Sunday, November 28, 2010

1

windows Media Player එකට Dolby Surround plug-in එකක්

  • Sunday, November 28, 2010
  • Damith Marathunga
  • windows Media Player එකට මෙම plug-in එක ස්ථාපිත කිරීම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා

    windows Media Player 10 or Later version
    Microsoft Windows 98SE/ME/2000/XP
    500 MHz CPU (600 MHz recommended)
    128 MB RAM
    1.3 MB Free drive space
    Multichannel sound card (except Turtle Beach)
    A minimum of 4 speakers


    මුලින්ම මෙම මෘදුකාංග බාගන්නකෝ
    දැන් මුලින්ම windows Media Player 10 ස්ථාපිත කරන්න. ඉන් පසුව Windows Media Player Dolby Surround II Plugin v1.4.2.0 තුල වූ csii_wmp_plugin_1_4_2_0 file මත් දෙවරක් ක්ලික් කර එය ස්ථාපිත කරන්න. දැන් windows Media Player එක විවෘත කරන්න. Instruções & Serial තුල වූ
    Username හා Serial එක enter කරන්න. ඒ සදහා CSII_Plugin_Manual(Ingles).pdf ‍තුල වූ විස්තර කිරීම භාවිත කරන්න. සියලු විස්තර මෙම manual එකෙහි අන්තරගත කර ඇත. මෙය මම බොහෝ කාලයක සිට භාව්ත කරන හොද මෘදුකාංගයකි.

    read more

    Friday, November 26, 2010

    2

    Pen Drive එකට මුර පදයක් දාමුද? USB.Secure.v1.5.0

  • Friday, November 26, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ Pen Drive එකට Password දාලා protect කරගන්න ක්‍රමයක් ගැන. මුලින්ම මෙන්න මේ මෘදුකාංගය බාගන්න මෙතන ඔබන්නකෝ. දැන් Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. ඉන් පසුව මෘදුකාංගය run කරන්න. දැන් අදාල මෘදුකාංගය Pen Drive එක තුල ස්ථාපිත වෙනු ඇත. දැන් Pen Drive එකය මත දෙවරක් ක්ලික් කර විට මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන් පසු ලැබෙන තිරයේ register ස්ථානයට text file එක තුල ඇති Serial Key හා Registration number එක ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය මුර පදයක් යොදා Pen Drive එක protect කරගන්න. උත්සහ කරල බලන්න. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් ප්‍රයොජනවත්.
    read more

    Thursday, November 25, 2010

    1

    Ubuntu වල Dongle එක Disconnect වෙනවද

  • Thursday, November 25, 2010
  • Damith Marathunga
  • Ubuntu වල සමහර වෙලාවට USB Dongle ‍එක Disconnect වෙනවා. ඒ වෙලාවට අයෙ Dongle ‍එක connect කරන්නත් බැහැ. සමහර වෙලාවට ඔගොල්ලොත් මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියෙන්නත් පුලුවන්. මට නම් මේක මහ වදයක් වුනා. ඉතින් නෙට් එකේ හොයල හොයල අන්තිමට ලැබුනා උත්‍තරය. කාට හරි උවමනා වෙයි කියල හිතල තමා post එක දාන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. වැඩිය පැහැදිලි කිරීම් නැතුව දාන්නම්කො..

    • මුලින්ම terminal එක open කරගන්න. root ගිනුමට log වෙන්න.
    • දැන් ls ගහලා බලන්න usb dongle එක අරගෙන ති‍යනවද කියලා. අරගෙන නැත්තම් අයෙත් ගලවල ගහල බලන්න. icon එක desktop එකට එන්න ඕන.






    • ඊ‍ට පස්සේ usb_modeswitch කියල මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕන. මම නම් මේක ස්ථාපනය කලේ dongle එකෙන් අන්තර්ජාලය ‍වැඩ කරන වෙලාවක. මේ සදහා පහත පරිදි කේතනය කරන්න. sudo apt-get install usb-modeswitch
    • ඉන් පසුව එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න. මෙම ගොනුව ලබා ගැනිම සදහා පහත පරිදි කේතනය කරන්න. එවිට ලැබෙන තිරයේ වෙනස්කම් සිදුකිරීම සදහා insert බටනය ඔබන්න.
    vim /etc/usb_modeswitch.conf

    ------------------ start of /etc/usb_modeswitch.conf -------------------------

    DefaultVendor= 0x12d1
    DefaultProduct= 0x1446

    TargetVendor = 0x12d1
    TargetProduct= 0x1001

    MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
    MessageEndpoint=0x01
    CheckSuccess=5
    ------------------ end of /etc/usb_modeswitch.conf --------------------------

    • ඉන් පසුව wvdial මෘදුකාංගය ස්ථාපනය කරගන්න
    apt-get install wvdial

    • එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න
    vim /etc/wvdial.conf

    ------------------ start of /etc/wvdial.conf -------------------------
    [Dialer Defaults]
    Init1 = ATZ
    Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
    Modem Type = USB Modem
    Baud = 460800
    New PPPD = yes
    Modem = /dev/ttyUSB0
    ISDN = 0
    Phone = *99#
    Password = ****
    Username = ****
    stupid mode = 1
    ------------------ end of /etc/wvdial.conf -------------------------

    මෙහි **** යන තැනට ඔබට username හා password එකක් ඇත්තම් පමනක් යොදන්න. නැතිනම් හිස්ව තබන්න.
    • දැන් ඔබ usb_modeswitch‍ ලෙස කේතනය කරන්න. තත්පර කිහිපයකට පසුව wvdial ලෙස කේතනය කරන්න. දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වනු ඇත.
    • සම්බන්ධතාවය විසන්ධි කීරිම සදහා Ctrl + C ඔබන්න.
    • මම මෙය සාර්ථකව අත්හදා බැලුව. ඔබටත් මේ ගැටලුව ඇත්නම් මෙය උත්සහ කරල බලන්න. ප්‍රශ්නයක් ති‍යනවනම් ඒ ගැන කියන්න.
    read more

    Receive Free Updates

    Subscribe