Saturday, March 24, 2012

0

Launch Carsale.com [welcome to carniwasa.com]

  • Saturday, March 24, 2012
  • Damith Marathunga
  • ඔන්න කාලෙකින් මේ පැත්තෙ ආවෙ අලුතින් දේකුත් අරගෙන. මම කියන්නම්කො අලුත් දේ මොකක්ද කියල. මේක වෙබ් අඩවියක්. මේක හැදුවෙ වාහන සහ මෝටර් බයික් විකුනන්න ගන්න හදන කාටත් ප්‍රයෝජනවත් වෙන්න. ඒ වගේම කැබ් සර්විස් තියන අයටත් මේ අඩවියේ විශේෂ ඉඩක් තියනව. ඒ තමා එයාලගෙ සේවාව මේ අඩවිය මගින් ප්‍රචාරය කරන්න පුලුවන්. ඒ වගේම ඒ අයගෙ තියන කැබ් වර්ග වෙන වෙනම අදාල රෑපත් සමග ප්‍රචාරය කරන්න පුලුවන්. ඔන්න මම ඔයාලටත් ආරාධනා කරනවා මෙම අඩවිය භාවිත කරන්න කියල. ඒ වගේම ඔබේ දැන්වීමත් මෙහි පලකරන්න කියල ආරාධනා කරනවා.
    මෙන්න සබැදිය http://carniwasa.com

    ඔන්න එහෙනම් මම දැනට නවතිනවා
    read more

    Sunday, October 30, 2011

    3

    Send Blaster මෘදුකාංගය ගැන දන්නවද?

  • Sunday, October 30, 2011
  • Damith Marathunga
  • මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්.

    email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩක් පහසුකම් තියනවා. විස්තර ටික පහලින් බලන්නකෝ.








    Create impact e-mail

    • Using our free templates
    • Creating it with the embedded editor
    • Creating it with an external HTML editor
    • Asking your Web designer to create a professional custom template

    Build your permission based list

    • Create customizable forms for your web site.

    Analyze results of your mailings

    • An effective email marketing requires to analyze data. SendBlaster & Google Analytics let you know if after reading emails your customers purchase your products, subscribe your website or finalize goals you setted in your Google Analytics.
    මෙන්න ටොරන්ට් එකක් තියනව බාගෙන බලන්නකෝ. මීට වඩා හොද මෘදුකාංගයක් ගැන දන්නවනම් එකක් share කරන්න.
    මේ විඩියෝ එකත් බලන්න.

    read more

    Wednesday, October 5, 2011

    4

    මෙන්න ගෙනාව Repair Incompletely Downloaded ZIP Files

  • Wednesday, October 5, 2011
  • Damith Marathunga
  • ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ කාලෙකින්. අද ගෙනාව තවත් මෘදුකාංගයක්. මම ඒ ගැන කියන්නම් දැන්.

    ඉන්ටනෙට් එකෙන් files බානකොට සමහර ZIP Files open වෙන්නෙ නැති වෙනවනෙ. මෙන්න මේ මෘදුකාංගය මගින් පුලුවන් ඒ files repair කරගන්න.
    වැඩි කතා ඔනේ නැහැ.  මෙන්න මෙතනින් බාගන්නකෝ.
    read more

    Monday, July 18, 2011

    1

    සටනක නිමාව

  • Monday, July 18, 2011
  • Damith Marathunga
  • ටික කාලෙකින් තමා ලිපියක් ලියන්නේ. හේතුව කලින් කිව්වනේ. මගේ ලින්ක් එක ගෙදරට වැඩ කරන්නේ නැති වුනා. කොහොම හරි ඉතින් Dialog එක්ක මාසයකට වැඩි කාලයක් මරා ගත්ත. මේල් ගැහුව. complain දැම්ම. කොහොම හරි මාස එක හමාරක් විතර කට්ටක් කාල අද පරිගණකය ඔන් කරල සුපුරැදු පරිදි ලින්ක් එක connect කරල google.com ගියා. මෙන්න බොලේ කඩාගෙන බිදගෙන ගියෙ නැතෑ google එකට. මටත් හිතා ගන්න බෑ. බැලුව mobile partner එක. download 1.4 mbps විතර පෙන්නුව. බලන්නත් ආසයි. ඔන්න අද නම් මාරම හැපී. පහුගිය දවස් වල හිටියෙ එපාම වෙලා. office එකේදි ඉතින් අපේ වැඩක් කරගන්න වෙලාවක් කොහොද. ඔන්න ඔහොමයි ඒ ප්‍රශ්නෙ කෙලවර වුනේ. දැන් ඉතින් ආයෙත් බ්ලොග් ලියන්න පුලුවන්.
    read more

    Friday, June 24, 2011

    6

    Facebook comments Box එකක් Blog එකට දාන්න

  • Friday, June 24, 2011
  • Damith Marathunga
  • Facebook comments Box එකක් Blog එකට දාගන්න කැමති අය ඉන්නව නම් මෙන්න අවස්ථාව තියනවා. මෙමගින් post කරන comment කෙලිනම මුහුණු පොතේ පෙන්නුම් කරනවා. ඒ වගේම මෙය Hotmail, AOL, Yahoo සමගත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.







    මුලින්ම මේ ලින්ක් එක  හෝ පහත දෙවනි ලින්ක් එක සොයන්න.






    ඉන් පසුව ඉහත code එකට පසුව පහත සදහන් code එක paste කරන්න.



    මෙහි dark scheme මාරැ කරන්න අවශ්‍ය නම් light කියන එක මකල dark කියල type කරන්න.
    Comments box එකේ ප්‍රමාණය වෙනස් කරන්න අවශ්‍ය නම් width='520' වෙනස් කරන්න.
    footer credits size එක change කරන්න නම් width:510px වෙනස් කරන්න.
    දැන් Save your template කරන්න.

    ඔන්න දැන් වැඩේ හරි. දැන් බ්ලොග් එකට ගිහින් බලන්න. comment එකක් දාලම යන්න. ඔන්න මම ගියා....
    read more

    Tuesday, June 21, 2011

    6

    Anti Virus වැඩසටහන් වෛරස් අල්ලන ක්‍රම

  • Tuesday, June 21, 2011
  • Damith Marathunga
  • අපි පරිගණකය භාවිත කරනකොට තියෙන්න ඕන අනිවාර්්‍ය මෘදුකාංගය තමයි වෛරස් ගාඩ් එක. ඒක නැත්තම් ඉතින් විදින්න වෙන කරදරය අපි ඔක්කොම හොදටම දන්නවනේ. වෛරස් ගාඩ් එක කොහොමද මේ Virus,Worm,Trojan අල්ල ග‍න්නේ. ‍මේ ගැන හොයන අයට නොදන්න අයට ප්‍ර‍යෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන අද ලියන්න හිතුවෙ.

    වෛරස් ගාඩ් කිව්වහමත් ඉතින් කොච්චර නම් තියනවද? ඒ අතරින් හොද වෛරස් ගාඩ් තියෙන්නේ කිහිපයයි. ප්‍රධාන වශයෙන්ම Anti virus program එකෙන් virus අල්ලන ක්‍රම 4ක් තියනව. ඒ තමා 

    1.Signature Based Scan.
    2.Heuristic Based Scan.
    3.Threat Sense Technology.
    4.Artificial Intelligence (Behavioral Antivirus Programs).
    5.Proactive Defense.
    දැන් බලමු එකිනෙක අතර වෙනස්කම් ගැන

    Signature Based Scan
    Signature Based Scan කිරීම තුලින් සිදු කරන්නේ පරිගණකයේ වල Signature එක Scan කර එය වෛරස් ගාඩ් සැපයුම් කරැවන් කලින් ලබා දී ඇති වෛරස් අඩංගු file වල Signature හා සසදා ඒ හා ගැලපෙන්නේ නම් එම file එක වෛරස් එකක් ලෙස නම් කිරීමයි.

    Macfee Lab එකෙහි දත්තයන්ට අනුව සාමන්‍යයෙන් දිනකට වෛරස් 250 පමණ මුදා හැරෙන අතර එම නිසා මෙම Signature Based Scan තුලින් හදුනා නොගත් වෛරස් අල්ලා ගැනීමට නොහැකි ය. එයට හේතුව අලුත් සදහා Signature පිලිබද විස්තර වෛරස් ගාඩ් එක සතුව නොමැති වීමටයි. ඒ හේතුවෙන් ‍හදුනා නොගත් වෛරස අල්ලා ගැනීමට දියුණු තාක්ෂනයක් භාවිත කිරීමට සිදු වේ.

    Heuristic Based Scan
    මෙම ක්‍රමය භාවිත කරන්නෙ අලුත් හදුනා නොගත් වෛරස් අල්ලා ගැනීමටය. මෙම වෛරස් ඇන්ටි වෛරස් පද්ධතිය කලින් හදුනා නොගත් ඒවා වේ. මෙම සේවාව සපයන්නේ වෛරස් ගාඩ් කිහිපයක් පමණයි. බොහො ඒවා අල්ලන්නේ කලින් හදුනා ගත් වෛරස පමණයි. මුලින්ම heuristic engine එකක් හදුන්‍වා දුන්නේ 1989 දී ඒ DOS viruses අල්ලන්න. 

    මෙම ක්‍රමයෙන් file Scan කරන විට වෛරස් ගාඩ් එක අදාල file විස්තර හා එහි අඩංගු command පරික්ෂා කර එහි ප්‍රතිපලයක් වශයෙන් එය වෛරස් එකක්ද යන්න තීරනය කරයි.

    Threat Sense Technology
    ටික කාලෙකට කලින් මුලින්ම වෛරස් එකක් අන්තර්ජාලයට එකතු වුනාම එය antivirus experts ලට monitor කරන්න ලැබෙන්නේ දවස් 15 - 30 අතර කාලකදී. ඉතින් ඒ වෙනකොට වෛරස් එක කරන්න ඕන දේවල් ‍ඔක්කොම කරල. සමහර විට මිලියන ගානකට වෛරස් එක නිසා හානි වෙලා. මේ නිසා තමා Threat Sense Technology හදුන්වල දු‍න්නේ.
    මේ තාක්ෂනය යටතේ වෛරස් ගාඩ් එක පරිගණකයේ ව්‍යාජ ලෙස පෙනෙන හෝ භාවිත කරන්නා නොමග යවන සුලු file දෙස හොදින් නිරික්ෂනය කරනවා. නමුත් කිසිම action එකක් ගන්නේ නැහැ. ඊලගට වෛරස් ගාඩ් එක යාවත්කාලීන වන විට මෙම file එක security experts ලට යවනවා. ඉන් පසුව ඔවුන් එය පරික්ෂා කොට එය වෛරස් එකක් නම් එයට signature එකක් හදනවා. මෙම ක්‍රියාවලියට දින 3-4 අතර කාලයක් තමා ගත වන්නේ.

    Artificial Intelligence
    මෙම ක්‍රමයෙන් වෛරස් ගාඩ් එක පරිගණකයේ සියලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා. මේ අතර යම් අවධානම් ක්‍රියාකරකමක් file එකක් මගින් ඇති වනවා නම් එය භාවිත කරන්නාට දැනුම් දී එයට ‍එරෙහිව තෝරා ගැනීමට action දෙනවා. delete හෝ quarantine කිරීමට. මෙය තමා Artificial Intelligence කියන්නේ.

    Proactive Defence
    මෙම ක්‍රමය මුලින්ම භාවිත කලේ Kaspersky. මෙම ක්‍රමයෙන් කරන්නේ යම් වැඩසහනක් execute වෙනකොට ඒ පිලිබද user ට දැනුම් දී එය allow හෝ block කිරීමට අවස්ථාව සලසා දීමයි.

    ඔන්න ‍ඔහොම තමා වැ‍ඩේ යන්නේ. ඉතින් මම මේ පිලිබදව ලිව්වේ මගේ දැනුමට,අත් දැකිම් හා අන්තර්ජාලයෙන් සොයා ගත් කරැණු වලට අනුවයි. මෙහි මට සදහන් කරන්න බැරි වුන යමක් තියනවනම් ඒ පිලිබදවත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. එවිට අපි කාගෙත් දැනුම වර්ධනය කර ගන්න පුලුවන්.
    Comment එකක් දාන්නත් අමතක කරන්න එපා....
    read more

    Monday, June 20, 2011

    7

    මැකුවොත් මැකුවමයි!!! ඉක්මනට බා ගන්න...

  • Monday, June 20, 2011
  • Damith Marathunga
  • අදත් ආව තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මේක තමා Eraser. මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම හදුන්වා දෙන්නම්. 
    අපේ memory chip වල pen  වල වැදගත් files දානවනෙ. අපි pen එක කා‍ට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා. මේ තත්වය මත් අපේ පුද්ගලිකත්වය අවධානමකට ලක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. ‍මම අද කියන්න යන්නේ නැවතත් files recovery කිරීමේ සම්බාවිතාවය අවම කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. Eraser මෘදුකාංගය මගින් දත්ත 99% දක්වා සම්පූර්ණයෙන්ම මකන්න පුලුවන්.
    තවත් මෙහි ඇති වාසි 
    • User friendly
    • Secure drive erasure methods are supported out of the box
    • Erases files, folders and their previous deleted counterparts
    • Works with an extremely customizable Scheduler
    • It works with any drive that works with Windows
     මමත් මගෙ pen එක Eraser එකෙන් මකල recovery පාරක් දාල බැලුව. වැඩේ නම් අති සාර්ථකයි. කරැමෙට එක file එකක් වත් recovery වුනේ නෑනේ.
     
      දැන් ඉතින් විස්තර කිව්ව ඇති. මම ලින්ක් එක දෙන්නම්කො බාගෙන බලන්න. මමත් තාම මේක ගැන study කරනවා. මෙන්න මෙතන ඔබන්‍නකෝ.

      සැ.යු - මෙම මෘදුකාංගය ස්ථාපිත කරන්න නම් .Net framework 3.5 sp1 අවශ්‍ය වෙනවා. .Net framework 3.5 sp1 offline installer එක බා ගන්න මෙතන ඔබන්න.

      ඔන්න එහෙනම් මම ගියා. follow කෙනෙක් වෙලා comment එකක් දාලා උදව්වක් කරන්න.

      read more

      Friday, June 17, 2011

      3

      Mirror Folder දෙකක් හදා ගන්න මෙන්න මෘදුකාංගයක්

    • Friday, June 17, 2011
    • Damith Marathunga
    • Mirror Folder එකක් කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නව ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්නවනම් දැන ගන්න මම කියන්නම්කෝ. Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්‍. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍මම නම් කරල බැලුව. සාර්ථක ක්‍රමයක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කරල බලන්න. network location එකකට වුනත් sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍ඒ නිසා කාර්්‍යාල කටයුතු වලට නම් ප්‍රයෝජනවත් වෙනවා. ‍මෙන්න බා ගන්න.

      ප්‍රශ්න තියනවනම් අහන්න. කියල දෙන්නම්. මම හිතන්නේ ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන එකක් නැහැ. ඔබේ අදහස් තියල යන්නත් අමතක කරන්න එපා.
      read more

      Receive Free Updates

      Subscribe