Wednesday, September 1, 2010

0

USB Pen Drive එක encrypt කර password එකක් දාමු.

  • Wednesday, September 1, 2010
  • Damith Marathunga
  • Share
  • අද මම කියන්න යන්නේ ඔ‍බගේ usb pen drive එකට ආරක්ෂාවක් සලසා දෙන මෘදුකාංගයක් ගැන. Storagecrypt v4.0.0 මෙම මෘදුකාංගය භාවිතයෙන් usb pen drive එක password එකක් යොදා encrypt කර ගත හැකිය. මෙම මෘදුකාංගය portable මෘදුකාංගයක් ලෙස භාවිත කල හැකි නිසා පහසුවෙන් භාවිත කල හැකිය. දැන් මම කියන්නම් කොහොමද මෙම මෘදුකාංගය භාවිතයෙන් usb pen drive එක protect කර ගන්නේ කියලා.
    • මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කර එය run කරන්න.
    • Choose Disk Drive කොටසේ ඇති Drive වලින්pen drive එක තෝරන්න.
    • Portable Use‍ කොටසේ ඇති full තෝරන්න.
    • ඔබට අවශ්‍ය password එකක්‍ ‍තෝරාගෙන එය enter password තුල වු text box වලට දී encrypt මත මවුස් ක්ලික් කරන්න
    • දැන් pen drive එක විවෘත කර බලන්න. එහි file සියල්ලම නොපෙනී යන අතර මෙම මෘදුකංගය pen drive එකට copy වී ඇති බව ඔබට දැක ගන්නට පුලුවන.
    • දැන් ඔබට අවශ්‍ය විට windows run වන ඕනම පරිගණකයක මෙම මෘදුකාංය භාවිත කර pen drive Decrypt කර භාවිතයට ගත හැකිය.
    මෙම මෘදුකාංගය භාවිතයෙන් ඔබගේ දත්ත ආරක්ෂාකාරී ලෙස ගබඩා කර තබා ගත හැකි වනු ඇත. මෙම මෘදුකංගය පහත යොමුවෙන් බා ගන්න.

    Download Storagecrypt v4.0.0

    0 Responses to “USB Pen Drive එක encrypt කර password එකක් දාමු.”

    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe