Tuesday, August 24, 2010

1

ඇසට නොපෙනෙන Mouse

  • Tuesday, August 24, 2010
  • Damith Marathunga
  • Share
  • පරිගණකය ගැන කතා කරන විට Mouse එක විශේෂ තැනක් ගන්නවා. Mouse එක දිනෙන් දින අලුත් අලුත් වෙනස්කම් වලට පත් වුනා. අතී‍තයේ පැමිණි Mouse එක ඔබට මතක ඇති. serial port එකට plug කර වැඩ කල හැකිව තිබුනා. ඉන් පසුව Optical mouse, wireless mouse පැමිණියා. දැන් අලුත්ම හදුන්වා දීම තමා ඇසට නොපෙනෙන මවුස්. මෙය අධොරක්ත කි‍රණයක් මගින් ක්‍රියාකරන අලුත්ම Mouse එකක්. මෙයට හදුන්වන්නේ mouseless යන නමින්ය. මෙය හදුන්වා දී ඇත්තේ Pranav Mistry, Patti Maes and Liyan Chang යන අයයි. මේ සදහා මෘදුකංගය ලියා ඇත්තේද මෙම පිරිසයි.

    මෙම තාක්ෂණයට අනුව පරිගණකයට අධොරක්ත උපකරණයක් සවිකල යුතු අතර එහි කිරණ රැසක් විහිදේ. මෙයින් විහිදෙන කිරණ හදුනා ගන්න‍ට කැමරාවක්ද ඇත.

    සාමාන්‍යයෙන් Mouse තිබේ යැයි සලකා එම ස්ථානයේ අත තබා ගත යුතුය. ‍අධොරක්ත කිරණ රැසක් එතනට වැටී පවතී. අපි දබර ඇගිල්ලෙන් Mouse ක්ලික් කල විට වෙනස් වන අධොරක්ත කිරණ ධාරාව කැමරාව විසින් හදුනා ගනී. ඉන් පසු සිදු වු‍ වෙනස්කම් පරිගණකය වෙත දන්වයි. ඇගිල්ල එහා මෙහා ගෙන යන විට මවුස් පොයින්ටර එක ඊට අදාලව වෙනස් වේ.

    මෙහි ව‍ටිනාකම ඇමරිකානු ඩොලර 20 වෙන බව www.gadgetvenue.com වෙබ් අඩවියේ දැක්වේ. (රැ 2000ක්). පහත වි‍ඩියෝ දර්ශනය මගින් එහි ක්‍රියාකාරිත්වය දැක්වේ. උ‍පුටා ගැනීම www.gadgetvenue.com වෙබ් අඩවියෙනි.

    1 Responses to “ඇසට නොපෙනෙන Mouse”

    dinesh said...
    August 24, 2010 at 1:46 PM

    අදම එකක් order කරන්න ඕනෙ.


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe