Thursday, March 24, 2011

1

Firefox 4 අවසන් සංස්කරණය එලි දැක්වූ වගයි

  • Thursday, March 24, 2011
  • Damith Marathunga
  • Firefox 4 අවසන් සංසකරණය මේ වන විට එලි දක්වා ඇති බවwww.mozilla.com වෙබි අඩවිය සදහන් කරනවා.
    මෙම නව සංසකරණය බොහෝ දුරට Opera browser යට සමාන ලෙස සකස් කර තිබේ.



    Firefox 4 තුල වූ නව පහසුකම්
    • New Interface that Looks Like Opera
    • Hardware Acceleration
    • New Add-ons Panel
    • Internal Add-ons Changes

    දැන්
    Firefox 4 බා ගැනීමේ අවස්ථාව mozilla.com වෙබි අඩවිය සලස තිබෙනවා. Firefox 4 බා ගැනීමට මෙතන ඔබන්න.
    read more

    Friday, December 10, 2010

    3

    EXE වලට මුර පදයක් දාමු..

  • Friday, December 10, 2010
  • Damith Marathunga
  • EXE file වලට මුර පදයක් දාන විධිය තමා අද මම කියන්න යන්නේ. මෙම මෘදුකාංය භාවිත කරල පුලුවන් EXE එකකට මුරපදයක් දාල ආරක්ෂා කරගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම මෙම මෘදුකාංගය බාගන්න. ඒ සදහා පහත යොමුව භාවිත කරන්න. ඉන් පසුව මෘදුකාංගය විවෘත කර රතු පාටින් රවුම් තර ඇති බටනය මත ක්ලික් කර ඔබට මුර පදය දැමිය යුතු EXE එක file එක තෝරන්න. ඉන් පසුව password යන text box එක මත ඔබට අවශ්‍ය මුර පදය යොදන්න. ඉන් පසුව cypt exe යන ස්ථානයේ ක්ලික් කරන්න. දැන් ඔබ තෝරා ගත් EXE file එක protect වී ඇත. විවෘත කර බලන්න. එවිට මුර පදය ඉල්ලනු ඇත. නිවරදි මුර පදය ‍යෙදූ පසු අදාල වැඩසටහන විවෘත වනු ඇත.


    read more

    Thursday, December 9, 2010

    3

    Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය

  • Thursday, December 9, 2010
  • Damith Marathunga
  • Microsoft සමාගම වෙතින් home users ලට ඒ කියන්නේ ගෙවල් වල පරිග‍ණක භාවිත කරන අලුතින් Anti virus මෘදුකාංගයක් හදුන්වල දීල. එහි නම තමා Microsoft Security Essentials. මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන මෘදුකාංගයක්.
    ඒත් Microsoft සමාගම කියන ආකාරයට මෙය භාවිත කරන්න පුලුවන්Windows Genuine copy ඒ කියන්නේ windows license ගත්ත අයට විතරයි. මෙය Virus, Spy ware ‍ඇතුලුව අනෙකුත් පරිගණකයට හානිකර මෘදුකාංග වලින් ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වෙනවා. වැඩිවිස්තර හා බාගැනීමට මෙතන කොටන්න.
    read more

    Thursday, December 2, 2010

    0

    COM Port එක වැඩද බලන්න හොද ක්‍රමයක්

  • Thursday, December 2, 2010
  • Damith Marathunga
  • Pic Programming, PLC Programming සහ තවත් නොයෙකුත් කාර්යන් වලට COM Port එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් COM Port එක ගොඩත් පරිගණක වල ඉක්මනට ක්‍රියා විරහිත වෙනවා. ‍ඒ වෙලාවට අනිත් Port ‍ව‍ගේ ඉක්මනින් මෙය වැඩකරන්නේ නැහැ කියල හොයා ගන්නත් අමාරැයි. ඉතින් ඒ වගේ වෙලාවට COM Port එක හරියටම වැඩද නැද්ද යන්න බලා ගන්න පුලුවන් විදියක් මම හොය හොය තමයි හිටියේ. මෙහෙ‍ම ඉන්නකොට තමා මට මේ වැඩේ කරන්න ලැබුනේ. මේක නම් හරිම සාර්ථක වුනා. හරියටම check කරගන්න පුලුවන්. ඔයාලටත් අවශ්‍ය වුනොත් කරල බලන්නකෝ. මෙන්න මෙහෙමයි කරන්නේ.

    මුලින්ම මෙයට අවශ්‍ය වෙනවා
    • COM Port male socket එකක්
    • විදුලි පාහනයක්
    • ඊයම්
    • කුඩා වයර් කැබැල්ලක්
    මුලින්ම COM Port male socket එක අරගෙන පහත රෑපයේ පරිදි විදුලි පාහනය ආධාරයෙන් පාස්සා ගන්න. මෙහිදී කරන්නෙ COM Port එකට loopback එකක් දැමීම. එවිට කුඩා මෘදුකාංගයන් බාවිතයෙන් මෙය test කරගන්න පුලුවන්.
    ඉන් පසු ‍socket එකේ cap එකට ඇණ එහෙම දාලා හදාගන්නකෝ. දැන් ඉතින් තියෙන්නේ ඉතුරැ ටික කරන්න කලින් මෙන්න මේ මෘදුකාංගය බාගන්න. දැන් COM Port socket එක COM Port එකට plug කරන්න. දැන් බා ගත්ත මෘදුකාංගය extract කරගෙන් එය පරිගණකයේ ස්ථාපිත කරගෙන එය විවෘත කරන්න.
















    මෘදුකාංගය විවෘත කිරීමෙන් පසු ඔබට test කිරිමද අවශ්‍ය COM Port එකෙහි අංකය ‍ලබා දෙන්න. ඉන් පසු ලැබෙන තිරයෙන් COM Port හි setting ලබා දෙන්න. එය තිබෙන් අයුරින්ම ඉදිරියට යන්න. දැන් F1, F2 ලෙස function key press කරන්න. එවිට ඔබ ලබාදෙන ක්මාන්ඩ් එක දෙවන කොටුවේද ලැබේ නම් COM Port එකෙ ක්‍රියාකාරී තත්වයේ පවතී. නැතහොත් COM Port එකෙ අක්‍රීය වී ඇත.

    ‍ක්මාන්ඩ් ආපසු ලැබෙන අයුරැ
















    read more

    Sunday, November 28, 2010

    1

    windows Media Player එකට Dolby Surround plug-in එකක්

  • Sunday, November 28, 2010
  • Damith Marathunga
  • windows Media Player එකට මෙම plug-in එක ස්ථාපිත කිරීම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා

    windows Media Player 10 or Later version
    Microsoft Windows 98SE/ME/2000/XP
    500 MHz CPU (600 MHz recommended)
    128 MB RAM
    1.3 MB Free drive space
    Multichannel sound card (except Turtle Beach)
    A minimum of 4 speakers


    මුලින්ම මෙම මෘදුකාංග බාගන්නකෝ
    දැන් මුලින්ම windows Media Player 10 ස්ථාපිත කරන්න. ඉන් පසුව Windows Media Player Dolby Surround II Plugin v1.4.2.0 තුල වූ csii_wmp_plugin_1_4_2_0 file මත් දෙවරක් ක්ලික් කර එය ස්ථාපිත කරන්න. දැන් windows Media Player එක විවෘත කරන්න. Instruções & Serial තුල වූ
    Username හා Serial එක enter කරන්න. ඒ සදහා CSII_Plugin_Manual(Ingles).pdf ‍තුල වූ විස්තර කිරීම භාවිත කරන්න. සියලු විස්තර මෙම manual එකෙහි අන්තරගත කර ඇත. මෙය මම බොහෝ කාලයක සිට භාව්ත කරන හොද මෘදුකාංගයකි.

    read more

    Friday, November 26, 2010

    2

    Pen Drive එකට මුර පදයක් දාමුද? USB.Secure.v1.5.0

  • Friday, November 26, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ Pen Drive එකට Password දාලා protect කරගන්න ක්‍රමයක් ගැන. මුලින්ම මෙන්න මේ මෘදුකාංගය බාගන්න මෙතන ඔබන්නකෝ. දැන් Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. ඉන් පසුව මෘදුකාංගය run කරන්න. දැන් අදාල මෘදුකාංගය Pen Drive එක තුල ස්ථාපිත වෙනු ඇත. දැන් Pen Drive එකය මත දෙවරක් ක්ලික් කර විට මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන් පසු ලැබෙන තිරයේ register ස්ථානයට text file එක තුල ඇති Serial Key හා Registration number එක ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය මුර පදයක් යොදා Pen Drive එක protect කරගන්න. උත්සහ කරල බලන්න. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් ප්‍රයොජනවත්.
    read more

    Thursday, November 25, 2010

    1

    Ubuntu වල Dongle එක Disconnect වෙනවද

  • Thursday, November 25, 2010
  • Damith Marathunga
  • Ubuntu වල සමහර වෙලාවට USB Dongle ‍එක Disconnect වෙනවා. ඒ වෙලාවට අයෙ Dongle ‍එක connect කරන්නත් බැහැ. සමහර වෙලාවට ඔගොල්ලොත් මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියෙන්නත් පුලුවන්. මට නම් මේක මහ වදයක් වුනා. ඉතින් නෙට් එකේ හොයල හොයල අන්තිමට ලැබුනා උත්‍තරය. කාට හරි උවමනා වෙයි කියල හිතල තමා post එක දාන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. වැඩිය පැහැදිලි කිරීම් නැතුව දාන්නම්කො..

    • මුලින්ම terminal එක open කරගන්න. root ගිනුමට log වෙන්න.
    • දැන් ls ගහලා බලන්න usb dongle එක අරගෙන ති‍යනවද කියලා. අරගෙන නැත්තම් අයෙත් ගලවල ගහල බලන්න. icon එක desktop එකට එන්න ඕන.






    • ඊ‍ට පස්සේ usb_modeswitch කියල මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕන. මම නම් මේක ස්ථාපනය කලේ dongle එකෙන් අන්තර්ජාලය ‍වැඩ කරන වෙලාවක. මේ සදහා පහත පරිදි කේතනය කරන්න. sudo apt-get install usb-modeswitch
    • ඉන් පසුව එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න. මෙම ගොනුව ලබා ගැනිම සදහා පහත පරිදි කේතනය කරන්න. එවිට ලැබෙන තිරයේ වෙනස්කම් සිදුකිරීම සදහා insert බටනය ඔබන්න.
    vim /etc/usb_modeswitch.conf

    ------------------ start of /etc/usb_modeswitch.conf -------------------------

    DefaultVendor= 0x12d1
    DefaultProduct= 0x1446

    TargetVendor = 0x12d1
    TargetProduct= 0x1001

    MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
    MessageEndpoint=0x01
    CheckSuccess=5
    ------------------ end of /etc/usb_modeswitch.conf --------------------------

    • ඉන් පසුව wvdial මෘදුකාංගය ස්ථාපනය කරගන්න
    apt-get install wvdial

    • එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න
    vim /etc/wvdial.conf

    ------------------ start of /etc/wvdial.conf -------------------------
    [Dialer Defaults]
    Init1 = ATZ
    Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
    Modem Type = USB Modem
    Baud = 460800
    New PPPD = yes
    Modem = /dev/ttyUSB0
    ISDN = 0
    Phone = *99#
    Password = ****
    Username = ****
    stupid mode = 1
    ------------------ end of /etc/wvdial.conf -------------------------

    මෙහි **** යන තැනට ඔබට username හා password එකක් ඇත්තම් පමනක් යොදන්න. නැතිනම් හිස්ව තබන්න.
    • දැන් ඔබ usb_modeswitch‍ ලෙස කේතනය කරන්න. තත්පර කිහිපයකට පසුව wvdial ලෙස කේතනය කරන්න. දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වනු ඇත.
    • සම්බන්ධතාවය විසන්ධි කීරිම සදහා Ctrl + C ඔබන්න.
    • මම මෙය සාර්ථකව අත්හදා බැලුව. ඔබටත් මේ ගැටලුව ඇත්නම් මෙය උත්සහ කරල බලන්න. ප්‍රශ්නයක් ති‍යනවනම් ඒ ගැන කියන්න.
    read more

    Friday, October 22, 2010

    9

    මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත

  • Friday, October 22, 2010
  • Damith Marathunga
  • ‍මේක $48.97 කියලා තමා දාලා ති‍බුනේ. මේකෙ ති‍යනවනෙ make offer කියලා. මම $35 කට offer කලා. seller $41 කට offer කලා. ඊට පස්සෙ මම ආයෙත් $38 කට දැම්මා. ඒ පාර මිනිහා offer accept කලා. ඒ ගමන මම මොඩම් එක ගත්තා.

    මොඩම් එකේ විස්තර පහතින් බලන්නකෝ

    Main Features

    HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
    HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
    UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
    EDGE packet data service with a maximum
    downlink transmission rate of 236.8kbps
    SMS service
    Auto installation, convenient for use

    Microsoft Windows requirements:

    • Standard USB interface
    • Microsoft Windows 2000, XP or Vista
    • Microsoft Internet Explorer 5.5 or higher
    • At least 50MB free disk space and 128MB RAM

    Apple Mac requirements:

    • Standard USB interface
    • Optimised for Power PC based Macs and Intel based Macs
    • Mac OS X Panther 10.3.9 or higher

    Auto switch frequency :YES










    read more

    Receive Free Updates

    Subscribe