Saturday, August 21, 2010

6

ලංකාවේ කොම්පියුටර් හදන ‍හොරැ...

  • Saturday, August 21, 2010
  • Damith Marathunga
  • Share
  • ඔන්න මේ ලගදි දවසක ම‍ගේ යාලුවෙක් මට කිවුවා මචං මගේ කොම්පියුටර් එක කැඩිල දැන් මාස ගාණක්. එක තැනකට දුන්න හදන්න එතනින් කිව්වා මදර්බෝඩ් එක දාන්න ඕන කියල. පොඩ්ඩක් බලල දෙන්න මොනවද දාන්න ඔනේ කියලා. ඉතින් මමත් ගියා යාලුව එක්ක බෝඩිමට කොම්පියු‍ටර් එක බලන්න. මම ඉතින් කොකටත් කියල ram එකකුත් අරගෙන ගියා. ගිහින් බලනකොට මුල්ලකට දාල තියෙනවා කොම්පියු‍ටර් එක. ඒ ගමන ඇදල අරගෙන මකුලු දැල් ටික එහෙම කඩල on කලා. කිසිම සද්දයක් නැහැ. fan එක වැඩ කරනව විතරයි. ඊට පස්සෙ මම ram එක ගලවල මම ‍අරන් ගිය ram එක ගහල ආයෙත් on කලා. එත් කිසිම ප්‍රගතියක් නැහැ. මම ඉතින් දන්න සෙල්ලම් දැම්ම. BIOS reset කලා කරන්න තියෙන් හැම දේම කරල බලල බැරි තැන හිතුව මදර්බෝඩ් එක පිච්චිලා කියලා. මම යාලුවටත් කිව්ව මේකෙ නම් මදර්බෝඩ් එක පිච්චිලා වගේ කියලා. මේ අතරේ මට හිතුන processor එකත් ගලවල බලන්න. ඉතින මම Cooling fan එක ගැලෙව්වා. අප්පස සිරි.... processor නැනෙ. මම ඇහුව කෝ මේකේ processor එක කියල. යාලුව කිව්ව මම නම් දන්නේ නැහැ එදා හදන්න අරං ගිහින් ගෙනවට පස්සේ අද තමා on කලේ කියලා. හදන්න අරං ගිය තැනින් processor එක ගලවගෙන තමා කොම්පියුටර් එක යාලුවට දීල තියෙන්නේ. මාස 06කට විතර කලින් තමා හදන්න දීල තියෙන්නෙ. ඉතින් ඒ වෙනකොට පරක්කු වැඩියි මිහිහව අල්ල ගන්න. අන්තිමට ‍processor එකකට ආයෙත් වියදම් කරල දාන්න තමා වුනේ.

    මම මේ කතාව කිව්වේ ඔගොල්ලොත් කොම්පියුටර් එක හදන්න දෙනව නම් විස්වාසවන්ත තැනකට දෙන්න. නැත්තම් නැති ලෙඩ ඇති කරල අතේ තියන ගානකට තට්ටු කරන්න තමා හදන්නේ. කොම්පියුටර් එක හදන්න දෙනව නම් හොද කල්පනාවෙන්...

    6 Responses to “ලංකාවේ කොම්පියුටර් හදන ‍හොරැ...”

    Abeetha Edirisinghe said...
    August 22, 2010 at 8:51 AM

    මම මචන් මගෙ ප්‍රින්ටර් එකේ රෙපෙයාර් එකකට ගියාම එ වගේ ෂොප් එකක එකෙක් කිව්ව ප්‍රින්ටර් එකට වයිරස් එකක් ගිහින් කියලා..... මම ඌට නම් කිව්වා කන් දෙකේ ඇගිලි ගහගන්න.


    චතුවා said...
    August 22, 2010 at 9:21 AM

    අපෝ ලංකාවේ ඕවාට හරි දස්සයෝ ඉන්නේ.. ප්‍රින්ටර් එකට වයිරස් ගිය කතාව නම් පට්ට සීන් එක!


    Damith Marathunga said...
    August 22, 2010 at 9:27 AM

    කනේ ඈගිලි ගහන්න නෙමෙ දෙන්න තිබුනෙ කන පෑලෙන්න මිනිස්සුන්ට බොරු කරනවට


    Bhagya රාජපක්ෂ said...
    August 22, 2010 at 11:27 AM

    ඔව් බං ...
    මොනවත් නොදන්නව වගේ ගමේ මිනිහෙක් වගේ ගියහම ගලුත් පැලෙන්න බොරු කියනවා....
    පස්සෙ උත්තර බඳින්න ගත්තම කලිසම් හැලෙනව උංගේ....
    මෙන්න සිරිලංකාව !


    Unknown said...
    August 22, 2010 at 3:58 PM

    හ්ම්..මේ රටේ දැන් කොතනට ගියත් ඉන්නෙ හොරු...නොදන්න එකෙක් ආවගමන් අන්දවනවා හොඳ එකෙන්...ඒ වගේ සක්කිලි වැඩ කරන උන්ට ඉතින් වැඩි පැවැත්මක් නැ...
    ජයවේවා!!!


    test said...
    September 1, 2010 at 10:41 PM

    මමත් මගෙ computer power unit එක පිච්චිල singer shop (warranty) එකට හදන්න ගිහින් දුන්න මුන් එකේ තිබුනු extra data cable සෙරම ටික ගලවල අරන් . පස්සෙ එකක් dvd writer හයි කරන්න ගියාම තමයි දක්කෙ .එතකොට පරක්කු වෑඩියි.


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe