Friday, August 27, 2010

4

Domain User Account එකක් Auto Logon කරන්නේ කොහොමද?

  • Friday, August 27, 2010
  • Damith Marathunga
  • Share
  • ඔන්න ලගදි මට ප්‍රශ්නයක් ආව. ප්‍රශ්නෙ මේකයි. computer එකක් තියෙනවා. ඒක Domain එකට ඇඩ් කරන්නත් ඕන. එහෙම වුනත් ඒ computer එක Automatically log on‍ වෙන්නත් ඕන. මොකද ඒ computer එකේ දුවන්නේ online meal ordering system එකක්. ඒ computer එක automation. computer එක operate කරන්න කවුරැත් නැහැ. switch on කරන්න විතරක් එතන ඉන්න එක්කෙනෙක් ඉන්නවා. එයා දන්නෙ ඉතින් switch on කරන්න විතරයි. මොකද එයා guard room එකේ ඉන්න security. මට කියන්න බැහැ එයාට ‍user name password ගහලා computer එකේ log on වෙන්න කියලා. මොකද ඕක කිවුවොත් මිනිහ වැඩේ නානවා. ඉතින් මේකට විසදුමක් මටම හොයන්න වුනා. මම මේක කලින් නම් දැනගෙන හි‍ටියෙ නැහැ. මේක කාට හරි ඕන වෙයි කියල හිතලයි බ්ලොග් ‍එකේ දාන්නෙ. Domain එකට computer එක ඇඩ් කලාම user name password එක්කනේ log වෙන්න ඕන. ඉතින් මෙතන user name password ගහන්න කවුරැත් නැති නිසා online meal ordering system එක දුවන්නෙ නැහැ.
    ඉතින් මම මේක internet ගොඩක් හෙවුවා. අන්තිමට මට උත්තරයක් ලැබුනා. ඉතින් මම ඒ වැඩේ සාර්ථකව කලා. කරපු විදිය මෙන්න.

    • මුලින් computer එක Domain එකට ඇඩ් කරන්න.
    • ඊලගට admin account එකට ලොග් වෙන්න.
    • start -> run -> regedit ගහලා enter කරන්න.
    • ඊට පස්සේ මේ පාත් එ‍කට යන්න HKEY_LOCAL_MACHINE ->> SOFTWARE ->> Microsoft ->> Windows NT ->> Current Version ->> Winlogon
    • ඉන් පසු දකුණු පසට එන තිරයේ "DefaultDomainName" එක right click කරලා modify click කරලා Domain Name type කරන්න.














    • ඉන් පසුව "DefaultUserName" double click කර logon වීමට අවශ්‍ය username එක කේතනය කරන්න.















    • ඉන් පසුව mouse right click ->> New ->> String Value click කර පසුව එන සංවාද කො‍ටුවට DefaultPassword ලෙස නව String Value එකක් ඇඩ් කරන්න.















    • දැන් අවසාන අදියර ලෙස දකුණුපස ඇති තිර‍යේ වු AutoAdminLogon මත right click කර modify click කර එහි 0 ලෙස ඇති අගය 1 ලෙස වෙනස් කර ok කර එම තිරයෙන් ඉවත් වන්න.
    • දැන් පරිගණකය නැවත පණගන්වන්න. එය automatically log on වනු ඇත.

    4 Responses to “Domain User Account එකක් Auto Logon කරන්නේ කොහොමද?”

    Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...
    August 27, 2010 at 10:28 PM

    මල් 7යි නෙව දමිත්...!!!


    Thilanga said...
    August 28, 2010 at 9:11 AM

    ela kiri blog 1k :)


    Anonymous said...
    March 30, 2011 at 9:44 AM

    max..... machan


    networkdisa said...
    May 9, 2011 at 1:49 PM

    මරු මරු මාත් ෙහාය ෙහාය හිටපු ඒකක්


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe