Thursday, September 2, 2010

5

4G තක්ෂණය කරලියට පැමිණේ.

  • Thursday, September 2, 2010
  • Damith Marathunga
  • Share
  • ලෝකය පුර‍ා ජංගම දුරකථන සදහා 2G (GSM) තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනු ලබනවා. නමුත් 2G (GSM) තාක්ෂණයේ තිබෙන ලොකුම බාධාව තමා දත්ත සම්ප්‍රේෂණ වේගය සිමා සහිත වීම. මෙය ‍2G (GSM) තාක්ෂණය සතු දුර්වලතාවයක්. මෙම දුර්වලතාවය වි‍ඩියෝ සංවාද විඩියෝ, file බා ගැනීම වැනි ක්‍රියාවලින්ට ලොකුම බාධාවක් ව පවතිනවා. මෙම දුර්වලතාවය නිවරදි කිරීම සදහා එනම් GSM network එක තුල Data transfer speed එක වැඩි දියුණු කිරීම සදහා විවිද අලුත් තාක්ෂණයන් කරලියට එමින් තිබෙනවා. ඉන් පලමු වැන්න තමා 2.5G GPRS තාක්ෂණය. මෙය GSM තාක්ෂණයට වඩා දත්ත සම්ප්‍රේෂණය කාර්යක්ෂමව සිදු කල නමුත් එය ප්‍රමාණවත් වේගයක් වුනේ නැහැ. මැතකදී හදුන්වා දුන් 3G (WCDMA/UMTS) technology එක තුලින් දත්ත සම්ප්‍රේෂණ ක්‍රියාවලිය තුල පැහැදිලි වෙනසක් ඇති කලා. මෙහි උපරිම දත්ත සම්ප්‍රේෂණ වේගය වන්නේ 2Mbps.

    ‍දැන් මේ වේගයත් අභිභවා යන තාක්ෂණයක් ඇවිත්. ඒ තමා 4G technology එක. මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 100Mbps සිට 1Gbps දක්වා යන්න පුලුවන්. මෙහි 100Mbps යනු outdoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වන අතර 1Gbps indoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වේ.

    මෙම තාක්ෂණය වේගවත් විඩියෝ සංවාද සේවා රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් සදහා උපකාරී වන බව සදහන් වේ. මෙහි bandwidth එක 100 MHz තරම් පුලුල් අගයක් ගනී. ඒ වගේම මෙහි දත්ත සම්ප්‍රේෂණ පිරිවැයද ස‍ාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම තවත් පහසුවක් ලෙස හැදින්විය හැකිය. තවද මෙහි IP networks නෙට්වරක් එක IPv6 මත පදනම් වු එකකි. ‍ඒනිසා ඉතා පුලුල් සම්බන්ධතාවයක් පවත්වා ගත හැකිවනු ඇත. ඒ වගේම වැඩි දියුනු කල ආරක්ෂක උපක්‍රමද මෙහි අන්තර්ගත කොට ඇති බව වාර්ත වේ.

    මෙහි ඇති පහසුකම් නම් මුලු ජාලයම packet switched (IP based) තාක්ෂණය මත ක්‍රියාත්මක ‍වේ. ඉහල bandwidth එකක් ලාබදායි ලෙස සම්ප්‍රේෂණය කල හැකි වීම හැදින්විය හැකිය.

    නුදුරැ අනාගතයේම අපටත් 4G තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලබෙනු ඇත.

    5 Responses to “4G තක්ෂණය කරලියට පැමිණේ.”

    ibm said...
    September 2, 2010 at 11:30 AM

    hoda lipiyak


    sankalpana.info said...
    September 2, 2010 at 1:16 PM

    නුදුරැ අනාගතයේම අපටත් 4G තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලබෙනු ඇත.

    බම්බුව

    මොබිටෙල් ඩයලොග් සන්ටෙල් ලංකබෙල් SLT එයාර් ටෙල් ටීගෝ
    තියෙන අපිට කවදා 512KB වත් ඩවුන්ලෝඩ් speed එකක් අත්විදින්න පුලුවන් වේද???

    4G නෙමේ එහෙනම් 40G වත් එන්න ඕනෙ අඩුම තරමෙ...


    Damith Marathunga said...
    September 2, 2010 at 1:53 PM

    ඒ කතාවට නම් මමත් එකගයි. ඒත් දැනට 512kb වලට වඩා ඩවුන්ලෝඩ් speed එකක් ලංකවෙ තියෙනව සහෝදරයා.ඉස්සර dial up වලින් කොට කොට ගිය අපි දැන් 3g use කරනවනෙ. එත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ speed එක ඒකාකරව සිදු නොපැවතීමයි. එයට හේතුව isp ආයතන අඩු මුදලකට හැමෝටම internet දෙන්නනෙ හදන්නේ. base station පැත්තෙන් වෙන්න ඕන modification සිද්ධ නොවී එකම base station එකට users ල ගොඩක් පුරවන‍ව.(share Bandwidth) එකයි අපට දෙන සේවාවේ quality එක අඩු වෙලා තියෙන්නෙ. නමුත් technology එක අලුත් වෙනකොට ඒ වාසියෙන් ටිකක් හරි අපටත් ලැබෙනවා.


    Anonymous said...
    September 3, 2010 at 11:01 AM

    4G දුන්නාම 2G වැඩ කරයි. ලංකාවේ


    Damith Marathunga said...
    September 3, 2010 at 11:10 AM

    ඒක නම් ඇත්ත


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe