Monday, June 13, 2011

12

මෙන්න තවත් Broadband කථාවක්

  • Monday, June 13, 2011
  • Damith Marathunga
  • Share
  • ටික කලෙකින් ලිපියක් ලින්න බැරි වුනා. දන්නවනේ ඉතින් ලංකාවේ ඉන්ටනෙට් එක. කොට කොට තැපෑලෙන් යන් ඉන්‍ටනෙට් එකත් එක පාරටම නැවතුනා. ඔන්න කලින්ම මම mobitel 8GB එක භාවිත කලේ. ඒකත් මාරම ස්ලෝ... ඊමේල් යවන්න වෙන මහන්සියෙන් පයින් ගිහින් මැසේජ් එක දීල එන්න පුලුවන්. පට්ටම ස්ලෝ.. හැමදාම 8GB වලින් 3GB වත් භාවිතා කරල නැහැ. ටොරන්‍ට් එකක්වත් භා ගන්න බැහැ. ඒ වුනාට බිල නම් එනව ලස්සන කොලේක. කොහොම හරි මොබිටෙල් එක විසන්ධි කරල High Speed ඉන්ටනෙට් යන්න කියල ගත්ත Dialog 2GB එකක්. අප්පට සිරි ගත්ත අලුත නම් මාරම Speed. ටොරන්ට් එනව 200mbps විතර. මටත් ඉතින් මාර ආතල්. කොහොම හරි ඉතින් මාස 3ක් විතර ගියා. මේ මාසෙ 3වෙනිද ඉදන් මාර විදියට ස්ලො වෙලා ලින්ක් එක. කතා කලා පාරිභෝගික සේවයට. නලවල කරල කිව්ව අපි ඉක්මනට බලල හදල දෙන්නම් කියල. ‍අනේ ඉතින් මමත් බලාගෙන ඉදල ඉදල දවස් 2කින් විතර ගත්ත ආයෙත් කෝල් එකක්. එදත් ඉතින් සනීපෙට ඔලුව අතගාල reminder එකක් දාන්නම් කිව්ව. මමත් ඉතින් හරි කියල හිටිය. දැන්නම් ඉන්ට‍නෙට් යන්නම බැහැ. අඩුම ගානේ gmail, skype වලට වත් සම්බන්ද වෙන්න බැහැ. මටත් දැන්නම් හොදටම මල. ඇයි යකෝ මුන් වෙලාවට බිල එවනවා. bandwidth එක ඉතුරැයි. ඒ මදිවට වැඩක් කර ගන්නවත් නැහැ.

    කතා කලා ආයෙත්. ආයුබෝවන් සර්..කියල ‍එහෙම පටන් ගත්ත. මම කිව්ව විස්තරය. මෙන්න මේකි බලල කියනව සර් මේක විසදන්න අපිට පැය 4320 ක් යනව කියල. මට හිටිය තැනත් අමතක වෙලා කොයිල් පැන්න. ගාන හදා ගන්නවත් බැහැ. ටක් ගාලා cal එක අරගෙන බෙදල බෙදල බැලුව. පිස්සු හැදෙයි මාස 06ක් යනවලු. මම ඇහුව එතකොට මම මාස 06 ක් යනකම් ඉන්ටනෙට් භාවිත කරන්න එපාද කියල. මාස 06ක් යනකම් මගේ rental එක ඇඩ් වෙනවද කියල ඇහුව. මෙන්න මේකි කියනව ඔව් සර් බිල් හැදෙන්නේ automatically system එකෙන්. ඒක සර්ට ගෙවන්න වෙනව කියල. ඒ ගමන මම ඇහුව දැන් මොකක්ද මේකට දෙන විසදුම කියල. ‍ගත්ත කටටම මේකි කියපි link එක disconnect කරන්න කියල. මට මාරම මල. බැනල බැනල call එක කට් කලා.

    ‍දැන් ඉතින් මට ගන්න ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් නැහැ. signal 3ක් 4 ක් තියනවා. ඒත් පට්ටම slow. කියන්නේ නම් අධිවේගී අන්තර්ජාලය කියල.‍ මෙලොම රහක් නැහැ. අන්තර්ජාල සැපයුම් දෙන කොම්පැනි වල අල්ලේ නැටවෙන අපි පව්‍ නේද?

    12 Responses to “මෙන්න තවත් Broadband කථාවක්”

    සාටර් said...
    June 13, 2011 at 4:36 PM

    මයෙ නම් තියෙන්නෙ මොබිටෙල් 8ජීබී තමා..ඒත් ඇත්තටම ඒක මට නම් හොදට ස්පීඩ් :)..උබ ඒ ඩී එසෙ එල් එකක් වත් ගනින් :)
    මාත් ඔන්න බ්ලොග් කෙරුවාවට බැස්ස..පොඩි විසිට් පාරක් දාල කැමතිනම් ෆලෝ පාරක් දාන්න
    http://chaterkolla.blogspot.com/


    Anonymous said...
    June 13, 2011 at 6:29 PM

    there is a so;ution,,, use a cable to u r dongle,,, at least 3m,,, then check d signal,,, may u can sppe-up

    frm:-johey


    ගිනි අව් සහ ගිනි කෙලි said...
    June 13, 2011 at 7:05 PM

    මෙ ගෙවන ගානට slt ට්‍රයි කරාද මට නම් වෙනසක් නෑතුව අවු 5 එකම එක speed aka


    Unknown said...
    June 13, 2011 at 7:07 PM

    මෙ ගෙවන ගානට slt ට්‍රයි කරාද මට නම් වෙනසක් නෑතුව අවු 5 එකම එක speed aka


    Nadun Ranaweera said...
    June 13, 2011 at 7:49 PM

    Etisalt Use karanna Ekanm Hodai Man LankaBell Use karnva Mobile Bondband Valta vada LankaBell Niyami


    Uditha said...
    June 13, 2011 at 10:06 PM

    Lanka Bell hodai gewanaganata paduwak na speed sodatama thiyenwa......


    Anonymous said...
    June 14, 2011 at 7:33 PM

    කොම්ප්ලන් එකක් TRC එකට දාන්න විස්තරේ කියල. ඩයලොග්ලාගෙන් ලිබිතව ඉල්ලන්න දුරකතනයෙන් කියපු විස්තරය වැඩේ ටක් ගාල හරියයි.


    Anonymous said...
    June 14, 2011 at 11:01 PM

    මචන් මාත් කලින් පාවිච්චි කලේ මොබිටෙල් 8gb එක තමා.මට පට්ට විදිහට සිග්නල් තියෙනවා.ඒත් 1mbps වත් ස්පීඩ් නැහැ.ඉතින් මම දැන් ඩයලොග් වලට මාරු වුනා.ඩයලොග් වල අපිට සිග්නල් ටිකක් සවුත්තුයි.ඒත් දවස පුරාම 2mbps speed තියෙනවා.


    Anonymous said...
    June 15, 2011 at 4:41 PM

    Monawa wunath SLT Ekathamai Hoda... Thawa tika dawasakin SLT eka government ekata gannawaluth ne......


    Damith Marathunga said...
    June 18, 2011 at 8:23 PM

    ප්‍රතිචාර දක්වපු සියලු දෙනාට ස්තුතියි!


    Anonymous said...
    December 2, 2011 at 7:46 AM

    www.cinelanka.net


    Anonymous said...
    August 27, 2012 at 7:36 AM

    usa වල වෙරිසෝන්,කොම්කාස්ට්,අර්ත්ලින්ක් නම් සුපර් සපීඩ් එකක් තියනවා.මට ඒවා දැක්කම පුදුම ඉරිසියාවක් හිතෙන්නේ.


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe