Friday, November 26, 2010

2

Pen Drive එකට මුර පදයක් දාමුද? USB.Secure.v1.5.0

  • Friday, November 26, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ Pen Drive එකට Password දාලා protect කරගන්න ක්‍රමයක් ගැන. මුලින්ම මෙන්න මේ මෘදුකාංගය බාගන්න මෙතන ඔබන්නකෝ. දැන් Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. ඉන් පසුව මෘදුකාංගය run කරන්න. දැන් අදාල මෘදුකාංගය Pen Drive එක තුල ස්ථාපිත වෙනු ඇත. දැන් Pen Drive එකය මත දෙවරක් ක්ලික් කර විට මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන් පසු ලැබෙන තිරයේ register ස්ථානයට text file එක තුල ඇති Serial Key හා Registration number එක ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය මුර පදයක් යොදා Pen Drive එක protect කරගන්න. උත්සහ කරල බලන්න. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් ප්‍රයොජනවත්.
    read more

    Thursday, November 25, 2010

    1

    Ubuntu වල Dongle එක Disconnect වෙනවද

  • Thursday, November 25, 2010
  • Damith Marathunga
  • Ubuntu වල සමහර වෙලාවට USB Dongle ‍එක Disconnect වෙනවා. ඒ වෙලාවට අයෙ Dongle ‍එක connect කරන්නත් බැහැ. සමහර වෙලාවට ඔගොල්ලොත් මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියෙන්නත් පුලුවන්. මට නම් මේක මහ වදයක් වුනා. ඉතින් නෙට් එකේ හොයල හොයල අන්තිමට ලැබුනා උත්‍තරය. කාට හරි උවමනා වෙයි කියල හිතල තමා post එක දාන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. වැඩිය පැහැදිලි කිරීම් නැතුව දාන්නම්කො..

    • මුලින්ම terminal එක open කරගන්න. root ගිනුමට log වෙන්න.
    • දැන් ls ගහලා බලන්න usb dongle එක අරගෙන ති‍යනවද කියලා. අරගෙන නැත්තම් අයෙත් ගලවල ගහල බලන්න. icon එක desktop එකට එන්න ඕන.






    • ඊ‍ට පස්සේ usb_modeswitch කියල මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕන. මම නම් මේක ස්ථාපනය කලේ dongle එකෙන් අන්තර්ජාලය ‍වැඩ කරන වෙලාවක. මේ සදහා පහත පරිදි කේතනය කරන්න. sudo apt-get install usb-modeswitch
    • ඉන් පසුව එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න. මෙම ගොනුව ලබා ගැනිම සදහා පහත පරිදි කේතනය කරන්න. එවිට ලැබෙන තිරයේ වෙනස්කම් සිදුකිරීම සදහා insert බටනය ඔබන්න.
    vim /etc/usb_modeswitch.conf

    ------------------ start of /etc/usb_modeswitch.conf -------------------------

    DefaultVendor= 0x12d1
    DefaultProduct= 0x1446

    TargetVendor = 0x12d1
    TargetProduct= 0x1001

    MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
    MessageEndpoint=0x01
    CheckSuccess=5
    ------------------ end of /etc/usb_modeswitch.conf --------------------------

    • ඉන් පසුව wvdial මෘදුකාංගය ස්ථාපනය කරගන්න
    apt-get install wvdial

    • එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න
    vim /etc/wvdial.conf

    ------------------ start of /etc/wvdial.conf -------------------------
    [Dialer Defaults]
    Init1 = ATZ
    Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
    Modem Type = USB Modem
    Baud = 460800
    New PPPD = yes
    Modem = /dev/ttyUSB0
    ISDN = 0
    Phone = *99#
    Password = ****
    Username = ****
    stupid mode = 1
    ------------------ end of /etc/wvdial.conf -------------------------

    මෙහි **** යන තැනට ඔබට username හා password එකක් ඇත්තම් පමනක් යොදන්න. නැතිනම් හිස්ව තබන්න.
    • දැන් ඔබ usb_modeswitch‍ ලෙස කේතනය කරන්න. තත්පර කිහිපයකට පසුව wvdial ලෙස කේතනය කරන්න. දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වනු ඇත.
    • සම්බන්ධතාවය විසන්ධි කීරිම සදහා Ctrl + C ඔබන්න.
    • මම මෙය සාර්ථකව අත්හදා බැලුව. ඔබටත් මේ ගැටලුව ඇත්නම් මෙය උත්සහ කරල බලන්න. ප්‍රශ්නයක් ති‍යනවනම් ඒ ගැන කියන්න.
    read more

    Friday, October 22, 2010

    9

    මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත

  • Friday, October 22, 2010
  • Damith Marathunga
  • ‍මේක $48.97 කියලා තමා දාලා ති‍බුනේ. මේකෙ ති‍යනවනෙ make offer කියලා. මම $35 කට offer කලා. seller $41 කට offer කලා. ඊට පස්සෙ මම ආයෙත් $38 කට දැම්මා. ඒ පාර මිනිහා offer accept කලා. ඒ ගමන මම මොඩම් එක ගත්තා.

    මොඩම් එකේ විස්තර පහතින් බලන්නකෝ

    Main Features

    HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
    HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
    UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
    EDGE packet data service with a maximum
    downlink transmission rate of 236.8kbps
    SMS service
    Auto installation, convenient for use

    Microsoft Windows requirements:

    • Standard USB interface
    • Microsoft Windows 2000, XP or Vista
    • Microsoft Internet Explorer 5.5 or higher
    • At least 50MB free disk space and 128MB RAM

    Apple Mac requirements:

    • Standard USB interface
    • Optimised for Power PC based Macs and Intel based Macs
    • Mac OS X Panther 10.3.9 or higher

    Auto switch frequency :YES










    read more

    Wednesday, September 29, 2010

    5

    අන්තර්ජාලයෙන් කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද?

  • Wednesday, September 29, 2010
  • Damith Marathunga
  • මමත් එක එක ptc සයිට් වලින් මුදල් හොයන්න පුලුවන්ද කියල උත්සහ කරල බැලුව. ඒත් ඒ සයිට් වල කියනව තරම් නම් ප්‍රතිපල ගන්න අමාරැයි. සමහර සයිට් වල සල්ලි‍ දෙන්නෙත් නැහැ. අපරාදෙ මහන්සිය. ඒවට මහන්සි වෙන වෙලාවෙ කෙහෙල් ගහක් හිටෙව්ව නම් කෙහෙල් කැන වත් විකුන ගන්න ති‍බුන කියල මට හිතෙනව.

    Google ad sense නම් හොදයි. ඒත් මගෙ ad sense account එක active වෙන්නෙ නැහැ.

    එක සයිට් එකක් නම් හම්බ වුනා ඒකෙන් නම් paypal වලට මුදල් එවනවා. මම ඒකත් කියන්නම්කො. ඒ සයිට් එක තමා www.paidtoclick.co.in. එත් මේකෙ දවසට ads 4යි click කරන්න පුලුවන්. ඒකෙන් ලැබෙන්නෙ $0.10 යි.‍ ඔයාලටත් ඕන නම් try කරල බලන්න පහත යොමුවෙන්.




    ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමා internet එකෙන් ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද කියන එක. මේ ගැන දන්න අය ඉන්නව නම් ඒ ගැන මටත් කියල දෙන්න. මම හිතනව මෙම ලිපියට යහපත් ප්‍රතිචාර ලැබෙයි කියලා. සල්ලි හොයන්න පුලුවන් විස්වාසවන්ත සයිට් තියෙනව නම් ඒ ගැනත් කියන්න.

    අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද? comment එකක් දාලම යන්න.
    read more

    Monday, September 20, 2010

    1

    ලිනක්ස් Terminal Command වලින් Back up Disks - clone hard disk

  • Monday, September 20, 2010
  • Damith Marathunga
  • මෙම කේතනය භාවිත කරල Hard Disk එකේ Data Back up කර ගැනීම හා Disk එකේ Copy එකක් ගැනීම කරන්න පුලුවන්. මට මෙය ලැබුනේ English Blog අඩවියක තිබිල.

    Clone a Hard disk before making changes to it is a great way to be sure you can go back to the previous state.

    I usually do that before a major Linux upgrade on my servers, if something brokes during the update I can easily go back.

    And the command is as easy as:

    dd if=/dev/hda of=/dev/hdb

    Where if is the input media and of is the output media, be sure to avoid mistakes, as you can ruin your hard disk.

    Backup to an image

    If you prefer you can also save to an image, instead of using a whole disk as the target.

    dd if=/dev/sda of=~/backup-disk-YY-MM-DD.img

    If you want to store it on a CD or DVD, just follow this way.

    First compress it

    gzip ~/backup-disk-YY-MM-DD.img

    Burn the image on the CD/DVD

    cdrecord -v speed=8 dev=0,0,0 name_of_iso_file.iso

    Restore backups

    To restore the images, just exchange the if and of targets.

    Example:

    dd if=~/backup-disk-YY-MM-DD.img of=/dev/sda

    Note:

    Be sure to, not mess with

    /dev/sda, /dev/hda, /dev/sda1.. etc... you can check the mounted points using the command df. It may have an output like this:

    Filesystem           1K-blocks      Used Available Use% Mounted on
    /dev/hda3 74786624 57024748 13962908 81% /
    /dev/hda1 101086 36808 59059 39% /boot
    none 513256 0 513256 0% /dev/shm

    Or maybe like this:

    /dev/disk/by-uuid/fc8f5296-7bd8-463a-87af-87c6d2215ff9
    42034200 15579204 24319972 40% /
    read more

    Sunday, September 5, 2010

    0

    USB Port එකට ‍Firewall එකක්

  • Sunday, September 5, 2010
  • Damith Marathunga
  • USB pen එකේ තියෙන autorun.inf file එක pen එක ඇතුලේ hidden වෙලා තියෙන්නෙ. මේ නිසා අපට pen එක විවෘත කරල බලනකොට මෙය පේ‍නනේ නැහැ. අපි pen එක double click කරනකොට වෛරස් exe run වෙනවා. ඊට පස්සෙ ඉතින් වෛරස් එක අයින් කරන්න දගලන්න ඕනනෙ. මේ මෘදුකාංගයෙන් pen එකේ autorun.inf file එක තිබුනොත් ඒක පෙන්න‍නවා. එම autorun.inf file එක සමග run වන වෛරස් exe එකත් පෙන්වනවා. එවා delete කරන්නත් පුලුවන්. ඉතින් ‍USB pen පරිගණකයට plug කරනකොට මෙයත් යම් තාක් දුරට වෛරස් ඒම වලක්වා ගන්න පුලුවන් මෘදුකාංගයක් වේවි. මෙයින් සමහර වෛරස් නම් පෙන්වන්නේ නැහැ. මමත් මේක භාවිත කරනවා. autorun.inf file හදුනාගන්න ඒවා delete කරන්න නම් මේ මෘදුකාංගය ගොඩක් හොදයි. බා ගෙන බලන්නකො.

    Download Usb Firewall
    read more

    Thursday, September 2, 2010

    5

    4G තක්ෂණය කරලියට පැමිණේ.

  • Thursday, September 2, 2010
  • Damith Marathunga
  • ලෝකය පුර‍ා ජංගම දුරකථන සදහා 2G (GSM) තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනු ලබනවා. නමුත් 2G (GSM) තාක්ෂණයේ තිබෙන ලොකුම බාධාව තමා දත්ත සම්ප්‍රේෂණ වේගය සිමා සහිත වීම. මෙය ‍2G (GSM) තාක්ෂණය සතු දුර්වලතාවයක්. මෙම දුර්වලතාවය වි‍ඩියෝ සංවාද විඩියෝ, file බා ගැනීම වැනි ක්‍රියාවලින්ට ලොකුම බාධාවක් ව පවතිනවා. මෙම දුර්වලතාවය නිවරදි කිරීම සදහා එනම් GSM network එක තුල Data transfer speed එක වැඩි දියුණු කිරීම සදහා විවිද අලුත් තාක්ෂණයන් කරලියට එමින් තිබෙනවා. ඉන් පලමු වැන්න තමා 2.5G GPRS තාක්ෂණය. මෙය GSM තාක්ෂණයට වඩා දත්ත සම්ප්‍රේෂණය කාර්යක්ෂමව සිදු කල නමුත් එය ප්‍රමාණවත් වේගයක් වුනේ නැහැ. මැතකදී හදුන්වා දුන් 3G (WCDMA/UMTS) technology එක තුලින් දත්ත සම්ප්‍රේෂණ ක්‍රියාවලිය තුල පැහැදිලි වෙනසක් ඇති කලා. මෙහි උපරිම දත්ත සම්ප්‍රේෂණ වේගය වන්නේ 2Mbps.

    ‍දැන් මේ වේගයත් අභිභවා යන තාක්ෂණයක් ඇවිත්. ඒ තමා 4G technology එක. මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 100Mbps සිට 1Gbps දක්වා යන්න පුලුවන්. මෙහි 100Mbps යනු outdoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වන අතර 1Gbps indoor ‍දත්ත සම්ප්‍රේෂණ වේගය වේ.

    මෙම තාක්ෂණය වේගවත් විඩියෝ සංවාද සේවා රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් සදහා උපකාරී වන බව සදහන් වේ. මෙහි bandwidth එක 100 MHz තරම් පුලුල් අගයක් ගනී. ඒ වගේම මෙහි දත්ත සම්ප්‍රේෂණ පිරිවැයද ස‍ාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම තවත් පහසුවක් ලෙස හැදින්විය හැකිය. තවද මෙහි IP networks නෙට්වරක් එක IPv6 මත පදනම් වු එකකි. ‍ඒනිසා ඉතා පුලුල් සම්බන්ධතාවයක් පවත්වා ගත හැකිවනු ඇත. ඒ වගේම වැඩි දියුනු කල ආරක්ෂක උපක්‍රමද මෙහි අන්තර්ගත කොට ඇති බව වාර්ත වේ.

    මෙහි ඇති පහසුකම් නම් මුලු ජාලයම packet switched (IP based) තාක්ෂණය මත ක්‍රියාත්මක ‍වේ. ඉහල bandwidth එකක් ලාබදායි ලෙස සම්ප්‍රේෂණය කල හැකි වීම හැදින්විය හැකිය.

    නුදුරැ අනාගතයේම අපටත් 4G තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලබෙනු ඇත.

    read more

    Wednesday, September 1, 2010

    0

    USB Pen Drive එක encrypt කර password එකක් දාමු.

  • Wednesday, September 1, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ ඔ‍බගේ usb pen drive එකට ආරක්ෂාවක් සලසා දෙන මෘදුකාංගයක් ගැන. Storagecrypt v4.0.0 මෙම මෘදුකාංගය භාවිතයෙන් usb pen drive එක password එකක් යොදා encrypt කර ගත හැකිය. මෙම මෘදුකාංගය portable මෘදුකාංගයක් ලෙස භාවිත කල හැකි නිසා පහසුවෙන් භාවිත කල හැකිය. දැන් මම කියන්නම් කොහොමද මෙම මෘදුකාංගය භාවිතයෙන් usb pen drive එක protect කර ගන්නේ කියලා.
    • මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කර එය run කරන්න.
    • Choose Disk Drive කොටසේ ඇති Drive වලින්pen drive එක තෝරන්න.
    • Portable Use‍ කොටසේ ඇති full තෝරන්න.
    • ඔබට අවශ්‍ය password එකක්‍ ‍තෝරාගෙන එය enter password තුල වු text box වලට දී encrypt මත මවුස් ක්ලික් කරන්න
    • දැන් pen drive එක විවෘත කර බලන්න. එහි file සියල්ලම නොපෙනී යන අතර මෙම මෘදුකංගය pen drive එකට copy වී ඇති බව ඔබට දැක ගන්නට පුලුවන.
    • දැන් ඔබට අවශ්‍ය විට windows run වන ඕනම පරිගණකයක මෙම මෘදුකාංය භාවිත කර pen drive Decrypt කර භාවිතයට ගත හැකිය.
    මෙම මෘදුකාංගය භාවිතයෙන් ඔබගේ දත්ත ආරක්ෂාකාරී ලෙස ගබඩා කර තබා ගත හැකි වනු ඇත. මෙම මෘදුකංගය පහත යොමුවෙන් බා ගන්න.

    Download Storagecrypt v4.0.0
    read more

    Receive Free Updates

    Subscribe