Wednesday, March 30, 2011

4

ටක් ටක් ගාල IP මාරැ කරන්න මෙන්න නියම භාන්ඩයක්

  • Wednesday, March 30, 2011
  • Damith Marathunga
  • Share
  • අපට ඕන ඕන වෙලාවට ඉක්මනින් IP එක මාරැ කරන්න විසඩොස් වල තියෙන විදියට ටිකක් වෙලාව යනවනෙ. IP එක කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්වන නම් දැන ගන්න මම කෙටියෙන්ම කියන්නම්.

    IP එකක් කියන්නේ (Internet Protocol) පරිගණකය නෙට්වර්ක් එකට සම්බන්ධ කරනකොට ලබා දෙන්න ඕන ID එක කියල සරලව කියන්න පුලුවන්. Public IP, Private IP කියලත් තියනවා. මෙතනදි Public IP කියන්නේ අන්තර්ජාලයේ භාවිත වන IP වලට. මේ IP කොහොමටවත් Duplicate වෙන්න බෑ‍. ‍Private IP කියන්නේ Local Area Network වලට භාවිත කරන IP range. මේ IP භාවිත කරන්නේ Private Network වල විතරයි. අන්තර්ජාලයේ භාවිත වෙන්නේ නැහැ‍. දැන් මම කලේ IP ගැන ඉතාම කෙටි විස්තරයක්.

    මම කියන්න හැදුවේ IP ගැන නෙමේනේ. IP එක ඉක්මනින් මාරැ කරගන්නා විධියක් ගැන. ඒ තමා NetSetMan කියන මෘදුකාංගය භාවිත කරල. මෙහිදි අපට පුලුවන් IP set 6ක් කලින් ඇතුලත් කරල තියල අවශ්‍ය වෙලාවට ඉක්මනින්ම මාරැ කරගන්න. මාරැ කිරීමට අවශ්‍ය IP එක අඩංගු ටැබ් එක තෝරල Activate කියන බොත්තම ඔබපු ගමන් අදාල IP එකට මාරැ වෙනවා.
    මෙම මෘදුකාංගය බාගැනීමට මෙතන ඔබන්න.

    4 Responses to “ටක් ටක් ගාල IP මාරැ කරන්න මෙන්න නියම භාන්ඩයක්”

    Anonymous said...
    March 30, 2011 at 11:34 AM

    මේකේ ඵල විපාක මොනවද කියලා ඊළඟ පොස්ට් එකෙන් දාන්න හොඳේ.


    ˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...
    April 16, 2011 at 5:47 PM

    මට හොයා ගන්නබ බැරි විය.෴


    Anonymous said...
    April 16, 2011 at 7:38 PM

    menna ba ganna

    http://www.netsetman.com/stats/getfile.php?id=1


    Anonymous said...
    May 22, 2011 at 11:35 AM

    HODAI GODAK


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe