Tuesday, August 31, 2010

0

USB Pen එක Write Protect කරන්න දන්නවද?

  • Tuesday, August 31, 2010
  • Damith Marathunga
  • USB Pen එක Write Protect කරන්න පුලුවන් මෘදුකංගයක් මට ලැබුන. ඒ ගැන තමා මම මේ කියන්න යන්නේ. මේ මෘදුකංගය භාවිත කරල USB Pen එක Write Protect කරගන්න පුලුවන්. එවිට USB Pen එක තුල කිසිම folder‍ සැදිය නොහැකි අතර file කොපි කිරීමට ද නොහැකිය.
    පහත යොමුව තුලින මෘදුකාංගය බාගන්න. ඉන් පසුව එහි ඇති ‍files ඔබගේ USB Pen එක තුලට ‍කොපි කරන්න. ඉන් පසු UsbWriteProtect.exe එක run කර usb write protection on/off විකල්ප දෙකෙන් ඔබට අවශ්‍ය කරන විකල්පය තෝරා close විධානය click කරන්න. දැන් ඔබේ USB Pen එක පරිගණකයෙන් ගලවා නැවත සම්බන්ධ කර බලන්න. එය තුල folder‍ හෝ file කොපි කිරීමට ද නොහැකිය. මෙම ක්‍රමය උපයෝගී කර ඔ‍බගේ Pen එක වෛරස් වලින් ආරක්ෂා කර ගත හැකිය.
    මෘදුකාංගය බා ගන්න.

    ‍Pen එක encrypt හා decrypt කරගන්නා ආකාරය පිළිබද ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

    මේ ලිපිය කියවල ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න. මොකද ලිපියකට comment එකක් ලැබුනාම පොඩි ගැම්මක් තියනවනෙ.
    read more

    Monday, August 30, 2010

    4

    ඔක්කොම ලට පට ටික එකම තැටියක (All in One)

  • Monday, August 30, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් CD එකක් ගැන. මේ CD එක ගැන මම දැන ගත්තේ මීට අවුරැදු 4කට විතර කලින්. ඒ මම computer course එකක් කරන කාලෙක. එදා ඉදන් අද දක්වා මේ CD එකෙන් මම ගොඩක් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මට CD එක ලැබුන කාලෙ වෙනකොට මෙහි 5වන සංස්කරණය තමා ඇව්ත් තිබුනේ. ඒත් අද වන විට මෙහි 11 වන සංස්කරණයත් ඇවිත් තියෙන්නෙ.

    මේ CD එක තමා Hiren's BootCD. මෙම CD එකේ අපට අවශ්‍ය වන මෘදුකාංග රාශියක්ම අන්තර්ගත කරල තියෙනවා. ඒ නිසයි ගොඩක් වැදගත් වෙන්නේ. මෙහි අන්තර්ගත මෘදුකාංග අතර Antivirus tool, hard disk partition tool, recovery software, hard disk repair tool, disk clone tool, mini windows, password reset tool, diagnostics tool අදී මෘදුකාංග එකතුවක් දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වයක් නම් මෙය bootable මෙන්ම windows run වන විට වුවද මෘදුකාංග ක්‍රියකරවිය හැකි වීමය. මෙම CD එක ඔබගේ usb pen එකටද install කර ගත හැකිය. එය සිදු කරන ආකාරය ඊලග ලිපියෙන් කියන්නම්. usb pen එකට install කර ගත් පසුව භාවිතය සදහා වඩාත් පහසුය. එවිට වඩාත් පහසුවෙන් ගෙන යා හැකි නිස ඕනම අවස්ථාවක පරිගණකය usb එකෙන් පණගන්වා මෙම මෘදුකාංග හා වැඩ කල හැකිය. මෙම CD එක ඔබ සැමට ප්‍රයෝජනවත් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

    නොමිලේ බාගැනීම සදහා පහත යොමු වලට යන්න.
    මෙම CD අන්තර්ගත මෘදුකාංග වල විස්තරයක් පහත සදහන් කර ඇත.

    Backup Tools
    CopyWipe 1.
    COPYR.DMA Build013
    Double Driver 3.0
    DriveImage XML 2.14
    DriverBackup! 1.0.3
    Drive SnapShot 1.40
    FastCopy 2.01
    G4L Ghost 4 Linux 0.34a
    GImageX 2.0.17
    InfraRecorder 0.50
    Partition Image - PartImage 0.6.9
    Partition Saving 3.80
    RegBak 1.0
    Raw Copy 1.2
    ShadowCopy 1.00
    SelfImage 1.2.1.92
    Smart Driver Backup 2.12
    WhitSoft File Splitter 4.5a
    XXClone 0.58.0

    BIOS / CMOS Tools
    Award DMI Configuration Utility 2.43
    !BIOS 3.20
    BIOS Cracker 5.0
    BIOS Utility 1.35.0
    CMOS 0.93
    DISKMAN4
    Kill CMOS
    UniFlash 1.40

    ඉතුරැ ටික මෙතනින් ගන්න>>

    read more

    Friday, August 27, 2010

    4

    Domain User Account එකක් Auto Logon කරන්නේ කොහොමද?

  • Friday, August 27, 2010
  • Damith Marathunga
  • ඔන්න ලගදි මට ප්‍රශ්නයක් ආව. ප්‍රශ්නෙ මේකයි. computer එකක් තියෙනවා. ඒක Domain එකට ඇඩ් කරන්නත් ඕන. එහෙම වුනත් ඒ computer එක Automatically log on‍ වෙන්නත් ඕන. මොකද ඒ computer එකේ දුවන්නේ online meal ordering system එකක්. ඒ computer එක automation. computer එක operate කරන්න කවුරැත් නැහැ. switch on කරන්න විතරක් එතන ඉන්න එක්කෙනෙක් ඉන්නවා. එයා දන්නෙ ඉතින් switch on කරන්න විතරයි. මොකද එයා guard room එකේ ඉන්න security. මට කියන්න බැහැ එයාට ‍user name password ගහලා computer එකේ log on වෙන්න කියලා. මොකද ඕක කිවුවොත් මිනිහ වැඩේ නානවා. ඉතින් මේකට විසදුමක් මටම හොයන්න වුනා. මම මේක කලින් නම් දැනගෙන හි‍ටියෙ නැහැ. මේක කාට හරි ඕන වෙයි කියල හිතලයි බ්ලොග් ‍එකේ දාන්නෙ. Domain එකට computer එක ඇඩ් කලාම user name password එක්කනේ log වෙන්න ඕන. ඉතින් මෙතන user name password ගහන්න කවුරැත් නැති නිසා online meal ordering system එක දුවන්නෙ නැහැ.
    ඉතින් මම මේක internet ගොඩක් හෙවුවා. අන්තිමට මට උත්තරයක් ලැබුනා. ඉතින් මම ඒ වැඩේ සාර්ථකව කලා. කරපු විදිය මෙන්න.

    • මුලින් computer එක Domain එකට ඇඩ් කරන්න.
    • ඊලගට admin account එකට ලොග් වෙන්න.
    • start -> run -> regedit ගහලා enter කරන්න.
    • ඊට පස්සේ මේ පාත් එ‍කට යන්න HKEY_LOCAL_MACHINE ->> SOFTWARE ->> Microsoft ->> Windows NT ->> Current Version ->> Winlogon
    • ඉන් පසු දකුණු පසට එන තිරයේ "DefaultDomainName" එක right click කරලා modify click කරලා Domain Name type කරන්න.














    • ඉන් පසුව "DefaultUserName" double click කර logon වීමට අවශ්‍ය username එක කේතනය කරන්න.















    • ඉන් පසුව mouse right click ->> New ->> String Value click කර පසුව එන සංවාද කො‍ටුවට DefaultPassword ලෙස නව String Value එකක් ඇඩ් කරන්න.















    • දැන් අවසාන අදියර ලෙස දකුණුපස ඇති තිර‍යේ වු AutoAdminLogon මත right click කර modify click කර එහි 0 ලෙස ඇති අගය 1 ලෙස වෙනස් කර ok කර එම තිරයෙන් ඉවත් වන්න.
    • දැන් පරිගණකය නැවත පණගන්වන්න. එය automatically log on වනු ඇත.
    read more

    Tuesday, August 24, 2010

    1

    ඇසට නොපෙනෙන Mouse

  • Tuesday, August 24, 2010
  • Damith Marathunga
  • පරිගණකය ගැන කතා කරන විට Mouse එක විශේෂ තැනක් ගන්නවා. Mouse එක දිනෙන් දින අලුත් අලුත් වෙනස්කම් වලට පත් වුනා. අතී‍තයේ පැමිණි Mouse එක ඔබට මතක ඇති. serial port එකට plug කර වැඩ කල හැකිව තිබුනා. ඉන් පසුව Optical mouse, wireless mouse පැමිණියා. දැන් අලුත්ම හදුන්වා දීම තමා ඇසට නොපෙනෙන මවුස්. මෙය අධොරක්ත කි‍රණයක් මගින් ක්‍රියාකරන අලුත්ම Mouse එකක්. මෙයට හදුන්වන්නේ mouseless යන නමින්ය. මෙය හදුන්වා දී ඇත්තේ Pranav Mistry, Patti Maes and Liyan Chang යන අයයි. මේ සදහා මෘදුකංගය ලියා ඇත්තේද මෙම පිරිසයි.

    මෙම තාක්ෂණයට අනුව පරිගණකයට අධොරක්ත උපකරණයක් සවිකල යුතු අතර එහි කිරණ රැසක් විහිදේ. මෙයින් විහිදෙන කිරණ හදුනා ගන්න‍ට කැමරාවක්ද ඇත.

    සාමාන්‍යයෙන් Mouse තිබේ යැයි සලකා එම ස්ථානයේ අත තබා ගත යුතුය. ‍අධොරක්ත කිරණ රැසක් එතනට වැටී පවතී. අපි දබර ඇගිල්ලෙන් Mouse ක්ලික් කල විට වෙනස් වන අධොරක්ත කිරණ ධාරාව කැමරාව විසින් හදුනා ගනී. ඉන් පසු සිදු වු‍ වෙනස්කම් පරිගණකය වෙත දන්වයි. ඇගිල්ල එහා මෙහා ගෙන යන විට මවුස් පොයින්ටර එක ඊට අදාලව වෙනස් වේ.

    මෙහි ව‍ටිනාකම ඇමරිකානු ඩොලර 20 වෙන බව www.gadgetvenue.com වෙබ් අඩවියේ දැක්වේ. (රැ 2000ක්). පහත වි‍ඩියෝ දර්ශනය මගින් එහි ක්‍රියාකාරිත්වය දැක්වේ. උ‍පුටා ගැනීම www.gadgetvenue.com වෙබ් අඩවියෙනි.

    read more

    Sunday, August 22, 2010

    4

    Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

  • Sunday, August 22, 2010
  • Damith Marathunga
  • ම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. ‍ email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔ‍බ‍ගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන.
    • පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
    • ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
    • එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
    • ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
    • Add forwarding Address මත මව්ස් ඔබන්න.
    • ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk











    • ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.





    • දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.




    • මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
    read more

    Saturday, August 21, 2010

    6

    ලංකාවේ කොම්පියුටර් හදන ‍හොරැ...

  • Saturday, August 21, 2010
  • Damith Marathunga
  • ඔන්න මේ ලගදි දවසක ම‍ගේ යාලුවෙක් මට කිවුවා මචං මගේ කොම්පියුටර් එක කැඩිල දැන් මාස ගාණක්. එක තැනකට දුන්න හදන්න එතනින් කිව්වා මදර්බෝඩ් එක දාන්න ඕන කියල. පොඩ්ඩක් බලල දෙන්න මොනවද දාන්න ඔනේ කියලා. ඉතින් මමත් ගියා යාලුව එක්ක බෝඩිමට කොම්පියු‍ටර් එක බලන්න. මම ඉතින් කොකටත් කියල ram එකකුත් අරගෙන ගියා. ගිහින් බලනකොට මුල්ලකට දාල තියෙනවා කොම්පියු‍ටර් එක. ඒ ගමන ඇදල අරගෙන මකුලු දැල් ටික එහෙම කඩල on කලා. කිසිම සද්දයක් නැහැ. fan එක වැඩ කරනව විතරයි. ඊට පස්සෙ මම ram එක ගලවල මම ‍අරන් ගිය ram එක ගහල ආයෙත් on කලා. එත් කිසිම ප්‍රගතියක් නැහැ. මම ඉතින් දන්න සෙල්ලම් දැම්ම. BIOS reset කලා කරන්න තියෙන් හැම දේම කරල බලල බැරි තැන හිතුව මදර්බෝඩ් එක පිච්චිලා කියලා. මම යාලුවටත් කිව්ව මේකෙ නම් මදර්බෝඩ් එක පිච්චිලා වගේ කියලා. මේ අතරේ මට හිතුන processor එකත් ගලවල බලන්න. ඉතින මම Cooling fan එක ගැලෙව්වා. අප්පස සිරි.... processor නැනෙ. මම ඇහුව කෝ මේකේ processor එක කියල. යාලුව කිව්ව මම නම් දන්නේ නැහැ එදා හදන්න අරං ගිහින් ගෙනවට පස්සේ අද තමා on කලේ කියලා. හදන්න අරං ගිය තැනින් processor එක ගලවගෙන තමා කොම්පියුටර් එක යාලුවට දීල තියෙන්නේ. මාස 06කට විතර කලින් තමා හදන්න දීල තියෙන්නෙ. ඉතින් ඒ වෙනකොට පරක්කු වැඩියි මිහිහව අල්ල ගන්න. අන්තිමට ‍processor එකකට ආයෙත් වියදම් කරල දාන්න තමා වුනේ.

    මම මේ කතාව කිව්වේ ඔගොල්ලොත් කොම්පියුටර් එක හදන්න දෙනව නම් විස්වාසවන්ත තැනකට දෙන්න. නැත්තම් නැති ලෙඩ ඇති කරල අතේ තියන ගානකට තට්ටු කරන්න තමා හදන්නේ. කොම්පියුටර් එක හදන්න දෙනව නම් හොද කල්පනාවෙන්...
    read more
    2

    New Folder.exe වෛරස් එක පරිගණකයෙන් ඉවත් කරන ආකාරය

  • Damith Marathunga
  • New Folder.exe වෛරස් එක හැමෝම වගේ දන්නවා ඇතිනේ. පුදුම වදයක් තමා මේ වෛරස් එක ආවොත්. හැම Folder එකක් ඇතුලෙම වෛරස් එකක් හදනවා. අපි Folder එකක් විවෘත කලොත් අපි විවෘත කල Folder එකේ නමින්ම තව Folder එකක් හදනවා. මේක තමා මේ වෛරස් එක හදුනා ගන්න පුලුවන් ක්‍රමය. හොදට බලන්න ඒක ‍Folder එකක් ව‍ගේ පෙනුනට ඇත්තටම ඒක Folder එකක් නෙමේ. ඒ Folder එක උඩ දකුණු මවුස් බොත්තම ඔබල Properties ගිහින් බලන්න පෙන්නනෙ Application කියල.
    ඉතින මේ වෛරස් එක කොහොමද අපි ඉවත් කර ගන්නෙ. ක්‍රම කිහිපයක්ම තියෙනවා. මම හදන්නේ මේ වැඩේ මෘදුකාංගයක් භාවිත කරල කරන්න. මේකේ නම තමා SDFix.exe.

    • ඉස්සෙල්ලම මේ මෘදුකාංගය බා ගන්න මෙතන ඔබන්නකෝ.
    • ඊලගට මෘදුකාංගය විවෘත කරන්න.
    • එවිට එහි ඇති සියලු ගොනු C දෘඩ තැටිය තුල SDFix නමින් නව ගොනුවක් සෑදී එයට ඇතුලු වනු ඇත.
    • ඉන් පසු පරිගණකය නැවත පණ ගන්වන්න.
    • පරිගණකය නැවත පණ ගැන්වීමේදී F8 යතුර එබූ විට ලැබෙන තිරයෙන් Safe Mode තෝරා‍ ගන්න.
    • පරිගණකය desktop එකට පැමිණි පසු start -> run Click කර මෙම විධානය කේතනය කරන්න C:\SDFix\RunThis.bat පසුව OK විධානය දීමෙන් පසු දිස් වන තිරය‍ට y කේතනය කර ඉදි‍රියට යන්න.
    • දැන් පරිගණකය Scan වීමට පටන් ගනී. මේ සදහා ටික වේලාවක් ගත වනු ඇත.
    • පසුව පරිගණකය නැවත පණගැන්වීමට අවසර ඉල්ලයි. ඉන් පසුව Scan වී අවසන් බව දර්ශනය ‍වනු ඇත.
    • ඉන් පසු පරිගණකයේ ඇති වෛරස් ඉවත් වනු ඇත.
    මම නම් මේ වැ‍ඩේ සාර්ථකව කලා. මේ ප්‍රශ්නෙ ආවොත් කරල බලන්නකෝ....
    read more
    3

    Autorun.inf වෛරස් එක සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් Delete කරන්නෙ කොහොමද?

  • Damith Marathunga
  • මෙම වෛරස් එක ඉවත් කරන්න ක්‍රම කිහිපයක් ම තියනවා‍‍.
    01 ක්‍රමය

    command promt (CMD) එක විවෘත කර පහත පරිදි type කරන්න.

    del /a:rhs [driveletter]:autorun.inf
    මෙහි [driveletter] සමග ඔබ යොදන Hard disk partition Latter එක යොදන්න. එවිට විධානය මෙසේ දිස්විය යුතුය .

    del /a:rhs D:autorun.inf

    ඒ ආකාරයටම වෛරස් ඇති සියලුම partition වලට මෙම විධානය දෙන්න. මෙම විධානය දුන් පසුව පරිගණකය Reboot කරන්න.

    01 ක්‍රමය

    මෙම ක්‍රමය මෘදුකාංගයක් භාවිත කරමින් ‍මෙම වෛරස් එක ඉවත් කිරීමයි. මෙහිදී ඔබගේ USB Pen එක Plug කර මෙම මෘදුකාංගය ක්‍රියාතමක කල විට එහි ඇති වෛරස් සියල්ල ඉවත් වෙනු ඇත. ඉන් පසුව පරිගණකය Reboot කරන්න.

    මෘදුකාගය භා ගැනීමට මෙතන ඔබන්න.

    read more
    2

    Subnet Calculate ලේසි ක්‍රමයකින් කරන්න

  • Damith Marathunga
  • මම අද කියන්න යන්නේ තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි. මේක ගැන දැනටමත් දන්න අයත් ඇති නොදන්න‍ කෙනෙක් හි‍ටියොත් ප්‍රයොජනවත් වෙයිනේ. අපි නෙට්වරක් Field එකේ ඉන්න අපට නිතරම. IP Subnet Calculate කරන්න වෙනව. ඒ‍ වෙලාවට ඉතින් කොල වල ලිය ලියා ඕක කරන්න බැහැනේ. එක්කො හිතින් හදා ගන්න ඕන. නැත්තම් ලේසි මෘදුකාංගයක් භාවිත කරන්න ඔන. මම මේ කියන්න යන්නේ ඒ වගේ ලේසියෙන් Subnet Calculate කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන. මේක "Boson Subnet Calcutater". මේ මෘදුකාංගයෙන් පුලුවන් IP එකක් දුන්නාම host ලා ගණන subnet ගණන broadcast address , wildcard mask ඇතුලු විස්තර ගොඩක් ඉක්මනින් Calculate කරන්න පුලුවන්.

    මට නම් මේ මෘදුකංගය ගොඩක් ප්‍රයෝජනවත් වුනා. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් බා ගෙන බලන්න.

    මෙන්න මෙතනින් බා ගන්න.
    read more

    Friday, August 20, 2010

    0

    පරිගණකයේ Pen Drive Disable කරන්නේ කොහොමද?

  • Friday, August 20, 2010
  • Damith Marathunga
  • අදත් මම කියන්න යන්නේ පුංචි මෘදුකාංගයක් ගැන මේක "IntelliAdmin Usb Disabler". පරිගණක වලට වෛරස් බෙදාහරින්නේ අපි එදිනෙදා file රැගෙන යන්න භාවිත කරන Pen Drive එක කිව්වොත් නිවැරදියි. එහෙම වුනත් Pen Drive කියන්නේ මටනම අත්‍යාවශ දෙයක්. කොහොම වුනත් යම් අවස්ථාවක ඔබට ‍Pen Drive පරිගණකයට Plug කරන එක වදයක් වුනොත් USB Port එක Disable කරන්න සිද්ධ වෙනවා. ඒත් ඉතින් usb printer එකක් එහෙම ගහල තියෙනව නම් කොහොමද USB Port එක Disable කරන්නේ. එතකොට printerඑක වැඩ කරන්නෙ කොහොමද? මේ‍ වගේ ප්‍රශ්න වැඩියෙන් එන්නෙ office වල තමා. ඔක්කොගේම pen ගෙනල්ලා ගහනවා. වෛරස් ගියම ඉතින් අපි නාන්න ඔනේ. ඒකට හොද විසදුමක් තියෙනවා.

    USB Port එකට Plug කරන Pen Drive විතරක් block කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමටය අනුව USB Port එකට Plug කරන අනිත් Device වැඩ කරනවා. මේ ක්‍ර‍මය මෙහෙයුම් පද්ධතියේ රෙජිස්‍ටරි එක edit කරලත් කරන්න පුලුවන්. නැත්තම් ලේසිම ක්‍රමය තමා මම ‍ඉහතින් රෑපයේ දක්වා තිබෙන මෘදුකාංගය මගින් තත්පර ගාණකදි කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය run කරල "Disable USB Drives" tic එක දාලා apply විධාන බොත්තම එබුව නම් ඉතින් පෙන් ගහනව බොරැ. බොරැ නම් කරල බලන්නකෝ!!

    මෙන්න මෙතනින් බා ගන්න
    read more

    Thursday, August 19, 2010

    3

    එක ගලෙන් කු‍රැල්ලො 8 දෙනෙක් (Remove Restrictions Tool)

  • Thursday, August 19, 2010
  • Damith Marathunga
  • "එක ගලෙන් කු‍රැල්ලො 8 දෙනෙක්" කිවුවාම ඔගොල්ලො බලනව ඇති මොකක්ද මේ කතාව කියලා මම කියන්නම් පරිගණකයත් එක්ක වැඩ කරන අපිට තියන ලොකුම බාධාවක් තමා වෛරස් වෛරස් නිසා අපට නොයකුත් ප්‍රශ්න මතු වෙනවා. සමහර වෛරස් නිසා පරිගණකයේ දත්ත පවා විනාශ වෙනවා ඒ ගැන නෙමෙයි මම කියන්න යන්නෙ. ඔබ දන්නවා ඇති වෛරස් එකක් තියනවා පරිගණකයේ Folder Options, Run, Registry Editor, Firewall, Task Manager, Task Bar, Hidden Files වගේ පහසුකම් අක්‍රීය කරනවා. ඒ කියන්නේ වෛරස් එක ක්‍රියාත්මක වෙලා පරිගණකයේ රෙජිස්‍ටරි එක වෙනස් කරනවා. ඒ නිසා තමා මෙම පහසුකම් අක්‍රිය වෙන‍්නෙ. මේ වගේ වෙලාවට එම පහසුකම් නැවත යථා තත්වයට පත් කරන්න වෛරස් ගාඩ් එකට හැකියාවක් නැති අවස්ථා ඕන තරම් තියනවා. ලංකාව තුල තවම මුදල් වැය කර වෛරස් ගාඩ් ස්ථාපිත කිරීම අඩුවෙන් සිදුවන නිසා වෛරස් හේතුවෙන් සිදුවන අපහසුතා ඔබ කවුරැත් මුහුණ දීල ඇති.
    ඉතින් වෛරස් එකක් නිසා ඔබගේ පරිගණකයේ folder options නැති වුනොත් එය යථා තත්වයට පත් කර ගන්න ඔබට රෙජිස්‍ට්‍රිය edit කරන්න වෙනවා. එය පරිගණකයේ ගොනු සැලසුම පිළිබද මනා අවබෝධයක් ඇතිව කරන්න ඕන. එහෙම අවබෝධයක් නැති කෙනෙකුට මෙම කාර්්‍යය ‍ඉතා පහසුවෙන් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන කියන්නයි මේ හදන්නේ. ඉහතින් රෑපයේ දක්වා ඇති අන්දමට ඔබට යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම තෝරා ගැනීමෙන් පසුව GO ‍යන විධානය දීමෙන් පසුව ඔබ තෝරා ගත් පහසුකම යථා තත්වයට පත් වනු ඇත.

    වෛරස් නිසා ඇති වන අපහසුතා වලට මේ වගේ මදුකාංග ලග තියාගෙන ඉන්න එක ඉතාම වැදගත්.

    ‍මෙම මෘදුකාංගය බා ගැනීම සදහා මෙතන ඔබන්න


    read more

    Wednesday, August 18, 2010

    5

    Firefox අලුත්ම සංස්කරණය එළි වුනා

  • Wednesday, August 18, 2010
  • Damith Marathunga

  • ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ වෙබ් බ්‍රවුසරයක් ලෙස සැලකිය හැකිය. Firefox සංස්කරණය රාශියක් එළි දැක්වූ නමුත් ඒවායේ යම් යම් ගැටලු දක්නට ලැබුනි. ‍මොසිල්ලා පදනම මෙවර මහජන පැමිණිලි ද සැලකිල්ලට ගෙන Firefox අලුත්ම සංස්කරණය ලෙස Firefox4 Beta සංස්කරණය පසුගිය ජුලි මස 06 අත්හදා බැලීමේ සංස්කරණය එළි දක්වන ලදී.

    ‍අලුත් සංස්කරණයේ වෙනස්කම් රාශියක් දැක ගන්න පුලුවන්

    මෙහි දක්නට ලැ‍බෙන අලුත් පහසුකම් නම්
    • මල්ටිටච් පහසුකම - එනම් ටච් ස්ක්‍රීන් සහිත පරිගණයක මෙම බ්‍රවුසරයක් ක්‍රියාත්මක කල හැකි සේ සකසා තිබීමය.
    • ‍වෙබ් ජීඑල් පහසුකම - ත්‍රීඩී ගැපික්ස් සහිත වෙබ් ‍අඩවි අමතර ප්ලගින් ස්ථාපිත නොකොට බලාගන්නට හැකි වීම.
    • ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමේ පහසුව - එනම් භාවිත කරන්නාගේ අවශ්‍යතාවය අනුව අමතර ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමට ඇති හැකියාවයි මෙහිදී ඇඩ් ඔන් කළමණාකරණය සදහා වෙනම ‍ටැබ් එකක් ඇත.
    • ‍මෙනු බටන් අන්තර් ගත කොට තිබීම - මෙහිදී නිතර භාවිතා කරන ප්‍රධාන විධාන සදහා බටන් එකතු කර තිබීම.
    • HTML 5 සහ CSS සදහා සහය දැක්වීම - මෙය HTML 5 ලැන්වේජ වලට ගැලපෙන සේ නිර්මණය කර තිබීම.
    මේ වන විට ලොකයේ බොහෝ දෙනෙක් Firefox මෘදුකාංගය භාවිතයට යොමු වී ඇත Firefox අලුත්ම සංස්කරණය පහතින් බා ගන්න.

    Firefox අලුත්ම සංස්කරණය බා ගන්න මෙතන ඔබන්න.


    lankablogger
    read more

    Monday, August 16, 2010

    0

    Format Factory 1.70 ගැන...

  • Monday, August 16, 2010
  • Damith Marathunga
  • විඩියෝ /ඔඩියෝ ෆයිල් Convert කරන විට අපට සදහා tool එකක් භාවිතා කරන්න වෙනව. සදහා tool සොයන විට අපට ලෑබෙන ගොඩක් ඒව trail version. ඒ නිසා අපට අවශය කාර්යය නිවෑරදිව කරගන්න ලෑබෙන්නෙ නෑහෑ. ‍බොහොමයක් වල විනාඩියක් වගේ පොඩි කාලයක් තමා Convert කරන්න දෙන්නෙ. සමහර විට අපි ලග තියන විඩියෝ එක එකට tool කරන්නෙ support නෑති වෙන්නත් පුලුවන්. ඉතින් මේ ප්‍රශ්නයට උත්තරයක් විදියට හොද tool එකක් ගැන කියන්නයි මම හදන්නෙ.

    මේ tool එකේ නම තමා "format factory". මේ tool එක භාවිත කරල ඔබට පුලුවන් ඕනම Video එකක් ඕනම format එකකට convert කර ගන්න. Audio Video මේ ඕනම ගොනුවක් ඕනම format එකකට convert කර ගන්න මේ tool එකට පුලුවන්.

    ඔබටත් මේ එක බා ගන්න ඔනෙ නම් පහත link එක click කරන්න

    http://isohunt.com/torrent_details/193157421/avi+to+swf?tab=summary

    read more

    Receive Free Updates

    Subscribe