Saturday, August 21, 2010
2
New Folder.exe වෛරස් එක හැමෝම වගේ දන්නවා ඇතිනේ. පුදුම වදයක් තමා මේ වෛරස් එක ආවොත්. හැම Folder එකක් ඇතුලෙම වෛරස් එකක් හදනවා. අපි Folder එකක් විවෘත කලොත් අපි විවෘත කල Folder එකේ නමින්ම තව Folder එකක් හදනවා. මේක තමා මේ වෛරස් එක හදුනා ගන්න පුලුවන් ක්‍රමය. හොදට බලන්න ඒක Folder එකක් වගේ පෙනුනට ඇත්තටම ඒක Folder එකක් නෙමේ. ඒ Folder එක උඩ දකුණු මවුස් බොත්තම ඔබල Properties ගිහින් බලන්න පෙන්නනෙ Application කියල.
ඉතින මේ වෛරස් එක කොහොමද අපි ඉවත් කර ගන්නෙ. ක්‍රම කිහිපයක්ම තියෙනවා. මම හදන්නේ මේ වැඩේ මෘදුකාංගයක් භාවිත කරල කරන්න. මේකේ නම තමා SDFix.exe.
New Folder.exe වෛරස් එක පරිගණකයෙන් ඉවත් කරන ආකාරය

- ඉස්සෙල්ලම මේ මෘදුකාංගය බා ගන්න මෙතන ඔබන්නකෝ.
- ඊලගට මෘදුකාංගය විවෘත කරන්න.
- එවිට එහි ඇති සියලු ගොනු C දෘඩ තැටිය තුල SDFix නමින් නව ගොනුවක් සෑදී එයට ඇතුලු වනු ඇත.
- ඉන් පසු පරිගණකය නැවත පණ ගන්වන්න.
- පරිගණකය නැවත පණ ගැන්වීමේදී F8 යතුර එබූ විට ලැබෙන තිරයෙන් Safe Mode තෝරා ගන්න.
- පරිගණකය desktop එකට පැමිණි පසු start -> run Click කර මෙම විධානය කේතනය කරන්න C:\SDFix\RunThis.bat පසුව OK විධානය දීමෙන් පසු දිස් වන තිරයට y කේතනය කර ඉදිරියට යන්න.
- දැන් පරිගණකය Scan වීමට පටන් ගනී. මේ සදහා ටික වේලාවක් ගත වනු ඇත.
- පසුව පරිගණකය නැවත පණගැන්වීමට අවසර ඉල්ලයි. ඉන් පසුව Scan වී අවසන් බව දර්ශනය වනු ඇත.
- ඉන් පසු පරිගණකයේ ඇති වෛරස් ඉවත් වනු ඇත.
මම නම් මේ වැඩේ සාර්ථකව කලා. මේ ප්‍රශ්නෙ ආවොත් කරල බලන්නකෝ....
Subscribe to:
Post Comments (Atom)
2 Responses to “New Folder.exe වෛරස් එක පරිගණකයෙන් ඉවත් කරන ආකාරය”
August 22, 2010 at 4:25 AM
වයිරස් ඇතැයි සැක සිතෙන ඕනම අවස්ථාවක මේ ක්‍රමය හරි යයිද ..?
නැතිනම් ඔබ කියූ වයිරසයට පමණයිද මේක....?
September 25, 2011 at 3:23 PM
:Q
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...