Wednesday, April 20, 2011

1

යන යන වෙබ් අඩවියේ right click කරන්න බැරිද?

  • Wednesday, April 20, 2011
  • Damith Marathunga
  • Share
  • කස්ටිය බ්ලොග් වල ලියල තියන දේවල් හොරා ගන්න නිසා ගොඩක් අය බ්ලොග් මත  right click කරන එක disable කරනව. එක හරි. මමත් ඉතින් එහෙම කරලනෙ තියෙන්නේ. එත් ඉතින් අපට right click කරන්න ඕනම වුනා කියල හිතන්නකෝ. ඒ වෙලාවට කරන්න පුලුවන් දෙයක් ගැන තමා මම කියන්න යන්නේ. අදාල දේවල් කොපි කරගන්න ඕන නම් තවත් ක්‍රම තියනවා. ඒත් මේ විධියත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි ඒ වගේ වෙබ් අඩවියක් මත right click කරන්න enable කරගන්නේ.


    ඔබ Internet Explorer Browser එක භාවිත කරනව නම්
    • Tools>Internet options>Security යන්න.
    • ඊලගට Custom Level Click කරන්න.
    • Scripting කියන කොටසට යන්න.
    • දැන් Active Scripting කොටස තුල disable ටික් කරන්න. මෙමගින් JavaScript සහ vb script disable වෙනවා. ඒ නිසා අපි වෙබ් අඩවිය තුල දාල තියන JavaScript run වෙන්නේ නැහැ.
    • OK Click කරලා browser එක restart කරන්න.
    ඔබ Mozilla Firefox Browser එක භාවිත කරනව නම්
    •  Tools>Options>Content යන්න.
    • Enable JavaScript කොටුව තුල ඇති ටික් එක ඉවත් කරන්න.
    • දැන් Ok Click කරන්න.

    ඔබ Google Chrome Browser එක භාවිත කරනව නම් 

    • දකුණු පස ඇති Wrench Icon එක මත ක්ලික් කරන්න.
    • Options ක්ලික් කරන්න.
    • Under the Hood tab එක මතට යන්න.
    • Content Settings වල JavaScript මතට යන්න.
    • java script Disable කරන්න.
    • දැන් වෙබ් අඩවියට ගොස් right click කරන්න.
     මේ සදහා තවත් විවිධ ක්‍රම භාවිත කරන්න පුලුවන්. මේ එක් ක්‍රමයක් පමණයි.

    1 Responses to “යන යන වෙබ් අඩවියේ right click කරන්න බැරිද?”

    පන්සල් හංදිය said...
    April 20, 2011 at 9:36 PM

    එලනේ...........


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe