Thursday, December 2, 2010

0

COM Port එක වැඩද බලන්න හොද ක්‍රමයක්

  • Thursday, December 2, 2010
  • Damith Marathunga
  • Share
  • Pic Programming, PLC Programming සහ තවත් නොයෙකුත් කාර්යන් වලට COM Port එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් COM Port එක ගොඩත් පරිගණක වල ඉක්මනට ක්‍රියා විරහිත වෙනවා. ‍ඒ වෙලාවට අනිත් Port ‍ව‍ගේ ඉක්මනින් මෙය වැඩකරන්නේ නැහැ කියල හොයා ගන්නත් අමාරැයි. ඉතින් ඒ වගේ වෙලාවට COM Port එක හරියටම වැඩද නැද්ද යන්න බලා ගන්න පුලුවන් විදියක් මම හොය හොය තමයි හිටියේ. මෙහෙ‍ම ඉන්නකොට තමා මට මේ වැඩේ කරන්න ලැබුනේ. මේක නම් හරිම සාර්ථක වුනා. හරියටම check කරගන්න පුලුවන්. ඔයාලටත් අවශ්‍ය වුනොත් කරල බලන්නකෝ. මෙන්න මෙහෙමයි කරන්නේ.

    මුලින්ම මෙයට අවශ්‍ය වෙනවා
    • COM Port male socket එකක්
    • විදුලි පාහනයක්
    • ඊයම්
    • කුඩා වයර් කැබැල්ලක්
    මුලින්ම COM Port male socket එක අරගෙන පහත රෑපයේ පරිදි විදුලි පාහනය ආධාරයෙන් පාස්සා ගන්න. මෙහිදී කරන්නෙ COM Port එකට loopback එකක් දැමීම. එවිට කුඩා මෘදුකාංගයන් බාවිතයෙන් මෙය test කරගන්න පුලුවන්.
    ඉන් පසු ‍socket එකේ cap එකට ඇණ එහෙම දාලා හදාගන්නකෝ. දැන් ඉතින් තියෙන්නේ ඉතුරැ ටික කරන්න කලින් මෙන්න මේ මෘදුකාංගය බාගන්න. දැන් COM Port socket එක COM Port එකට plug කරන්න. දැන් බා ගත්ත මෘදුකාංගය extract කරගෙන් එය පරිගණකයේ ස්ථාපිත කරගෙන එය විවෘත කරන්න.
















    මෘදුකාංගය විවෘත කිරීමෙන් පසු ඔබට test කිරිමද අවශ්‍ය COM Port එකෙහි අංකය ‍ලබා දෙන්න. ඉන් පසු ලැබෙන තිරයෙන් COM Port හි setting ලබා දෙන්න. එය තිබෙන් අයුරින්ම ඉදිරියට යන්න. දැන් F1, F2 ලෙස function key press කරන්න. එවිට ඔබ ලබාදෙන ක්මාන්ඩ් එක දෙවන කොටුවේද ලැබේ නම් COM Port එකෙ ක්‍රියාකාරී තත්වයේ පවතී. නැතහොත් COM Port එකෙ අක්‍රීය වී ඇත.

    ‍ක්මාන්ඩ් ආපසු ලැබෙන අයුරැ
















    0 Responses to “COM Port එක වැඩද බලන්න හොද ක්‍රමයක්”

    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe