Friday, April 29, 2011

3

Symantec Ghost Server ගැන දන්නවද? 1 කොටස

  • Friday, April 29, 2011
  • Damith Marathunga
  • Share
  • Symantec Ghost කියන්නේ ඉතාම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. මේ ගැන ඉතින් ගොඩක් අය දන්නව ඇතිනේ. මෙමගින් කරන්නේ එක පරිගණකයක දෘඩ තැ‍ටියේ පිටපතක් ගන්න එක. ඉන් පසු එය එවැනි වෙනත් එවැනි පරිගණකයකට නැවත පිටපත් කරල ඉතාම ඉක්මනට පරිගණකයට ක්‍රියත්මක කරන්න පුලුවන්.
    මම අද කියන්න යන්නේ මෙම මෘදුකාංගයේ Server සංස්කරනය මගින් නෙට්වර්ක් එක භාවිත කරල remote place එකකට දෘඩ තැටියේ පිටපතක් ගැනීම සහ ලබා ගත් පිටපත නැවත ස්ථාපනය කිරීම ගැනයි. මෙය වඩාත්ම වැදගත් වෙන්නේ කාර්්‍යාලීය පසුබිම තුල යි. සියලුම පරිගණක වල මේ ආකාරයට පිටපත් ලබා ගත් පසුව අවශ්‍ය ඕනම වෙලාවක නැවත විනාඩි ගණනකින් එම ස්ථානයේදීම ලබා ගත් පිටපත නැවත ස්ථාපනය කරන්න පුලුවන්.

    මේ සදහා අපට අවශ්‍ය කරන කරන දේවල්

    මෙහි Hiren's Bootable CD කලින් ලිපියකත් මම සදහන් කලා. දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. අපි මුලින්ම Symantec Ghost Server මෘදුකාංගය යොදාගෙන remote place එකකට C: දෘඩ තැටියේ පි‍ටපතක් ගනිමු.
    • මුලින්ම GhostSrv.exe එක විවෘත කරන්න.
    • දැන් ‍එහි session name එකට නමක් දෙන්න. මේ සදහා කුමක් හෝ දීම ‍ප්‍රමානවත්‍. ‍අපි දෙමු test කියල. ඊලගට create image කියන තැන ටික් කරන්න.
    • දැන browse ක්ලික් කර පිටපත සෙව් කිරිමට අවශ්‍ය තැනක් සහ නමක් ලබා දෙන්න. මෙහිදී අඩුම වශයෙන් 2GB වත් ඉඩ ඇති partition එකක් ලබාදෙන්න.
    • පසුව Disk සහ partition ඇති ස්ථානයේ partition ලෙස ටික් කරන්න. මෙහි සම්පූර්ණ දෘඩ තැටියේම පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය නම් Disk ටික් කරන්න.
    • දැන් Accept Clients ක්ලික් කරන්න.
    • පහත රෑපය බලන්න















    දැන් Server මෘදුකාංගයේ වැඩ ටික ඉවරයි. දැන් අපට තියෙන්නෙ Ghost එක ගහන එක.

    අපි බලමු කොහොමද අනිත් පරිගණකයෙන් Ghost ගහන්නෙ කියල.

    • මුලින්ම BIOS වලට ගිහින් CD එකෙන් Boot වෙන්න set කරන්න.
    • දැන් Network Boot Rom එක enable කරන්න.
    • ඉන් පසු Hiren's Bootable CD එකෙන් Boot කරන්න.
    • Dos Boot CD තෝරන්න.














    Backup tools තෝරන්න.














    Norton Ghost 11.5.1 තෝරන්න














    Ghost With Network Support තෝරන්න.














    ඉන් පසුව Ghost මෘදුකාංගය open වනු ඇත. මෙය open විට machine එකෙහි IP Address එක Automatically DHCP server එක මගින් assign කිරීමට පුලුවන. නැතිනම් manual IP Address එක ලබා දීමටද පුලුවන. මම මේ අවස්ථාවේදී භාවිත කලේ DHCP server එක මගින් assign කිරීමයි.

    Ghost open වීමෙන් පසුව මේ ආකරයට යන්න Ghost cast >> Unicast >> Seassion Name : test >> Server IP Address 192.168.13.133 (Server IP Address යනු අපි GhostSrv.exe එක run කරන ලද පරිගණකයේ IP Address කය.)
    රෑපය බලන්න.















    • ඉන් පසුව ඔබට පිටපත් කිරීමට අවශ්‍ය දෘඩ තැටිය තොරන්න. එනම් C: Drive එක.
    • දැන් Image File එක Compress කිරීමට අවශ්‍යද නැද්ද අහනව. එයට අවශ්‍යනම් high කියල දෙන්න.
    • දැන් proceed කරන්න. ඉන් පසු ඔබට පෙනෙයි Ghost Server එකෙහි progress bar එක පිරෙනව.
    • කාර්්‍යය නිම වූ පසුව massage එකක් ලැබෙනු ඇත.

    දැන් Image File එක සාර්ථකව පිටපත් වී අවසන්. Image File නැවත restore කරන ආකරයත් ඉතාම ලේසියි. ඒක මම ඊ ලග ලිපියෙන් කියන්නම්. නැත්තම් මේ ලිපිය ගොඩක් දිග වෙනවා. මේක කරල බලන්න. කාර්්‍යාල පරිසරය තුල මෙය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි.
    Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

    Link to අයි.ටී කතා in Your Site

    3 Responses to “Symantec Ghost Server ගැන දන්නවද? 1 කොටස”

    හිස් අහස said...
    April 30, 2011 at 9:00 PM

    මේ ගැන ලිවුවාට බොහොම ස්තූතියි මම හොය හොයා හිටපු මෘදුකාංගයක් තමයි මේක . මම මෙකේ සර්වර් එඩිශන් එකක් තියනවා කියලා දැනං හිටියේ නෑ ... මේ ගැන තව ලියන්න ..


    networkdisa said...
    May 9, 2011 at 2:49 PM

    අනිත් ලිපියත් ඉක්මනට ලියන්න.මම ඔයාෙග ෙස්රම ලිපි මුල ඉදලම බැළුව මල් හතයි. මට ෙම් ලිපියනම් ෙගාඩක් වැදගත්.අනිත් ඒකත් ඉක්මනටම දානවනම් ෙගාඩක් පිං.


    Damith Marathunga said...
    May 9, 2011 at 3:24 PM

    ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි! අනිත් ලිපි ඉක්මනින්ම දාන්නම්..


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe