Friday, April 29, 2011

3

Symantec Ghost Server ගැන දන්නවද? 1 කොටස

  • Friday, April 29, 2011
  • Damith Marathunga
  • Symantec Ghost කියන්නේ ඉතාම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. මේ ගැන ඉතින් ගොඩක් අය දන්නව ඇතිනේ. මෙමගින් කරන්නේ එක පරිගණකයක දෘඩ තැ‍ටියේ පිටපතක් ගන්න එක. ඉන් පසු එය එවැනි වෙනත් එවැනි පරිගණකයකට නැවත පිටපත් කරල ඉතාම ඉක්මනට පරිගණකයට ක්‍රියත්මක කරන්න පුලුවන්.
    මම අද කියන්න යන්නේ මෙම මෘදුකාංගයේ Server සංස්කරනය මගින් නෙට්වර්ක් එක භාවිත කරල remote place එකකට දෘඩ තැටියේ පිටපතක් ගැනීම සහ ලබා ගත් පිටපත නැවත ස්ථාපනය කිරීම ගැනයි. මෙය වඩාත්ම වැදගත් වෙන්නේ කාර්්‍යාලීය පසුබිම තුල යි. සියලුම පරිගණක වල මේ ආකාරයට පිටපත් ලබා ගත් පසුව අවශ්‍ය ඕනම වෙලාවක නැවත විනාඩි ගණනකින් එම ස්ථානයේදීම ලබා ගත් පිටපත නැවත ස්ථාපනය කරන්න පුලුවන්.

    මේ සදහා අපට අවශ්‍ය කරන කරන දේවල්

    මෙහි Hiren's Bootable CD කලින් ලිපියකත් මම සදහන් කලා. දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. අපි මුලින්ම Symantec Ghost Server මෘදුකාංගය යොදාගෙන remote place එකකට C: දෘඩ තැටියේ පි‍ටපතක් ගනිමු.
    • මුලින්ම GhostSrv.exe එක විවෘත කරන්න.
    • දැන් ‍එහි session name එකට නමක් දෙන්න. මේ සදහා කුමක් හෝ දීම ‍ප්‍රමානවත්‍. ‍අපි දෙමු test කියල. ඊලගට create image කියන තැන ටික් කරන්න.
    • දැන browse ක්ලික් කර පිටපත සෙව් කිරිමට අවශ්‍ය තැනක් සහ නමක් ලබා දෙන්න. මෙහිදී අඩුම වශයෙන් 2GB වත් ඉඩ ඇති partition එකක් ලබාදෙන්න.
    • පසුව Disk සහ partition ඇති ස්ථානයේ partition ලෙස ටික් කරන්න. මෙහි සම්පූර්ණ දෘඩ තැටියේම පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය නම් Disk ටික් කරන්න.
    • දැන් Accept Clients ක්ලික් කරන්න.
    • පහත රෑපය බලන්න















    දැන් Server මෘදුකාංගයේ වැඩ ටික ඉවරයි. දැන් අපට තියෙන්නෙ Ghost එක ගහන එක.

    අපි බලමු කොහොමද අනිත් පරිගණකයෙන් Ghost ගහන්නෙ කියල.

    • මුලින්ම BIOS වලට ගිහින් CD එකෙන් Boot වෙන්න set කරන්න.
    • දැන් Network Boot Rom එක enable කරන්න.
    • ඉන් පසු Hiren's Bootable CD එකෙන් Boot කරන්න.
    • Dos Boot CD තෝරන්න.














    Backup tools තෝරන්න.














    Norton Ghost 11.5.1 තෝරන්න














    Ghost With Network Support තෝරන්න.














    ඉන් පසුව Ghost මෘදුකාංගය open වනු ඇත. මෙය open විට machine එකෙහි IP Address එක Automatically DHCP server එක මගින් assign කිරීමට පුලුවන. නැතිනම් manual IP Address එක ලබා දීමටද පුලුවන. මම මේ අවස්ථාවේදී භාවිත කලේ DHCP server එක මගින් assign කිරීමයි.

    Ghost open වීමෙන් පසුව මේ ආකරයට යන්න Ghost cast >> Unicast >> Seassion Name : test >> Server IP Address 192.168.13.133 (Server IP Address යනු අපි GhostSrv.exe එක run කරන ලද පරිගණකයේ IP Address කය.)
    රෑපය බලන්න.















    • ඉන් පසුව ඔබට පිටපත් කිරීමට අවශ්‍ය දෘඩ තැටිය තොරන්න. එනම් C: Drive එක.
    • දැන් Image File එක Compress කිරීමට අවශ්‍යද නැද්ද අහනව. එයට අවශ්‍යනම් high කියල දෙන්න.
    • දැන් proceed කරන්න. ඉන් පසු ඔබට පෙනෙයි Ghost Server එකෙහි progress bar එක පිරෙනව.
    • කාර්්‍යය නිම වූ පසුව massage එකක් ලැබෙනු ඇත.

    දැන් Image File එක සාර්ථකව පිටපත් වී අවසන්. Image File නැවත restore කරන ආකරයත් ඉතාම ලේසියි. ඒක මම ඊ ලග ලිපියෙන් කියන්නම්. නැත්තම් මේ ලිපිය ගොඩක් දිග වෙනවා. මේක කරල බලන්න. කාර්්‍යාල පරිසරය තුල මෙය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි.
    Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

    Link to අයි.ටී කතා in Your Site

    read more
    10

    Livewire 1.11 Pro Unlimited මෙන්න.

  • Damith Marathunga
  • මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සිප්සල අඩවියට මෙම මෘදුකාංගය හදුන්වා දීම පිලිබද. ඒ ලිපිය බැලුවෙ නැතිනම් මෙන්න මෙතන ඔබන්නකෝ. හරි දැන් ඉතින් ඒක බැලුවනේ. එම මෘදුකාංගයේ Pro Edition එක මගෙ ලග තියනව. ඒ ලිපියේ "මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි." කියල තිබුන නිසාත් මගෙ ලග තියන මෘදුකාංගය සියලු දෙනාගේ ප්‍රයෝජනයට share කරන්න හිතුවා. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් වටිනව. මොකද circuit එකක් කලින්ම design කරල වැඩ කරනවද නැද්ද කියල බලන්න පුලුවන්නේ. ඒ නිසා ගොඩක් පහසුයි. මෙන්න යොමුව අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්නකෝ. අදහස් උදහස් ලියල තියල යන්නත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මම ගියා.

    Livewire 1.11 Pro Unlimited මෙන්න බා ගන්න.


    ‍Link to අයි.ටී කතා in Your Site
    read more

    Saturday, April 23, 2011

    0

    වෙබ් කැම් එක surveillance camera එකක් විදියට භාවිත කරන්න මෙන්න මෘදුකාංගයක්

  • Saturday, April 23, 2011
  • Damith Marathunga
  • මම කියන්න යන්නෙ වෙබ් කැම් එක surveillance camera එකක් විදියට භාවිත කරන්න පුලුවන් මෘදුකාංග ගැන. මේවා බාගැනීම සදහා රෑපය මත ක්ලික් කරන්න. බාගෙන බලන්නකෝ.
    • Rise Sun Software
















    • Prog’z WebCamSpy














    • TeboCam
    read more
    0

    වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7 තුල නොපෙනෙන හා නමත් නොමැත් Folder එකක් හදමු.

  • Damith Marathunga
  • මේක ටක් ගාල කරන්න පුලුවන් පුංචි වැඩක්. ඔන්න මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්කෝ.

    • Start Button එක Click කරල Character Map එක Search කරන්න.
    • දැන් character Map එක Open කරල එහි blank Column එක double click කරන්න. (රෑපය බලන්න)
















    • දැන් Copy button එක Click කරන්න.
    • ඉන් පසුව අලුතින් folder එකක් සාදා එය rename ක්ලික් කර (F2) paste (Ctrl + V) කරන්න. දැන් එහි නම සදහා හිස් තැනක් පෙන්වයි.
    • දැන් අපට තියෙන්නේ icon එක hidden කරන එක. ඒ සදහා Right click කර Properties>> Customize>>Change Icon
    • ඉන් පසුව blank Icon එක තෝරන්න.



















    දැන් ඉතින් වැඩේ හරි. මෙය වින්ඩෝස් වල තියෙන පහසුකම් බාවිත කරල කරන්න පුලුවන් සරලම ක්‍රමයක්.
    read more

    Wednesday, April 20, 2011

    1

    යන යන වෙබ් අඩවියේ right click කරන්න බැරිද?

  • Wednesday, April 20, 2011
  • Damith Marathunga
  • කස්ටිය බ්ලොග් වල ලියල තියන දේවල් හොරා ගන්න නිසා ගොඩක් අය බ්ලොග් මත  right click කරන එක disable කරනව. එක හරි. මමත් ඉතින් එහෙම කරලනෙ තියෙන්නේ. එත් ඉතින් අපට right click කරන්න ඕනම වුනා කියල හිතන්නකෝ. ඒ වෙලාවට කරන්න පුලුවන් දෙයක් ගැන තමා මම කියන්න යන්නේ. අදාල දේවල් කොපි කරගන්න ඕන නම් තවත් ක්‍රම තියනවා. ඒත් මේ විධියත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි ඒ වගේ වෙබ් අඩවියක් මත right click කරන්න enable කරගන්නේ.


    ඔබ Internet Explorer Browser එක භාවිත කරනව නම්
    • Tools>Internet options>Security යන්න.
    • ඊලගට Custom Level Click කරන්න.
    • Scripting කියන කොටසට යන්න.
    • දැන් Active Scripting කොටස තුල disable ටික් කරන්න. මෙමගින් JavaScript සහ vb script disable වෙනවා. ඒ නිසා අපි වෙබ් අඩවිය තුල දාල තියන JavaScript run වෙන්නේ නැහැ.
    • OK Click කරලා browser එක restart කරන්න.
    ඔබ Mozilla Firefox Browser එක භාවිත කරනව නම්
    •  Tools>Options>Content යන්න.
    • Enable JavaScript කොටුව තුල ඇති ටික් එක ඉවත් කරන්න.
    • දැන් Ok Click කරන්න.

    ඔබ Google Chrome Browser එක භාවිත කරනව නම් 

    • දකුණු පස ඇති Wrench Icon එක මත ක්ලික් කරන්න.
    • Options ක්ලික් කරන්න.
    • Under the Hood tab එක මතට යන්න.
    • Content Settings වල JavaScript මතට යන්න.
    • java script Disable කරන්න.
    • දැන් වෙබ් අඩවියට ගොස් right click කරන්න.
     මේ සදහා තවත් විවිධ ක්‍රම භාවිත කරන්න පුලුවන්. මේ එක් ක්‍රමයක් පමණයි.
    read more

    Saturday, April 16, 2011

    14

    විනාඩි 15 න් XP දාන්න.

  • Saturday, April 16, 2011
  • Damith Marathunga
  • සාමාන්‍යයෙන් XP දාන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් විනාඩි 15න් විතර දාන්න පුලුවන් නම් කාලය කොච්චර ඉතුරැද නේද. මෙන්න ඒකට ක්‍රමය. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරල බලන්නකෝ.

    • සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.
    • set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.
    • format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
    • reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.
    • දැන් තමා අපේ වැඩේ කරන්න වෙලාව.
    • SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.
    • දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.
    • ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority
    දැන් ඉතින් වැඩේ ගොඩ. කරල බලන්න. comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.
    read more
    0

    Thumb.db file එක ඉවත් කරන්න දන්නවද?

  • Damith Marathunga
  • ඔබ දැකල ඇති පරිගණකයේ partition එකක් විවෘත කල පසු රෑපයේ දැක්වෙන file එක folders ඇතුලෙ තියනවා. අද මම කියන්න යන්නේ මෙම file එක ඉවත් කරගන්නා ආකාරය ගැන. මුලින්ම

    • "WINDOWS EXPLORER" විවෘත කරන්න.
    • දැන් මෙනු බාර් එකේ "TOOLS" ක්ලික් කරන්න.
    • ඉන් පසුව "FOLDER OPTIONS" යන්න.
    • "VIEW" මත ක්ලික් කරන්න.
    • "FILES & FOLDERS" කොටස තුල "DO NOT CACHE THUMBNAILS" යනුවෙන් දැක ගත හැකි වේ. මෙය ටික් කරන්න.
    දැන් thumbnail file සියල්ල ඉවත් වනු ඇත.
    read more

    Monday, April 11, 2011

    4

    2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් නොමිලේ ලබාගන්න කැමතිද

  • Monday, April 11, 2011
  • Damith Marathunga
  • ඔන්න මම අද කියන්න යන්නේ නොමිලේම 2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් ලබාගන්නා ආකාරය ගැන. මීට අමතරව ඔබට මෙම පහසුකම්ද ලබා ගන්න පුලුවන්.

    * New! Host 5 domains
    * cPanel control panel
    * Softaculous 1-click installer
    * No adverts on your site
    * 50 Email accounts
    * 10 FTP accounts
    * Web mail
    * Spam assassin
    * Virus scanner
    * 10 MySQL 5.1 databases
    * phpMyAdmin
    * PHP 5.3
    * Perl
    * CGI
    * Python
    * Curl
    * GD2
    * ImageMagik
    * Analog Stats
    * Webalizer
    * IP deny manager
    * Hotlink protection
    * Leech protect
    * Daily back-ups
    * ionCube decoder
    * Zend optimizer
    * Web-based file manager
    * Web disk
    * Back-up wizard
    * Website optimizer

    දැන් ඉතින් දන්නවනේ මොනවද ලැබෙන පහසුකම් කියල. දැන් බලමු කොහොමද මේක ලබාගන‍්නෙ කියල. මුලින්ම http://www.freechristianhost.com/ වෙබ් අඩවියට යන්න. පසුව එහි Sing up කියන තැන ක්ලික් කරන්න. දැන් ඔබට Shopping Cart එක පෙන්වයි. එහි ඇති Order Now ක්ලික් කරන්න. දැන් ඔබට පුලුවන් ඔ‍බ දැනටත් මිලදී ගෙන ඇති domain එකක් ඇඩ් කර ගැනීමට නැතිනම් මෙමගින ලබාදෙන free sub domain එක ලබා ගැනීමට. ඉන් පසුව ඔබෙන් අහයි ‍ඔබ මෙය භාවිතා කිරීමට බලාපොරොත්තු වන කාර්්‍යය කුමක්ද කියල. එහි ඔබට අවශය දෙයක් ලබා දී cart එක checkout කරන්න. දැන් ඔබෙන් අසන තොරතුරැ ලබා දී Complete Order දෙන්න. දැන් ඔබට Order එක Confirm කරල ඊ මේල් එකක් ලැබෙයි. නමුත් ඔබේ ගිනුම ක්‍රියත්මක වීමට ටික වේලාවක් ගත වෙනවා.

    ගිනුම ක්‍රියත්මක වීමෙන් පසුව බ්‍රව්සරයේ http://xxxxxxx.freechristianhost.com/cpanel යනුවෙන් type කර user name, password type කර ලොග් වන්න. password වෙනස් කරගැනීමට Client Area මගින් හැකියාව ඇත. ඔබත් උත්සහ කරල බලන්න. ගැටලුවක් තියනවනම් අහන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
    read more

    Thursday, April 7, 2011

    0

    Vodafone R201 MiFi: 3G සම්බන්ධතාවය Wi-Fi වලට පරිවර්තනය කරන්න

  • Thursday, April 7, 2011
  • Damith Marathunga
  • Wi-Fi පහසුකම සීමිත ප්‍රදේශ තුල භාවිතය සදහා Vodafone විසින් Vodafone R201 MiFi උපකරණය හදුන්වා දී තිබෙනවා. මෙය ප්‍රමානයෙන් 98mm x 62mm x 14mm වන අතර බර ග්‍රෑ 90කි.

    Wi-Fi පහසුකම සහිත උපකරණ 5කට එකවර Vodafone R201 MiFi උපකරණය සමග සම්බන්ධ වී සේවා ලබාගැනීමට හැකියාව පවතී. මෙම උපකරණයට HSDPA 7.2 Mbps, HSUPA 5.76 Mbps and Wi-Fi 802.11b/g යන ජාල හා ක්‍රියා කිරිමට හැකියාව ඇත. තවද මෙය 1400mAh විදුලි කෝෂයකින් ක්‍රියාකරන අතර අවශය නමි ප්‍රධාන විදුලියෙන් හා USB සම්බන්ධතාවයෙන්ද ක්‍රියා කරවිය හැක.

    මෙය Wi-Fi පහසුකම නොමැති විට ජංගම දුරකතයක් ලැප්ටොප් පරිගණයක් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
    read more

    Tuesday, April 5, 2011

    1

    බ්ලොග් අඩවියට Side Shortcut Widget එකක් එකතු කරගන්න

  • Tuesday, April 5, 2011
  • Damith Marathunga

  • මෙම side widget මගින් ඔබගේ

    1. Face book fan page or profile.
    2. Twitter profile page
    3. Linked In Profile page
    4. RSS feed subscription link
    5. Email Subscription link and much more. වැනි දේ එකතු කරගන්න පුලුවන්.

    • දැන් බලමු මෙය කොහොමද එකතු කරග‍න්නෙ කියල. මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Design යන්න.
    • පසුව Page Elements වල Add a Gadget ගිහින් HTML/JavaScript තෝරන්න.
    • දැන් පහත සදහන් link එකෙන් code එක බාගෙන HTML/JavaScript තුලට පිටපත් කරන්න.
    code එක බාගන්න මෙතන ඔබන්න

    පසුව "Put your Twitter profile Link here" යන කොටසට අදාල url එක යොදා සේව් කරන්න. උදාහරණ ලෙස ‍facebook ​සදහා අදාල කො‍ටසට ඔ‍බගේ ‍facebook profile url ‍එක යොදා සේව් කරන්න. ඉන් පසුව බ්ලොග් අඩවියට ගොස් ඔබ යෙදූ Side Shortcut Widget එක නිවැරදිව ක්‍රියා කරනවද බලන්න.

    ප්‍රශ්නයක් තියනවනම් අහන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා.
    read more

    Receive Free Updates

    Subscribe