‍න්නේ. ‍මේ ගැන හොයන අයට නොදන්න අයට ප්‍ර‍යෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන අද ලියන්න හිතුවෙ.

    වෛරස් ගාඩ් කිව්වහමත් ඉතින් කොච්චර නම් තියනවද? ඒ අතරින් හොද වෛරස් ගාඩ් තියෙන්නේ කිහිපයයි. ප්‍රධාන වශයෙන්ම Anti virus program එකෙන් virus අල්ලන ක්‍රම 4ක් තියනව. ඒ තමා 

    1.Signature Based Scan.
    2.Heuristic Based Scan.
    3.Threat Sense Technology.
    4.Artificial Intelligence (Behavioral Antivirus Programs).
    5.Proactive Defense.
    දැන් බලමු එකිනෙක අතර වෙනස්කම් ගැන

    Signature Based Scan
    Signature Based Scan කිරීම තුලින් සිදු කරන්නේ පරිගණකයේ වල Signature එක Scan කර එය වෛරස් ගාඩ් සැපයුම් කරැවන් කලින් ලබා දී ඇති වෛරස් අඩංගු file වල Signature හා සසදා ඒ හා ගැලපෙන්නේ නම් එම file එක වෛරස් එකක් ලෙස නම් කිරීමයි.

    Macfee Lab එකෙහි දත්තයන්ට අනුව සාමන්‍යයෙන් දිනකට වෛරස් 250 පමණ මුදා හැරෙන අතර එම නිසා මෙම Signature Based Scan තුලින් හදුනා නොගත් වෛරස් අල්ලා ගැනීමට නොහැකි ය. එයට හේතුව අලුත් සදහා Signature පිලිබද විස්තර වෛරස් ගාඩ් එක සතුව නොමැති වීමටයි. ඒ හේතුවෙන් ‍හදුනා නොගත් වෛරස අල්ලා ගැනීමට දියුණු තාක්ෂනයක් භාවිත කිරීමට සිදු වේ.

    Heuristic Based Scan
    මෙම ක්‍රමය භාවිත කරන්නෙ අලුත් හදුනා නොගත් වෛරස් අල්ලා ගැනීමටය. මෙම වෛරස් ඇන්ටි වෛරස් පද්ධතිය කලින් හදුනා නොගත් ඒවා වේ. මෙම සේවාව සපයන්නේ වෛරස් ගාඩ් කිහිපයක් පමණයි. බොහො ඒවා අල්ලන්නේ කලින් හදුනා ගත් වෛරස පමණයි. මුලින්ම heuristic engine එකක් හදුන්‍වා දුන්නේ 1989 දී ඒ DOS viruses අල්ලන්න. 

    මෙම ක්‍රමයෙන් file Scan කරන විට වෛරස් ගාඩ් එක අදාල file විස්තර හා එහි අඩංගු command පරික්ෂා කර එහි ප්‍රතිපලයක් වශයෙන් එය වෛරස් එකක්ද යන්න තීරනය කරයි.

    Threat Sense Technology
    ටික කාලෙකට කලින් මුලින්ම වෛරස් එකක් අන්තර්ජාලයට එකතු වුනාම එය antivirus experts ලට monitor කරන්න ලැබෙන්නේ දවස් 15 - 30 අතර කාලකදී. ඉතින් ඒ වෙනකොට වෛරස් එක කරන්න ඕන දේවල් ‍ඔක්කොම කරල. සමහර විට මිලියන ගානකට වෛරස් එක නිසා හානි වෙලා. මේ නිසා තමා Threat Sense Technology හදුන්වල දු‍න්නේ.
    මේ තාක්ෂනය යටතේ වෛරස් ගාඩ් එක පරිගණකයේ ව්‍යාජ ලෙස පෙනෙන හෝ භාවිත කරන්නා නොමග යවන සුලු file දෙස හොදින් නිරික්ෂනය කරනවා. නමුත් කිසිම action එකක් ගන්නේ නැහැ. ඊලගට වෛරස් ගාඩ් එක යාවත්කාලීන වන විට මෙම file එක security experts ලට යවනවා. ඉන් පසුව ඔවුන් එය පරික්ෂා කොට එය වෛරස් එකක් නම් එයට signature එකක් හදනවා. මෙම ක්‍රියාවලියට දින 3-4 අතර කාලයක් තමා ගත වන්නේ.

    Artificial Intelligence
    මෙම ක්‍රමයෙන් වෛරස් ගාඩ් එක පරිගණකයේ සියලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා. මේ අතර යම් අවධානම් ක්‍රියාකරකමක් file එකක් මගින් ඇති වනවා නම් එය භාවිත කරන්නාට දැනුම් දී එයට ‍එරෙහිව තෝරා ගැනීමට action දෙනවා. delete හෝ quarantine කිරීමට. මෙය තමා Artificial Intelligence කියන්නේ.

    Proactive Defence
    මෙම ක්‍රමය මුලින්ම භාවිත කලේ Kaspersky. මෙම ක්‍රමයෙන් කරන්නේ යම් වැඩසහනක් execute වෙනකොට ඒ පිලිබද user ට දැනුම් දී එය allow හෝ block කිරීමට අවස්ථාව සලසා දීමයි.

    ඔන්න ‍ඔහොම තමා වැ‍ඩේ යන්නේ. ඉතින් මම මේ පිලිබදව ලිව්වේ මගේ දැනුමට,අත් දැකිම් හා අන්තර්ජාලයෙන් සොයා ගත් කරැණු වලට අනුවයි. මෙහි මට සදහන් කරන්න බැරි වුන යමක් තියනවනම් ඒ පිලිබදවත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. එවිට අපි කාගෙත් දැනුම වර්ධනය කර ගන්න පුලුවන්.
    Comment එකක් දාන්නත් අමතක කරන්න එපා....
    read more

    Monday, June 20, 2011

    7

    මැකුවොත් මැකුවමයි!!! ඉක්මනට බා ගන්න...

  • Monday, June 20, 2011
  • Damith Marathunga
  • අදත් ආව තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මේක තමා Eraser. මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම හදුන්වා දෙන්නම්. 
    අපේ memory chip වල pen  වල වැදගත් files දානවනෙ. අපි pen එක කා‍ට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා. මේ තත්වය මත් අපේ පුද්ගලිකත්වය අවධානමකට ලක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. ‍මම අද කියන්න යන්නේ නැවතත් files recovery කිරීමේ සම්බාවිතාවය අවම කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. Eraser මෘදුකාංගය මගින් දත්ත 99% දක්වා සම්පූර්ණයෙන්ම මකන්න පුලුවන්.
    තවත් මෙහි ඇති වාසි 
    • User friendly
    • Secure drive erasure methods are supported out of the box
    • Erases files, folders and their previous deleted counterparts
    • Works with an extremely customizable Scheduler
    • It works with any drive that works with Windows
     මමත් මගෙ pen එක Eraser එකෙන් මකල recovery පාරක් දාල බැලුව. වැඩේ නම් අති සාර්ථකයි. කරැමෙට එක file එකක් වත් recovery වුනේ නෑනේ.
     
      දැන් ඉතින් විස්තර කිව්ව ඇති. මම ලින්ක් එක දෙන්නම්කො බාගෙන බලන්න. මමත් තාම මේක ගැන study කරනවා. මෙන්න මෙතන ඔබන්‍නකෝ.

      සැ.යු - මෙම මෘදුකාංගය ස්ථාපිත කරන්න නම් .Net framework 3.5 sp1 අවශ්‍ය වෙනවා. .Net framework 3.5 sp1 offline installer එක බා ගන්න මෙතන ඔබන්න.

      ඔන්න එහෙනම් මම ගියා. follow කෙනෙක් වෙලා comment එකක් දාලා උදව්වක් කරන්න.

      read more

      Friday, June 17, 2011

      3

      Mirror Folder දෙකක් හදා ගන්න මෙන්න මෘදුකාංගයක්

    • Friday, June 17, 2011
    • Damith Marathunga
    • Mirror Folder එකක් කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නව ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්නවනම් දැන ගන්න මම කියන්නම්කෝ. Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්‍. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍මම නම් කරල බැලුව. සාර්ථක ක්‍රමයක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කරල බලන්න. network location එකකට වුනත් sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍ඒ නිසා කාර්්‍යාල කටයුතු වලට නම් ප්‍රයෝජනවත් වෙනවා. ‍මෙන්න බා ගන්න.

      ප්‍රශ්න තියනවනම් අහන්න. කියල දෙන්නම්. මම හිතන්නේ ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන එකක් නැහැ. ඔබේ අදහස් තියල යන්නත් අමතක කරන්න එපා.
      read more

      Monday, June 13, 2011

      12

      මෙන්න තවත් Broadband කථාවක්

    • Monday, June 13, 2011
    • Damith Marathunga
    • ටික කලෙකින් ලිපියක් ලින්න බැරි වුනා. දන්නවනේ ඉතින් ලංකාවේ ඉන්ටනෙට් එක. කොට කොට තැපෑලෙන් යන් ඉන්‍ටනෙට් එකත් එක පාරටම නැවතුනා. ඔන්න කලින්ම මම mobitel 8GB එක භාවිත කලේ. ඒකත් මාරම ස්ලෝ... ඊමේල් යවන්න වෙන මහන්සියෙන් පයින් ගිහින් මැසේජ් එක දීල එන්න පුලුවන්. පට්ටම ස්ලෝ.. හැමදාම 8GB වලින් 3GB වත් භාවිතා කරල නැහැ. ටොරන්‍ට් එකක්වත් භා ගන්න බැහැ. ඒ වුනාට බිල නම් එනව ලස්සන කොලේක. කොහොම හරි මොබිටෙල් එක විසන්ධි කරල High Speed ඉන්ටනෙට් යන්න කියල ගත්ත Dialog 2GB එකක්. අප්පට සිරි ගත්ත අලුත නම් මාරම Speed. ටොරන්ට් එනව 200mbps විතර. මටත් ඉතින් මාර ආතල්. කොහොම හරි ඉතින් මාස 3ක් විතර ගියා. මේ මාසෙ 3වෙනිද ඉදන් මාර විදියට ස්ලො වෙලා ලින්ක් එක. කතා කලා පාරිභෝගික සේවයට. නලවල කරල කිව්ව අපි ඉක්මනට බලල හදල දෙන්නම් කියල. ‍අනේ ඉතින් මමත් බලාගෙන ඉදල ඉදල දවස් 2කින් විතර ගත්ත ආයෙත් කෝල් එකක්. එදත් ඉතින් සනීපෙට ඔලුව අතගාල reminder එකක් දාන්නම් කිව්ව. මමත් ඉතින් හරි කියල හිටිය. දැන්නම් ඉන්ට‍නෙට් යන්නම බැහැ. අඩුම ගානේ gmail, skype වලට වත් සම්බන්ද වෙන්න බැහැ. මටත් දැන්නම් හොදටම මල. ඇයි යකෝ මුන් වෙලාවට බිල එවනවා. bandwidth එක ඉතුරැයි. ඒ මදිවට වැඩක් කර ගන්නවත් නැහැ.

      කතා කලා ආයෙත්. ආයුබෝවන් සර්..කියල ‍එහෙම පටන් ගත්ත. මම කිව්ව විස්තරය. මෙන්න මේකි බලල කියනව සර් මේක විසදන්න අපිට පැය 4320 ක් යනව කියල. මට හිටිය තැනත් අමතක වෙලා කොයිල් පැන්න. ගාන හදා ගන්නවත් බැහැ. ටක් ගාලා cal එක අරගෙන බෙදල බෙදල බැලුව. පිස්සු හැදෙයි මාස 06ක් යනවලු. මම ඇහුව එතකොට මම මාස 06 ක් යනකම් ඉන්ටනෙට් භාවිත කරන්න එපාද කියල. මාස 06ක් යනකම් මගේ rental එක ඇඩ් වෙනවද කියල ඇහුව. මෙන්න මේකි කියනව ඔව් සර් බිල් හැදෙන්නේ automatically system එකෙන්. ඒක සර්ට ගෙවන්න වෙනව කියල. ඒ ගමන මම ඇහුව දැන් මොකක්ද මේකට දෙන විසදුම කියල. ‍ගත්ත කටටම මේකි කියපි link එක disconnect කරන්න කියල. මට මාරම මල. බැනල බැනල call එක කට් කලා.

      ‍දැන් ඉතින් මට ගන්න ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් නැහැ. signal 3ක් 4 ක් තියනවා. ඒත් පට්ටම slow. කියන්නේ නම් අධිවේගී අන්තර්ජාලය කියල.‍ මෙලොම රහක් නැහැ. අන්තර්ජාල සැපයුම් දෙන කොම්පැනි වල අල්ලේ නැටවෙන අපි පව්‍ නේද?
      read more

      Sunday, May 22, 2011

      2

      Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන්න.

    • Sunday, May 22, 2011
    • Damith Marathunga


    • ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.
      • පස්සේ Text: කියන තැන ඔබට display වීමට අවශ්‍ය වචන ටික කොටන්නකෝ.
      • ඊට පස්සේ Click to change colors අවශ්‍ය විදියට colors change කරගන්න.
      • දැන් save කරන්න.
      • පසුව එන window එකේ playlist forums එකේ click here  කියල තියනවා. එතන ක්ලික් කරල code එක පිටපත් කරගන්න
      • එය ඔයාගේ Blog එකේ HTML/JavaScript Add  විදියට paste කරන්න.
      • දැන් පොඩි වැඩක් තියනවා. මේ අඩවියෙන් දෙන code එක අපේ Blog අඩවියේ width එකට ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම ගැටලුවක් ආවොත් කරන්න තියෙන්නේ width එක Blog අඩවියේ width එකට set කරන එක. code එකේ width="800" කියල තියනවා. ඔයාට තියෙන්නේ 800 කියන එක තව වැඩි කරන්න. මගේ අඩවියට නම් මම දාල තියෙන්නේ 950.
      • ඉන් පසුව යටින් වැටෙන I made this widget at MyFlashFetish.com. කොටස ඉවත් කරගන්න අවශ්‍ය නම් පහත සදහන් කොටස ඉවත් කරන්න.


      • දැන් save කරල බලන්න වැඩේ සාර්ථකද කියල. 
      • ප්‍රශ්න තිබුනොත් අහන්නකෝ.
      comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
      read more

      Friday, May 20, 2011

      2

      සහෝදර දිලුම් ඔබට නිවන් සුව සුව!!!

    • Friday, May 20, 2011
    • Damith Marathunga
    • සසර සරනා තුරා යලිදු කිසි විට ඔබට මෙවන් අකල් මරණයක් අත් නොවේවා!
      read more

      Monday, May 16, 2011

      1

      Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.

    • Monday, May 16, 2011
    • Damith Marathunga
    • ඔන්න ඉතින් අයෙත් ලිපියක් ලියන්න හිතුන නිවාඩුවක් ලැබුන නිසා. මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.

      මුලින්ම start ක්ලික් කරල run යන්න.
      දැන් type කරන්න cmd කියල.
      open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට enter කරන්න.
      හරි දැන් diskpart විවෘත වෙන්න ඇති බලන්න Command Prompt එකේ DISKPART> කියල තියනවද කියල.
      ඊලගට Hard Drive Partition ටික list කරල බලන්න list volume කියල type කරල enter කරන්න.






      දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා select volume 5 කියල type කරල enter කරන්න. මෙහි volume 5 යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ.

      දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ. remove letter f කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි.

      දැන් බලන්න my computer විවෘත කරල. වැඩේ හරි නේද...

      දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ. ඒ සදහා පෙර ලෙසම F Partition එක තෝරන්න. ඉන් පසු assign letter F ලෙස type කරල enter කරන්න. එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා.

      ඔන්න එහෙනම් මම ගියා. හිතට එන දෙයක් කුරැටු ගාලම යන්න.
      read more
      5

      Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාමුද?

    • Damith Marathunga
    • ඔන්න අදත් ආව අලුත් දෙයක් අරගෙන. මම දැන් කියන්න ය‍න්නේ රෑපයේ තියනව වගේ Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාන විදිය. මේ මෘදුකාංගය portable එකක්‍. මෙමගින් xp, vista, windows 7 මෙහෙයුම් පද්ධති වල menu එක වෙනස් කරන්න පුලුවන්. කරන්නේ මෙහෙමයි

      මෘදුකාංගය බාගෙන විවෘත කරන්න. මේ මෘදුකාංගය භාවිත කරන්න admin rights තියෙන්න ඕනෙ කියලත් මතක තියගන්න‍.

      ඊලගට Install DLL කියල ක්ලික් කරන්න.
      දැන් ඔබට අවශ්‍ය රැපය තෝරන්න (Browse Image)
      දැන් Apply කියල ක්ලික් කරන්න. එතකොට massage එකක් එයි “Context Menu Image Successfully Changed!” කියල දැන් බලන්න Background එක මාරැ වෙලාද කියල.

      ඔන්න කරන විදිය මම රැපයකුත් දැම්ම‍.




















      මෙම රැපය ඉවත් කරගන්න ඕනෙනම් Uninstall DLL කියල ක්ලික් කලා නම් හරි‍. දැන් හරිනේ. මේ ඔක්කාම කිවුවත් තාම ඉතින් බා ගන්න ලින්ක් එක දු‍න්නෙ නැනෙ මම. ඔන්න ‍එහෙනම් බාගන්න.

      Download 7 Context Menu Image Changer

      comment එකකුත් දාලම යන්න.
      read more

      Sunday, May 15, 2011

      0

      Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි නැති වුනාද

    • Sunday, May 15, 2011
    • Damith Marathunga
    • Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්වේ.
      read more

      Tuesday, May 10, 2011

      1

      මෙන්න Handwriting Style Fonts Collection එකක්

    • Tuesday, May 10, 2011
    • Damith Marathunga
    • ඔන්න මම ගෙනාව Handwriting Style Fonts Collection එකක්. මම හිතන්නේ ඔගොල්ලන්ට මේක ප්‍ර යෝජනවත් වෙයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්න.






      Celine Dion Handwriting

      handwriting-fonts-collection-series-one-01

      Download

      Cursive Handwriting Tryout

      handwriting-fonts-collection-series-one-02

      Download

      Otto

      handwriting-fonts-collection-series-one-03

      Download

      Miss Brooks

      handwriting-fonts-collection-series-one-04

      Download

      Valerie

      handwriting-fonts-collection-series-one-05

      Download

      BudHand

      handwriting-fonts-collection-series-one-06

      Download

      Hannahs Messy Handwriting

      handwriting-fonts-collection-series-one-07

      Download

      Tall Paul

      handwriting-fonts-collection-series-one-08

      Download

      Victoria’s Secret

      handwriting-fonts-collection-series-one-09

      Download

      Libby Script

      *includes two font types

      Note: The second font displays with an automatic double-spacing appearance.

      handwriting-fonts-collection-series-one-10

      Download

      Saphire

      handwriting-fonts-collection-series-one-11

      Download

      Tale Crafter

      handwriting-fonts-collection-series-one-12

      Download

      Harrowprint

      handwriting-fonts-collection-series-one-13

      Download

      Nymph’s Handwriting

      handwriting-fonts-collection-series-one-14

      Download

      Fishalicious

      handwriting-fonts-collection-series-one-15

      Download

      JI Starfish

      handwriting-fonts-collection-series-one-16

      Download

      Serpentina

      *includes two font types

      handwriting-fonts-collection-series-one-17

      Download

      Alternika Millenium

      handwriting-fonts-collection-series-one-18

      Download

      Maidstone

      handwriting-fonts-collection-series-one-19

      Download

      Tattoo GirlFW

      handwriting-fonts-collection-series-one-20

      Download

      Worstveld Sling

      *includes seven font types

      handwriting-fonts-collection-series-two-01-a

      handwriting-fonts-collection-series-two-01-b

      handwriting-fonts-collection-series-two-01-c

      Download

      Sophie

      handwriting-fonts-collection-series-two-02

      Download

      Runoff

      handwriting-fonts-collection-series-two-03

      Download

      Takachan

      handwriting-fonts-collection-series-two-04

      Download

      Jenna

      *includes two font types

      handwriting-fonts-collection-series-two-05

      Download

      Lindas Lament

      handwriting-fonts-collection-series-two-06

      Download

      Focaccia

      handwriting-fonts-collection-series-two-07

      Download

      Fancy That

      handwriting-fonts-collection-series-two-08

      Download

      Dingle Berries

      handwriting-fonts-collection-series-two-09

      Download

      Ragamuffin

      handwriting-fonts-collection-series-two-10

      Download

      Toms Handwriting FG

      handwriting-fonts-collection-series-two-11

      Download

      Elementarz

      handwriting-fonts-collection-series-two-12

      Download

      BlaiseHand 2.0

      handwriting-fonts-collection-series-two-13

      Download

      Jellyka – Estrya’s Handwriting

      handwriting-fonts-collection-series-two-14

      Download

      Jarman

      handwriting-fonts-collection-series-two-15

      Download

      Cursif

      *includes two font types

      handwriting-fonts-collection-series-two-16

      Download

      Ducky

      handwriting-fonts-collection-series-two-17

      Download

      Farewell

      handwriting-fonts-collection-series-two-18

      Download

      Synchronous

      handwriting-fonts-collection-series-two-19

      Download

      First Grade Writing

      handwriting-fonts-collection-series-two-20

      Download

      read more

      Receive Free Updates

      Subscribe