Friday, December 10, 2010
EXE වලට මුර පදයක් දාමු..
Thursday, December 9, 2010
Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය
Thursday, December 2, 2010
COM Port එක වැඩද බලන්න හොද ක්‍රමයක්
මුලින්ම මෙයට අවශ්‍ය වෙනවා
- COM Port male socket එකක්
- විදුලි පාහනයක්
- ඊයම්
- කුඩා වයර් කැබැල්ලක්
ක්මාන්ඩ් ආපසු ලැබෙන අයුරැ
Sunday, November 28, 2010
windows Media Player එකට Dolby Surround plug-in එකක්
windows Media Player 10 or Later version
Microsoft Windows 98SE/ME/2000/XP
500 MHz CPU (600 MHz recommended)
128 MB RAM
1.3 MB Free drive space
Multichannel sound card (except Turtle Beach)
A minimum of 4 speakers
මුලින්ම මෙම මෘදුකාංග බාගන්නකෝ
- Windows Media Player 10 (මෙය torrent file එකකි)
- Windows Media Player Dolby Surround II Plugin v1.4.2.0
Username හා Serial එක enter කරන්න. ඒ සදහා CSII_Plugin_Manual(Ingles).pdf තුල වූ විස්තර කිරීම භාවිත කරන්න. සියලු විස්තර මෙම manual එකෙහි අන්තරගත කර ඇත. මෙය මම බොහෝ කාලයක සිට භාව්ත කරන හොද මෘදුකාංගයකි.
Friday, November 26, 2010
Pen Drive එකට මුර පදයක් දාමුද? USB.Secure.v1.5.0
Thursday, November 25, 2010
Ubuntu වල Dongle එක Disconnect වෙනවද
- මුලින්ම terminal එක open කරගන්න. root ගිනුමට log වෙන්න.
- දැන් ls ගහලා බලන්න usb dongle එක අරගෙන තියනවද කියලා. අරගෙන නැත්තම් අයෙත් ගලවල ගහල බලන්න. icon එක desktop එකට එන්න ඕන.
- ඊට පස්සේ usb_modeswitch කියල මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕන. මම නම් මේක ස්ථාපනය කලේ dongle එකෙන් අන්තර්ජාලය වැඩ කරන වෙලාවක. මේ සදහා පහත පරිදි කේතනය කරන්න. sudo apt-get install usb-modeswitch
- ඉන් පසුව එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න. මෙම ගොනුව ලබා ගැනිම සදහා පහත පරිදි කේතනය කරන්න. එවිට ලැබෙන තිරයේ වෙනස්කම් සිදුකිරීම සදහා insert බටනය ඔබන්න.
------------------ start of /etc/usb_modeswitch.conf -------------------------
DefaultVendor= 0x12d1
DefaultProduct= 0x1446
TargetVendor = 0x12d1
TargetProduct= 0x1001
MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
MessageEndpoint=0x01
CheckSuccess=5
------------------ end of /etc/usb_modeswitch.conf --------------------------
- ඉන් පසුව wvdial මෘදුකාංගය ස්ථාපනය කරගන්න
- එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න
------------------ start of /etc/wvdial.conf -------------------------
[Dialer Defaults]
Init1 = ATZ
Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
Modem Type = USB Modem
Baud = 460800
New PPPD = yes
Modem = /dev/ttyUSB0
ISDN = 0
Phone = *99#
Password = ****
Username = ****
stupid mode = 1
------------------ end of /etc/wvdial.conf -------------------------
- දැන් ඔබ usb_modeswitch ලෙස කේතනය කරන්න. තත්පර කිහිපයකට පසුව wvdial ලෙස කේතනය කරන්න. දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වනු ඇත.
- සම්බන්ධතාවය විසන්ධි කීරිම සදහා Ctrl + C ඔබන්න.
- මම මෙය සාර්ථකව අත්හදා බැලුව. ඔබටත් මේ ගැටලුව ඇත්නම් මෙය උත්සහ කරල බලන්න. ප්‍රශ්නයක් තියනවනම් ඒ ගැන කියන්න.
Friday, October 22, 2010
මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත
මොඩම් එකේ විස්තර පහතින් බලන්නකෝ
Main Features
HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
EDGE packet data service with a maximum downlink transmission rate of 236.8kbps
SMS service
Auto installation, convenient for use
Microsoft Windows requirements:
- Standard USB interface
- Microsoft Windows 2000, XP or Vista
- Microsoft Internet Explorer 5.5 or higher
- At least 50MB free disk space and 128MB RAM
Apple Mac requirements:
- Standard USB interface
- Optimised for Power PC based Macs and Intel based Macs
- Mac OS X Panther 10.3.9 or higher
Auto switch frequency :YES
Wednesday, September 29, 2010
අන්තර්ජාලයෙන් කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද?
Google ad sense නම් හොදයි. ඒත් මගෙ ad sense account එක active වෙන්නෙ නැහැ.
එක සයිට් එකක් නම් හම්බ වුනා ඒකෙන් නම් paypal වලට මුදල් එවනවා. මම ඒකත් කියන්නම්කො. ඒ සයිට් එක තමා www.paidtoclick.co.in. එත් මේකෙ දවසට ads 4යි click කරන්න පුලුවන්. ඒකෙන් ලැබෙන්නෙ $0.10 යි. ඔයාලටත් ඕන නම් try කරල බලන්න පහත යොමුවෙන්.
ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමා internet එකෙන් ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද කියන එක. මේ ගැන දන්න අය ඉන්නව නම් ඒ ගැන මටත් කියල දෙන්න. මම හිතනව මෙම ලිපියට යහපත් ප්‍රතිචාර ලැබෙයි කියලා. සල්ලි හොයන්න පුලුවන් විස්වාසවන්ත සයිට් තියෙනව නම් ඒ ගැනත් කියන්න.
අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද? comment එකක් දාලම යන්න.
Monday, September 20, 2010
ලිනක්ස් Terminal Command වලින් Back up Disks - clone hard disk
Clone a Hard disk before making changes to it is a great way to be sure you can go back to the previous state.
I usually do that before a major Linux upgrade on my servers, if something brokes during the update I can easily go back.
And the command is as easy as:
dd if=/dev/hda of=/dev/hdb
Where if is the input media and of is the output media, be sure to avoid mistakes, as you can ruin your hard disk.
Backup to an image
If you prefer you can also save to an image, instead of using a whole disk as the target.
dd if=/dev/sda of=~/backup-disk-YY-MM-DD.img
If you want to store it on a CD or DVD, just follow this way.
First compress it
gzip ~/backup-disk-YY-MM-DD.img
Burn the image on the CD/DVD
cdrecord -v speed=8 dev=0,0,0 name_of_iso_file.iso
Restore backups
To restore the images, just exchange the if and of targets.
Example:
dd if=~/backup-disk-YY-MM-DD.img of=/dev/sda
Note:
Be sure to, not mess with
/dev/sda, /dev/hda, /dev/sda1.. etc... you can check the mounted points using the command df
. It may have an output like this:
Filesystem 1K-blocks Used Available Use% Mounted on
/dev/hda3 74786624 57024748 13962908 81% /
/dev/hda1 101086 36808 59059 39% /boot
none 513256 0 513256 0% /dev/shm
Or maybe like this:
/dev/disk/by-uuid/fc8f5296-7bd8-463a-87af-87c6d2215ff9
42034200 15579204 24319972 40% /
Sunday, September 5, 2010
USB Port එකට Firewall එකක්
Download Usb Firewall
Thursday, September 2, 2010
4G තක්ෂණය කරලියට පැමිණේ.
ලෝකය පුරා ජංගම දුරකථන සදහා 2G (GSM) තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනු ලබනවා. නමුත් 2G (GSM) තාක්ෂණයේ තිබෙන ලොකුම බාධාව තමා දත්ත සම්ප්‍රේෂණ වේගය සිමා සහිත වීම. මෙය 2G (GSM) තාක්ෂණය සතු දුර්වලතාවයක්. මෙම දුර්වලතාවය විඩියෝ සංවාද විඩියෝ, file බා ගැනීම වැනි ක්‍රියාවලින්ට ලොකුම බාධාවක් ව පවතිනවා. මෙම දුර්වලතාවය නිවරදි කිරීම සදහා එනම් GSM network එක තුල Data transfer speed එක වැඩි දියුණු කිරීම සදහා විවිද අලුත් තාක්ෂණයන් කරලියට එමින් තිබෙනවා. ඉන් පලමු වැන්න තමා 2.5G GPRS තාක්ෂණය. මෙය GSM තාක්ෂණයට වඩා දත්ත සම්ප්‍රේෂණය කාර්යක්ෂමව සිදු කල නමුත් එය ප්‍රමාණවත් වේගයක් වුනේ නැහැ. මැතකදී හදුන්වා දුන් 3G (WCDMA/UMTS) technology එක තුලින් දත්ත සම්ප්‍රේෂණ ක්‍රියාවලිය තුල පැහැදිලි වෙනසක් ඇති කලා. මෙහි උපරිම දත්ත සම්ප්‍රේෂණ වේගය වන්නේ 2Mbps.
දැන් මේ වේගයත් අභිභවා යන තාක්ෂණයක් ඇවිත්. ඒ තමා 4G technology එක. මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය 100Mbps සිට 1Gbps දක්වා යන්න පුලුවන්. මෙහි 100Mbps යනු outdoor දත්ත සම්ප්‍රේෂණ වේගය වන අතර 1Gbps indoor දත්ත සම්ප්‍රේෂණ වේගය වේ.
මෙම තාක්ෂණය වේගවත් විඩියෝ සංවාද සේවා රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් සදහා උපකාරී වන බව සදහන් වේ. මෙහි bandwidth එක 100 MHz තරම් පුලුල් අගයක් ගනී. ඒ වගේම මෙහි දත්ත සම්ප්‍රේෂණ පිරිවැයද සාපේක්ෂව ඉතා අඩු අගයක් ගැනීම තවත් පහසුවක් ලෙස හැදින්විය හැකිය. තවද මෙහි IP networks නෙට්වරක් එක IPv6 මත පදනම් වු එකකි. ඒනිසා ඉතා පුලුල් සම්බන්ධතාවයක් පවත්වා ගත හැකිවනු ඇත. ඒ වගේම වැඩි දියුනු කල ආරක්ෂක උපක්‍රමද මෙහි අන්තර්ගත කොට ඇති බව වාර්ත වේ.
මෙහි ඇති පහසුකම් නම් මුලු ජාලයම packet switched (IP based) තාක්ෂණය මත ක්‍රියාත්මක වේ. ඉහල bandwidth එකක් ලාබදායි ලෙස සම්ප්‍රේෂණය කල හැකි වීම හැදින්විය හැකිය.
නුදුරැ අනාගතයේම අපටත් 4G තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලබෙනු ඇත.
Wednesday, September 1, 2010
USB Pen Drive එක encrypt කර password එකක් දාමු.
- මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කර එය run කරන්න.
- Choose Disk Drive කොටසේ ඇති Drive වලින්pen drive එක තෝරන්න.
- Portable Use කොටසේ ඇති full තෝරන්න.
- ඔබට අවශ්‍ය password එකක් තෝරාගෙන එය enter password තුල වු text box වලට දී encrypt මත මවුස් ක්ලික් කරන්න
- දැන් pen drive එක විවෘත කර බලන්න. එහි file සියල්ලම නොපෙනී යන අතර මෙම මෘදුකංගය pen drive එකට copy වී ඇති බව ඔබට දැක ගන්නට පුලුවන.
- දැන් ඔබට අවශ්‍ය විට windows run වන ඕනම පරිගණකයක මෙම මෘදුකාංය භාවිත කර pen drive Decrypt කර භාවිතයට ගත හැකිය.
Download Storagecrypt v4.0.0
Tuesday, August 31, 2010
USB Pen එක Write Protect කරන්න දන්නවද?
පහත යොමුව තුලින මෘදුකාංගය බාගන්න. ඉන් පසුව එහි ඇති files ඔබගේ USB Pen එක තුලට කොපි කරන්න. ඉන් පසු UsbWriteProtect.exe එක run කර usb write protection on/off විකල්ප දෙකෙන් ඔබට අවශ්‍ය කරන විකල්පය තෝරා close විධානය click කරන්න. දැන් ඔබේ USB Pen එක පරිගණකයෙන් ගලවා නැවත සම්බන්ධ කර බලන්න. එය තුල folder හෝ file කොපි කිරීමට ද නොහැකිය. මෙම ක්‍රමය උපයෝගී කර ඔබගේ Pen එක වෛරස් වලින් ආරක්ෂා කර ගත හැකිය.
මෘදුකාංගය බා ගන්න.
Pen එක encrypt හා decrypt කරගන්නා ආකාරය පිළිබද ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
මේ ලිපිය කියවල ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න. මොකද ලිපියකට comment එකක් ලැබුනාම පොඩි ගැම්මක් තියනවනෙ.
Monday, August 30, 2010
ඔක්කොම ලට පට ටික එකම තැටියක (All in One)
මේ CD එක තමා Hiren's BootCD. මෙම CD එකේ අපට අවශ්‍ය වන මෘදුකාංග රාශියක්ම අන්තර්ගත කරල තියෙනවා. ඒ නිසයි ගොඩක් වැදගත් වෙන්නේ. මෙහි අන්තර්ගත මෘදුකාංග අතර Antivirus tool, hard disk partition tool, recovery software, hard disk repair tool, disk clone tool, mini windows, password reset tool, diagnostics tool අදී මෘදුකාංග එකතුවක් දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වයක් නම් මෙය bootable මෙන්ම windows run වන විට වුවද මෘදුකාංග ක්‍රියකරවිය හැකි වීමය. මෙම CD එක ඔබගේ usb pen එකටද install කර ගත හැකිය. එය සිදු කරන ආකාරය ඊලග ලිපියෙන් කියන්නම්. usb pen එකට install කර ගත් පසුව භාවිතය සදහා වඩාත් පහසුය. එවිට වඩාත් පහසුවෙන් ගෙන යා හැකි නිස ඕනම අවස්ථාවක පරිගණකය usb එකෙන් පණගන්වා මෙම මෘදුකාංග හා වැඩ කල හැකිය. මෙම CD එක ඔබ සැමට ප්‍රයෝජනවත් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.
නොමිලේ බාගැනීම සදහා පහත යොමු වලට යන්න.
මෙම CD අන්තර්ගත මෘදුකාංග වල විස්තරයක් පහත සදහන් කර ඇත.
CopyWipe 1.
COPYR.DMA Build013
Double Driver 3.0
DriveImage XML 2.14
DriverBackup! 1.0.3
Drive SnapShot 1.40
FastCopy 2.01
G4L Ghost 4 Linux 0.34a
GImageX 2.0.17
InfraRecorder 0.50
Partition Image - PartImage 0.6.9
Partition Saving 3.80
RegBak 1.0
Raw Copy 1.2
ShadowCopy 1.00
SelfImage 1.2.1.92
Smart Driver Backup 2.12
WhitSoft File Splitter 4.5a
XXClone 0.58.0
BIOS / CMOS Tools
Award DMI Configuration Utility 2.43
!BIOS 3.20
BIOS Cracker 5.0
BIOS Utility 1.35.0
CMOS 0.93
DISKMAN4
Kill CMOS
UniFlash 1.40
ඉතුරැ ටික මෙතනින් ගන්න>>
Friday, August 27, 2010
Domain User Account එකක් Auto Logon කරන්නේ කොහොමද?
- මුලින් computer එක Domain එකට ඇඩ් කරන්න.
- ඊලගට admin account එකට ලොග් වෙන්න.
- start -> run -> regedit ගහලා enter කරන්න.
- ඊට පස්සේ මේ පාත් එකට යන්න HKEY_LOCAL_MACHINE ->> SOFTWARE ->> Microsoft ->> Windows NT ->> Current Version ->> Winlogon
- ඉන් පසු දකුණු පසට එන තිරයේ "DefaultDomainName" එක right click කරලා modify click කරලා Domain Name type කරන්න.
- ඉන් පසුව mouse right click ->> New ->> String Value click කර පසුව එන සංවාද කොටුවට DefaultPassword ලෙස නව String Value එකක් ඇඩ් කරන්න.
- දැන් අවසාන අදියර ලෙස දකුණුපස ඇති තිරයේ වු AutoAdminLogon මත right click කර modify click කර එහි 0 ලෙස ඇති අගය 1 ලෙස වෙනස් කර ok කර එම තිරයෙන් ඉවත් වන්න.
- දැන් පරිගණකය නැවත පණගන්වන්න. එය automatically log on වනු ඇත.
Tuesday, August 24, 2010
ඇසට නොපෙනෙන Mouse
මෙම තාක්ෂණයට අනුව පරිගණකයට අධොරක්ත උපකරණයක් සවිකල යුතු අතර එහි කිරණ රැසක් විහිදේ. මෙයින් විහිදෙන කිරණ හදුනා ගන්නට කැමරාවක්ද ඇත.
සාමාන්‍යයෙන් Mouse තිබේ යැයි සලකා එම ස්ථානයේ අත තබා ගත යුතුය. අධොරක්ත කිරණ රැසක් එතනට වැටී පවතී. අපි දබර ඇගිල්ලෙන් Mouse ක්ලික් කල විට වෙනස් වන අධොරක්ත කිරණ ධාරාව කැමරාව විසින් හදුනා ගනී. ඉන් පසු සිදු වු වෙනස්කම් පරිගණකය වෙත දන්වයි. ඇගිල්ල එහා මෙහා ගෙන යන විට මවුස් පොයින්ටර එක ඊට අදාලව වෙනස් වේ.
මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර 20 වෙන බව www.gadgetvenue.com වෙබ් අඩවියේ දැක්වේ. (රැ 2000ක්). පහත විඩියෝ දර්ශනය මගින් එහි ක්‍රියාකාරිත්වය දැක්වේ. උපුටා ගැනීම www.gadgetvenue.com වෙබ් අඩවියෙනි.
Sunday, August 22, 2010
Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.
- පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
- ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
- එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
- ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
- Add forwarding Address මත මව්ස් ඔබන්න.
- ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk
- ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.
- දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.
- මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
Saturday, August 21, 2010
ලංකාවේ කොම්පියුටර් හදන හොරැ...
මම මේ කතාව කිව්වේ ඔගොල්ලොත් කොම්පියුටර් එක හදන්න දෙනව නම් විස්වාසවන්ත තැනකට දෙන්න. නැත්තම් නැති ලෙඩ ඇති කරල අතේ තියන ගානකට තට්ටු කරන්න තමා හදන්නේ. කොම්පියුටර් එක හදන්න දෙනව නම් හොද කල්පනාවෙන්...
New Folder.exe වෛරස් එක පරිගණකයෙන් ඉවත් කරන ආකාරය
- ඉස්සෙල්ලම මේ මෘදුකාංගය බා ගන්න මෙතන ඔබන්නකෝ.
- ඊලගට මෘදුකාංගය විවෘත කරන්න.
- එවිට එහි ඇති සියලු ගොනු C දෘඩ තැටිය තුල SDFix නමින් නව ගොනුවක් සෑදී එයට ඇතුලු වනු ඇත.
- ඉන් පසු පරිගණකය නැවත පණ ගන්වන්න.
- පරිගණකය නැවත පණ ගැන්වීමේදී F8 යතුර එබූ විට ලැබෙන තිරයෙන් Safe Mode තෝරා ගන්න.
- පරිගණකය desktop එකට පැමිණි පසු start -> run Click කර මෙම විධානය කේතනය කරන්න C:\SDFix\RunThis.bat පසුව OK විධානය දීමෙන් පසු දිස් වන තිරයට y කේතනය කර ඉදිරියට යන්න.
- දැන් පරිගණකය Scan වීමට පටන් ගනී. මේ සදහා ටික වේලාවක් ගත වනු ඇත.
- පසුව පරිගණකය නැවත පණගැන්වීමට අවසර ඉල්ලයි. ඉන් පසුව Scan වී අවසන් බව දර්ශනය වනු ඇත.
- ඉන් පසු පරිගණකයේ ඇති වෛරස් ඉවත් වනු ඇත.
Autorun.inf වෛරස් එක සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් Delete කරන්නෙ කොහොමද?
01 ක්‍රමය
command promt (CMD) එක විවෘත කර පහත පරිදි type කරන්න.
ඒ ආකාරයටම වෛරස් ඇති සියලුම partition වලට මෙම විධානය දෙන්න. මෙම විධානය දුන් පසුව පරිගණකය Reboot කරන්න.
01 ක්‍රමය
මෙම ක්‍රමය මෘදුකාංගයක් භාවිත කරමින් මෙම වෛරස් එක ඉවත් කිරීමයි. මෙහිදී ඔබගේ USB Pen එක Plug කර මෙම මෘදුකාංගය ක්‍රියාතමක කල විට එහි ඇති වෛරස් සියල්ල ඉවත් වෙනු ඇත. ඉන් පසුව පරිගණකය Reboot කරන්න.
මෘදුකාගය භා ගැනීමට මෙතන ඔබන්න.
Subnet Calculate ලේසි ක්‍රමයකින් කරන්න
මට නම් මේ මෘදුකංගය ගොඩක් ප්‍රයෝජනවත් වුනා. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් බා ගෙන බලන්න.
මෙන්න මෙතනින් බා ගන්න.
Friday, August 20, 2010
පරිගණකයේ Pen Drive Disable කරන්නේ කොහොමද?
USB Port එකට Plug කරන Pen Drive විතරක් block කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමටය අනුව USB Port එකට Plug කරන අනිත් Device වැඩ කරනවා. මේ ක්‍රමය මෙහෙයුම් පද්ධතියේ රෙජිස්‍ටරි එක edit කරලත් කරන්න පුලුවන්. නැත්තම් ලේසිම ක්‍රමය තමා මම ඉහතින් රෑපයේ දක්වා තිබෙන මෘදුකාංගය මගින් තත්පර ගාණකදි කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය run කරල "Disable USB Drives" tic එක දාලා apply විධාන බොත්තම එබුව නම් ඉතින් පෙන් ගහනව බොරැ. බොරැ නම් කරල බලන්නකෝ!!
මෙන්න මෙතනින් බා ගන්න
Thursday, August 19, 2010
එක ගලෙන් කුරැල්ලො 8 දෙනෙක් (Remove Restrictions Tool)
ඉතින් වෛරස් එකක් නිසා ඔබගේ පරිගණකයේ folder options නැති වුනොත් එය යථා තත්වයට පත් කර ගන්න ඔබට රෙජිස්‍ට්‍රිය edit කරන්න වෙනවා. එය පරිගණකයේ ගොනු සැලසුම පිළිබද මනා අවබෝධයක් ඇතිව කරන්න ඕන. එහෙම අවබෝධයක් නැති කෙනෙකුට මෙම කාර්්‍යය ඉතා පහසුවෙන් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන කියන්නයි මේ හදන්නේ. ඉහතින් රෑපයේ දක්වා ඇති අන්දමට ඔබට යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම තෝරා ගැනීමෙන් පසුව GO යන විධානය දීමෙන් පසුව ඔබ තෝරා ගත් පහසුකම යථා තත්වයට පත් වනු ඇත.
වෛරස් නිසා ඇති වන අපහසුතා වලට මේ වගේ මදුකාංග ලග තියාගෙන ඉන්න එක ඉතාම වැදගත්.
මෙම මෘදුකාංගය බා ගැනීම සදහා මෙතන ඔබන්න
Wednesday, August 18, 2010
Firefox අලුත්ම සංස්කරණය එළි වුනා
අලුත් සංස්කරණයේ වෙනස්කම් රාශියක් දැක ගන්න පුලුවන්
මෙහි දක්නට ලැබෙන අලුත් පහසුකම් නම්
- මල්ටිටච් පහසුකම - එනම් ටච් ස්ක්‍රීන් සහිත පරිගණයක මෙම බ්‍රවුසරයක් ක්‍රියාත්මක කල හැකි සේ සකසා තිබීමය.
- වෙබ් ජීඑල් පහසුකම - ත්‍රීඩී ගැපික්ස් සහිත වෙබ් අඩවි අමතර ප්ලගින් ස්ථාපිත නොකොට බලාගන්නට හැකි වීම.
- ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමේ පහසුව - එනම් භාවිත කරන්නාගේ අවශ්‍යතාවය අනුව අමතර ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමට ඇති හැකියාවයි මෙහිදී ඇඩ් ඔන් කළමණාකරණය සදහා වෙනම ටැබ් එකක් ඇත.
- මෙනු බටන් අන්තර් ගත කොට තිබීම - මෙහිදී නිතර භාවිතා කරන ප්‍රධාන විධාන සදහා බටන් එකතු කර තිබීම.
- HTML 5 සහ CSS සදහා සහය දැක්වීම - මෙය HTML 5 ලැන්වේජ වලට ගැලපෙන සේ නිර්මණය කර තිබීම.
Firefox අලුත්ම සංස්කරණය බා ගන්න මෙතන ඔබන්න.
Monday, August 16, 2010
Format Factory 1.70 ගැන...
විඩියෝ /ඔඩියෝ ෆයිල් Convert කරන විට අපට ඒ සදහා tool එකක් භාවිතා කරන්න වෙනව. ඒ සදහා tool සොයන විට අපට ලෑබෙන ගොඩක් ඒව trail version. ඒ නිසා අපට අවශය කාර්යය නිවෑරදිව කරගන්න ලෑබෙන්නෙ නෑහෑ. බොහොමයක් වල විනාඩියක් වගේ පොඩි කාලයක් තමා Convert කරන්න දෙන්නෙ. සමහර විට අපි ලග තියන විඩියෝ එක එකට tool කරන්නෙ support නෑති වෙන්නත් පුලුවන්. ඉතින් මේ ප්‍රශ්නයට උත්තරයක් විදියට හොද tool එකක් ගැන කියන්නයි මම හදන්නෙ.
මේ tool එකේ නම තමා "format factory". මේ tool එක භාවිත කරල ඔබට පුලුවන් ඕනම Video එකක් ඕනම format එකකට convert කර ගන්න. Audio Video මේ ඕනම ගොනුවක් ඕනම format එකකට convert කර ගන්න මේ tool එකට පුලුවන්.
ඔබටත් මේ එක බා ගන්න ඔනෙ නම් පහත link එක click කරන්න
http://isohunt.com/torrent_details/193157421/avi+to+swf?tab=summary